Wednesday, May 7, 2014

ෂික්, මේ හෙල්ත් කෙයා එක නම් හරිම අන්තිමයි

මා දැන් වයසට ගොස්‌ ඇත. ඉස්සර වගේ හැමවෙලේම හිතට එන හැමදේම කියන්නට දැන් බැරිය, වයසට යනවත් එක්ක, දැනුම් තේරුම් වැඩි වෙනවත් එක්ක, ඕනෙම වෙලාවට විතරක් කට අරින එක පුරුදු විය යුතුය. පහුගිය කාලෙම කියන්න තරං දෙයක් නැති වුණේ ඒ නිසාය. ඒත් මේ දවස් වල සිද්ද වුන දේවල් නිසා මටද කට පොඩ්ඩක් ඇරියොත් හොඳයි කියා සිතුනි. 

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පහුගිය ටිකේ මහා අවුල් ගොඩකය. එකක් ඇපොතිකරි අය MBBS ඉල්ලීමය, තවෙකක් සහෝදර සම සෞඛ්‍ය සිසුන්ගේ '3+1' අවුලය, අනික පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හා හෙද හෙදියන් අතර ඇති 'සූතිකාගාර පුහුණු' අවුලය. මම දන්නා හැටියට නම් ඕවා අද ඊයේ පටන් ගත් ඒවා නම් නොවේය, නමුත් ඕවාගෙන් වෙන්න පුළුවන් හොඳම එක පහුගිය දවසක කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් පටන් ගත්තේය. අන්තිමට රට පුරා ඉස්පිරිතාල 650කටද වැඩේ පැතිරුනේය. ඒ නිසා මුලින් 'සූතිකාගාර  පුහුණුවෙන්' පටන් ගනිමි. මේ කියන්නට යන්නේ මට තේරෙන විදියටය, මේවා කියවා කවුරුවත් මට ගහන්නට එන්නට නම් එපාය. කියන්න තියෙන ඒවා කොමෙන්ටු වලින් කියා නතර වුණොත් කාට කාටත් හොඳය.