Saturday, November 17, 2012

ලාංකීය සිනමා රසිකත්වය කොයිබටද?


පහුගිය දවසක පේරෙ පුරාම දූසමාන ආරංචියක් පැතිරුණා AT එකේ කර්ම පෙන්නනවයි කියල. ඔය අතරෙ පෝස්ටර් පාරකුත් ගියා ඔය වගේ කතාවකුත් එක්ක, හැබැයි එකේ තිබ්බෙ කර්ම පෙන්නනවා කියල නම් නෙවෙයි, සංකාරා බලන්න - කර්ම කතාකරන්න කියල. ආයෙ ඉතින් ප්‍රසන්න ජයකොඩිට පිස්සුවක් ඇතැයි තාමත් චිත්‍රපටි හෝල් වල දුවන කර්ම පිනට කැම්පස් එකේ උන්ට පෙන්නන්න. පෙන්නනවනම් මමත් එක පයින් යන්න තමයි හිටියෙ. දැන් ඉතිං කර්ම ගැන මොනාද කතා කරන්න තියෙන්නෙ? තවත් විචාරයක්ද? හෙහෙ මතක වෙද්දිත් කලින් දවසක හන්තානේ කතාව බලල කාපු පරිප්පුව මතක වුණා. එත් ඉතිං හැම එකම එක වගේ නෑනේ. ඒ හින්ද මේකටත් යන්න හිතාගත්ත. එත් ඉතිං ඔය එන මනුස්සයො කියන ඒවා තේරෙයිද අඩුගානේ කර්ම trailer එකක්වත් බලල නැති මට. චිත්‍රපටියක් බලල ඉන්න එපැයි ඒකෙ විචාරය තේරුම් ගන්න. ඔන්න ඒ හින්දම ඔය විචාරයට කලින් දවසක ගියා කර්ම බලන්න. හුටා හෝල් එක ලගට ගියාමයි දැක්කෙ මේක වැඩිහිටියන්ට පමණයි කියල. "උගත් බුද්ධිමත් වැඩිහිටි ඔබ වෙනුවෙන්" කියල කලින් පෝස්ටර් වල දැකල තිබ්බට මොකාටද තේරෙන්නෙ වැඩිහිටියන්ට පමණයි කියල. දැන් ඉතිං මොනා කරන්නද, අයෙ හැරිල එන්නැයි, විචාරෙ අහන්නත් එපැයි. ඒ හින්දම හිත හදාගෙන ජිවිතේ පළවෙනි වතාවට වැඩිහිටියන්ට පමණයි ලේබල් එකක් බලන්න හෝල් එකකට ගොඩවුනා. ODC ටිකට් එකකුත් අරං ගිහිං පිටිපස්සෙ ඉදන් පේලියක් දෙකක් ඇරලා වාඩිවුණා. ටිකකින් කර්ම පටන් ගත්ත. 

Tuesday, November 13, 2012

හන්තානේ කතාව



ඔටුවෝ, sex, පබිලිස් අයියලා, ආදරය, ragging, සිරිපාලලා, හරමානිස්ලා, දේශපානලනය, හන්තාන
   
මේ වචන set එකත් එක්ක තිබුන දැන්වීම පහුගිය සතියේ කැම්පස් එකේ notice බෝඩ් එකක් ගානේ ගහල තිබුනෙ ලඟදි දවසක එකේ පෙන්නන්න හදන 'හන්තානේ කතාව' චිත්‍රපටිය ගැන හැමෝටම දැනගන්නයි. එත් එක්කම දැන්වීමේ යටින්ම තිබුනෙ හතලිස් වසරකට කලින් පේරාදෙණිය ගැන බලන්න කතාකරන්න දැනගන්න එන්න කියලයි. අන්න ඒ නිසාම ඕකට තියෙන ආසාවට මමත් තව යාළුවො කීප දෙනෙක් එක්ක සරසවි කලාගාරයට වැස්සේම ගොඩ වුනේ මොකද්ද මේ පෙන්නන පේරාදෙණිය කියල බලාගන්නයි. කොහොම උනත් වෙලාවටම චිත්‍රපටිය පටන් ගත්ත. නා කපන වැස්සෙ වුනත් AT එක House Full.

1: කවුද මචං ඒ බඩුව
2: ඒ අර විනයගෙ දුවනෙ මචං
1: කාගේ වුණත් මරු බීට් එක මචං
2: කාපං ඉතිං තවත් සපත්තුවක්
    මූත් සක්කරයා වගේනෙ එහෙං රාණියි මෙහෙන් ධම්මිකායි
1: දහසකුත් මල් දකින ඇස දෙකයි අත් දෙකයි ඇඟිලි දහයයි, ඒ ඇඟිලි සනසන්න මල් පිපෙයි

Wednesday, November 7, 2012

පොතක තිබ්බාලු මෙහෙම


"බොහෝ අය පෙම් සබඳතා පවත්වාගෙන යන්නෙ, එම සබඳතාව ගිලිහී ගිය පසු තමා සිතට දැනෙන දුක දරාගන්න අපහසු නිසා. එසේත් නැතිනම් තවත් කෙනෙකුට වූ පොරොන්දුවක් අහේතුකව කඩකරන්න අපහසු නිසා, එසේත් නැති නම් එම සබඳතාව නිසා තමා සිතට දැනෙන සතුටට සුවයට ලොබ බඳින නිසා. එම පෙම් සබඳතාව බිඳී ගිය දාට මේ සියල්ල නැති වේ, යැයි තමා සිතට දැනෙන අනියත බිය නිසා.

එහෙත් මෙවැනි අයෙකු ළඟ ආදරයක් නැත
. සැබෑ ආදරය ගඟක් වැනිය. එය නිරන්තරයෙන් ගලා යයි. එය ඇරඹුණු තැනක මෙන්ම නිමාවන තැනක්ද සෙවිය නොහැක. එය අතිශයින්ම විවෘතය, පවිත්‍රය. ආදරවන්තයන් මිය ගියද, දුරස් වුවද ආදරය සැමදාමත් නොසන්සිඳී පවතියි."