Monday, January 7, 2013

කියවන්නා (The Reader)


50 දශකයේ ජර්මනිය, වයස අවුරුදු 15ක කොලු ගැටයෙක්, මයිකල් බර්ග් (Michael Berg) පාසැලේ ඉඳල ගෙදරට යන අතරමගදී තදබල විදියට අසනීප වෙනවා. ඒ වෙලාවේදී ඔහුට උපකාර කරන්නෙ හැනා ෂ්මිට් (Hanna Schmitz), 32 හැවිරිදි කාන්තාවක්. ඇය ඔහුව තමන්ගෙ ගෙදරට එක්කගෙන ගිහින් ප්‍රතිකාර කරනව. තමන්ගේ රෝගය සුව වුනාට පස්සෙ මයිකල් හැනා ගෙ නිවසට එන්නෙ මල් පොකුරකුත් අරගෙන එදා ඇය කරපු උපකාරයට ස්තුති කරන්න. ඒ හමුවීමෙන් පස්සෙ එකිනෙකා ගැන ආකර්ෂණය වන ඔවුන්ගෙ සම්බන්ධය ලිංගික සම්බන්ධයක් දක්වා දුරදිග යනවා. වයස අවුරුදු 15ක කොලු ගැටයෙක් වුන මයිකල් මේ අහම්බෙන් තමන්ට ලැබුණු අත්දැකීමේ ආශ්වාදයට ඇබ්බැහි වෙනව. ඔහු ඉන් පස්සෙ හැමදාම පාසැල් ඉවරවෙලා තමන්ගේ ගෙදරට නැතුව, හැනාගේ ගෙදරට දුවගෙන යන්නෙ ඇය සමඟ තමන්ගෙ දිනයෙ ඉතුරු ටික ගතකරන්නයි.

Wednesday, January 2, 2013

මම - ඔබ

ඔබ දනී මට වඩා ඔබ ගැන
දනී ඔබට වඩා මා ගැන
නොහිතුනත් මට වඩා මා ගැන
හිතෙනවා මට වඩා ඔබ ගැන
නොසඟවා සිතුවත් ඔබ ගැන
සඟවන්නේ මා බියෙන් මා ගැන