Thursday, August 8, 2013

ප්‍රශ්න ගොඩක් එක උත්තරයක්


අවුරුදු කිහිපයක් වෙනත් රටක ඉඳල පහුගිය දවසක නිවාඩුවකට ලංකාවට ආපු මගෙ මිතුරියක් එක්ක වුනු කතාවකින් මගේ පොස්ට් එක පටන් ගන්න හිතුවා. ලඟදි හම්බවෙලා ආ ගිය තොරතුරු විස්තර කතා කරද්දී ඇය කියනවා ඒ රටවල් වල මිනිස්සුත් එක්ක බලද්දී අපේ රටේ මිනිස්සු මාර හොඳයිලු, ගතිගුණ, සමාජ සම්බන්ධතා එකිනෙකා ගැන හිතන පතන විදිය මේ හැම දේම අතින් ලංකාවෙ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නවලු. ඇත්ත වෙන්න ඇති මං මොනව කියන්නද, මම ඉතිං මේකෙන් එලියට අඩියක් ගහල වත් තියෙයියැ, ඉතිං ඒ මනුස්සය දැකල විඳලා තියෙන දේවල් වල හැටියට ඒ අදහස පිළිගන්න සිද්ධ වෙනව. ඒත් මේකේ ජිවත් වුනු ඔබට මට ඇයි එහෙම හිතෙන්නෙ නැත්තෙ? අපේ සමාජය ගැන කතාකරද්දි මට නම් මේ දේශපාලනික ප්‍රවාහයට අහුවෙලා නන්නත්තාර වෙලා ඉන්න අපිම ගැන හිතෙන්නෙ පිළිකුලක්. මේක මහ කාලකන්නි රටක් කියල නොහිතෙනවා කිවොත් ඒක බොරුවක්. අපේ මිනිස්සුන්ගෙ ගතිගුණ වටිනාකම් පරයල මට මතක් වෙන්නෙ පාට පක්ෂ වලට අපේ උන් ගහ මරාගෙන ලේ හලාගන්න හැටි. 

මෙච්චර කාලයක් මේකේ හිටපු මට අපේ වටිනාකම් නොපෙනී අර සමාජ වාතාවරණය පෙනෙන්නෙ ඇයි? 

අවුරුදු දෙක තුනක් මෙහෙ නොහිටපු ඒ මනුස්සයට මට පෙනෙන සමාජය නොපෙනී අර අපේ වටිනාකම් පෙනෙන්නෙ ඇයි? 

එකම සමාජය ගැන දෙන්නෙක් ට දෙවිදියකට පෙනෙන්නෙ ඇයි? 

Thursday, August 1, 2013

මම දැන් වයසයි




සෑහෙන කාලෙකට පස්සෙයි බ්ලොග් එක පැත්තෙ ඇවිත් පෝස්ට් එකක් දාන්නෙ. හිතේ තිබ්බත් කාලෙක ඉඳන් මොනව හරි ලියන්න වෙලාවක් කලාවක් නැති එකත් එක්ක හැමදේම වෙනස් වෙනව. දැන් මෙහෙම නම් තව අවුරුදු 2 3 කට පස්සෙ මොනවා වෙයිද කියල මටම හිතාගන්න බෑ. කාලෙකින් ලියන නිසා එක පාරට මොනවත් ඔලුවට එන්නෙත් නෑ. ඒ නිසා මොනව හරි වැදගත් දෙයක් මතක් වෙනකල් ඊයේ පෙරේදා වුන පොඩි සිදුවීමක් ගැන කියන්නම්.


තුන්වෙනි වසරේ දෙවෙනි සමාසික විභාගය ඉවරවෙලා සති දෙක හමාරක විතර පොඩි නිවාඩුවක් හම්බවුනේ research එකේ data collection එකට. අපේ research එක ඉස්කෝලෙ යන පොඩි උන් ගැන. පොඩි කීවට ඉතිං 9, 10, 11 වසර වල ඉන්න උන් ගැන තමයි කරන්නෙ. ඉස්කෝල ගානෙ ගිහිං පොඩි උන්ගෙ ඇස් බලන්න තමයි තියෙන්නෙ. අපේ කරුමෙටම සෙට් වුනේ ඉස්කෝල වලත් නිවාඩු කාලෙටමයි. මොනා කරන්නද, නිවාඩු දෙන්න කලින් ඉස්කෝල 2ක් වත් කරලා ඉවරකලොත් හොදයි කියල හිතුන නිසා අපිත් වැඩේට බැස්ස.