Showing posts with label සමාජ. Show all posts
Showing posts with label සමාජ. Show all posts

Wednesday, May 7, 2014

ෂික්, මේ හෙල්ත් කෙයා එක නම් හරිම අන්තිමයි

මා දැන් වයසට ගොස්‌ ඇත. ඉස්සර වගේ හැමවෙලේම හිතට එන හැමදේම කියන්නට දැන් බැරිය, වයසට යනවත් එක්ක, දැනුම් තේරුම් වැඩි වෙනවත් එක්ක, ඕනෙම වෙලාවට විතරක් කට අරින එක පුරුදු විය යුතුය. පහුගිය කාලෙම කියන්න තරං දෙයක් නැති වුණේ ඒ නිසාය. ඒත් මේ දවස් වල සිද්ද වුන දේවල් නිසා මටද කට පොඩ්ඩක් ඇරියොත් හොඳයි කියා සිතුනි. 

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පහුගිය ටිකේ මහා අවුල් ගොඩකය. එකක් ඇපොතිකරි අය MBBS ඉල්ලීමය, තවෙකක් සහෝදර සම සෞඛ්‍ය සිසුන්ගේ '3+1' අවුලය, අනික පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හා හෙද හෙදියන් අතර ඇති 'සූතිකාගාර පුහුණු' අවුලය. මම දන්නා හැටියට නම් ඕවා අද ඊයේ පටන් ගත් ඒවා නම් නොවේය, නමුත් ඕවාගෙන් වෙන්න පුළුවන් හොඳම එක පහුගිය දවසක කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් පටන් ගත්තේය. අන්තිමට රට පුරා ඉස්පිරිතාල 650කටද වැඩේ පැතිරුනේය. ඒ නිසා මුලින් 'සූතිකාගාර  පුහුණුවෙන්' පටන් ගනිමි. මේ කියන්නට යන්නේ මට තේරෙන විදියටය, මේවා කියවා කවුරුවත් මට ගහන්නට එන්නට නම් එපාය. කියන්න තියෙන ඒවා කොමෙන්ටු වලින් කියා නතර වුණොත් කාට කාටත් හොඳය.  

Tuesday, November 12, 2013

මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි නොවැම්බරයයි



එක එක විදියේ කුමන්ත්‍රණ අතරේ නොවැම්බරයත් එළැඹුණි. නොවැම්බරය නම් මාරය. හැම ජාතියකම ඕනෑම දෙයක් නොවැම්බරයේ සිදු විය හැක. අප ජනපති ගෙ උපන්දිනයද අහම්බෙන් වගේ නොවැම්බරයේ ඇත. ඔහු දිනුවේද නොවැම්බරයේය. රටක් හොල්ලන අය වැය ද සමහර දාට එයි. ඔය හැම එකටම වඩා මේ පාර නොවැම්බරය පට්ට වැදගත්ය. ලොවක් හමුවන රටක් ජාතක වන වෙලාව යෙදී ඇත්තේ මේ නොවැම්බරයේය. මේ චෝගම් කාලයයි. දැන් මාස ගණනක සිට මුළු රටම එක සේ මේකට සැරසෙයි. බලන බලන අත පාට පාට කොඩිය, පත්තර, රේඩියෝ, ටීවී පමණක් නොව ෆේස්බුක් එකේද චෝගම් ය. ඒ මදිවාට රට පුරා පාගමන් රථ පෙරහද චෝගම් ගැනය. චෝගම් වෙනුවෙන් ගිනිසිළුවක් රැගෙන නොගියා පමණි. එච්චර අය මෙච්චර ඕක ගැන කියවන්නේ මොකක් හරි ලල් එකක් ඕකේ ඇති නිසාය. මට නම් හැඟුනේ ඔච්චරය. 

Thursday, August 8, 2013

ප්‍රශ්න ගොඩක් එක උත්තරයක්


අවුරුදු කිහිපයක් වෙනත් රටක ඉඳල පහුගිය දවසක නිවාඩුවකට ලංකාවට ආපු මගෙ මිතුරියක් එක්ක වුනු කතාවකින් මගේ පොස්ට් එක පටන් ගන්න හිතුවා. ලඟදි හම්බවෙලා ආ ගිය තොරතුරු විස්තර කතා කරද්දී ඇය කියනවා ඒ රටවල් වල මිනිස්සුත් එක්ක බලද්දී අපේ රටේ මිනිස්සු මාර හොඳයිලු, ගතිගුණ, සමාජ සම්බන්ධතා එකිනෙකා ගැන හිතන පතන විදිය මේ හැම දේම අතින් ලංකාවෙ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නවලු. ඇත්ත වෙන්න ඇති මං මොනව කියන්නද, මම ඉතිං මේකෙන් එලියට අඩියක් ගහල වත් තියෙයියැ, ඉතිං ඒ මනුස්සය දැකල විඳලා තියෙන දේවල් වල හැටියට ඒ අදහස පිළිගන්න සිද්ධ වෙනව. ඒත් මේකේ ජිවත් වුනු ඔබට මට ඇයි එහෙම හිතෙන්නෙ නැත්තෙ? අපේ සමාජය ගැන කතාකරද්දි මට නම් මේ දේශපාලනික ප්‍රවාහයට අහුවෙලා නන්නත්තාර වෙලා ඉන්න අපිම ගැන හිතෙන්නෙ පිළිකුලක්. මේක මහ කාලකන්නි රටක් කියල නොහිතෙනවා කිවොත් ඒක බොරුවක්. අපේ මිනිස්සුන්ගෙ ගතිගුණ වටිනාකම් පරයල මට මතක් වෙන්නෙ පාට පක්ෂ වලට අපේ උන් ගහ මරාගෙන ලේ හලාගන්න හැටි. 

මෙච්චර කාලයක් මේකේ හිටපු මට අපේ වටිනාකම් නොපෙනී අර සමාජ වාතාවරණය පෙනෙන්නෙ ඇයි? 

අවුරුදු දෙක තුනක් මෙහෙ නොහිටපු ඒ මනුස්සයට මට පෙනෙන සමාජය නොපෙනී අර අපේ වටිනාකම් පෙනෙන්නෙ ඇයි? 

එකම සමාජය ගැන දෙන්නෙක් ට දෙවිදියකට පෙනෙන්නෙ ඇයි?