සෑහෙන කාලෙකට පස්සෙයි බ්ලොග් එක පැත්තෙ ඇවිත් පෝස්ට් එකක් දාන්නෙ. හිතේ තිබ්බත් කාලෙක ඉඳන් මොනව හරි ලියන්න වෙලාවක් කලාවක් නැති එකත් එක්ක හැමදේම වෙනස් වෙනව. දැන් මෙහෙම නම් තව අවුරුදු 2 3 කට පස්සෙ මොනවා වෙයිද කියල මටම හිතාගන්න බෑ. කාලෙකින් ලියන නිසා එක පාරට මොනවත් ඔලුවට එන්නෙත් නෑ. ඒ නිසා මොනව හරි වැදගත් දෙයක් මතක් වෙනකල් ඊයේ පෙරේදා වුන පොඩි සිදුවීමක් ගැන කියන්නම්.
තුන්වෙනි වසරේ දෙවෙනි සමාසික විභාගය ඉවරවෙලා සති දෙක හමාරක විතර පොඩි නිවාඩුවක් හම්බවුනේ research එකේ data collection එකට. අපේ research එක ඉස්කෝලෙ යන පොඩි උන් ගැන. පොඩි කීවට ඉතිං 9, 10, 11 වසර වල ඉන්න උන් ගැන තමයි කරන්නෙ. ඉස්කෝල ගානෙ ගිහිං පොඩි උන්ගෙ ඇස් බලන්න තමයි තියෙන්නෙ. අපේ කරුමෙටම සෙට් වුනේ ඉස්කෝල වලත් නිවාඩු කාලෙටමයි. මොනා කරන්නද, නිවාඩු දෙන්න කලින් ඉස්කෝල 2ක් වත් කරලා ඉවරකලොත් හොදයි කියල හිතුන නිසා අපිත් වැඩේට බැස්ස.
බොරු කියන්නෙ මොකටද කැම්පස් ආවට පස්සෙ ඔය ඉස්කෝලෙකට ගියාමයි. හරියටම අවුරුදු 4 කට පස්සෙ. අපි අතරෙ හිටපු හුඟ දෙනෙක් එහෙමයි. අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියා, එත් අවුරුදු 4 කට පස්සෙ ආයෙත් ඉස්කෝලෙකට අඩිය තියනකොට මට නම් ආයෙත් ඉස්කෝලෙ යනවා වගේද කියල හිතුන. හැම තැනම පොඩි උන් පන්ති වලින් එලියට බැහැල කැරකි කැරකි ඉන්නෙ උන්ටත් වැඩ නැති හින්දයි වෙන්න ඇති. term test එකත් ඉවර වෙලා නිවාඩු දෙන්න කලින් දවස දෙක ගැන ඉතිං කාටවත් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒ වගේ ආතල් දවසට ඇවිත් මේ පොඩි උන්ට කරදර කරන එකත් අපරාදෙ කියල මට නොහිතුනා නෙවෙයි. එත් කොල්ලො මොනා කරන්නද අපිත් ගොඩ යන්න එපැයි.
මුලින්ම තිබුනෙ ළමයින්ට පොඩි ප්‍රශ්නාවලියක් දීල තමන්ගෙ ඇස් පෙනීමේ තත්වය ගැන තමන්ගෙ තියෙන දැනුවත්කම බලන එකයි. ඊට පස්සෙ එකා එකා අරගෙන අර ඈත බිත්තියක ගහල තිබුන බෝඩ් එකක (අර ඇස් පේනවද බලන්න කියෝන එක තියෙන්නෙ ) තියෙන අකුරු උන්ට පේනවද කියල බලපු එකයි කලේ. දවස් 2ක් ඉස්කෝල දෙකක ඔය වැඩේ කලා. බෝම අමාරුවෙන් ළමයි 550ක් විතර ඉවර කරගත්ත. වැඩේ ඉවර කරල ආපහු හැරිල බලනකොට ඒ පුංචි උන් එක්ක ගත කරපු වෙලාව කොච්චර සුන්දරද කියල හිතෙනව.
අපිත් එක්ක ගියා අපේ batch එකේ ඉන්න භුතාන ජාතික කෙල්ලෙක්. එයාට අර ඉස්කෝලෙ කොල්ලො කිවේ චංගුමී කියල. උන්ට ඇස් බලාගන්න ඕනෙ අපි ලව්වා නෙවී අර චංගුමී අක්කට කියල. ඒ මදිවට එක පංතියක හිටපු කොල්ලො ටිකක් ඒකිට නටන්න කියලත් කීවා. අපිට මැරෙන්න හිනා ඉතිං. අපිත් ඔතන හිටියනම් වැඩි වෙනසක් නෑනේ කියල හිතුන. ගොඩක් කොල්ලො අපිත්එක්ක හොදට ආතල් එකේ කතා බහ කරලා පිස්සු නැටුව. ඒ අතරේ සමහර පොඩි උන් අපි දෙවෙනි දවසෙ යන්නෙ බාලිකා විද්‍යාලයකට කියල කීවහම එකේ ඉන්න උන්ගෙ කෑලි වලට පණිවිඩ යවන්නත් ඉල්ලුව. ඒ කාලෙට වඩා දැන් උන් හරි දියුණුයි. දැන් ඔයාලට හිතෙනව ඇති මේ මොන මගුලක්ද ලියන්නෙ කියල. කලෙකට පස්සෙ ඇවිත් විකාර කියනවා කියල. ඔව් ඉතිං විකාර තමයි ලියන්න දෙයක් නෑනෙ වෙන :P කෝම උනත් ඉක්මනටම ඉවරකරන්නම්.
ටිකක් පැත්තකට වෙලා කල්පනා කරද්දී මතක් වෙනව මම ඒ කාලෙ ඉස්කෝලෙ ගිය හැටි. යාලුවෝ එක්ක පිස්සු නටපු හැටි. ඒ අතරේ කෝම කෝම හරි විභාගෙත් කරගත්තු හැටි. සමහරු කියනවා ජිවිතේ සුන්දරම කාලෙ පාසල් කාලේ කියල. මමත් කියනව ඔව් කියල. මං මහලොකු කාලයක් ජිවත් වෙලා නැහැ, මහා ලොකු අත්දැකීම් නැහැ එත් මගේ ජිවිතේ තාමත් සුන්දරම කාලෙ ඉස්කෝලෙ කාලෙ තමයි. ඔයාලගෙත් එහෙම වෙන්න ඇති. ඒ අතීතයට ආස නිසාම ගිය බොහොමයක් පන්ති වලදි අර පොඩි උන් ප්‍රශ්නාවලියට උත්තර ලියන අතරෙ මාත් පන්තියෙ පුටුවට වාඩි වෙලා කළු ලෑල්ල දිහා බලන් හිටිය. අපි හැමෝම ඒ අතීතයට යන්න ආසයි. ඒ අතීතය සුන්දරයි. ඒත් අපි වැඩ ඔක්කොම ඉවර කරල අද ඒ ඉස්කෝලෙන් එලියට එනකොට මට හිතුනෙ වෙනම දෙයක්.
ඒ අතීතය කොච්චර සුන්දර උනත් මම ඒ කාලෙට සමු දීල ඉවරයි, කාලය ආපස්සට හරවන්න බැහැ, කාලයත් එක්ක හැමදේම වෙනස් වෙලා, මං අඳින පලඳින විදිය, මගේ යාළුවො, මගේ ගතිගුණ, මං හිතන පතන විදිය, ඒ විතරක් නෙවෙයි මගේ පෙනුමත් ගොඩක් වෙනස් වෙලා. ඒ පොඩි උන් එක්ක බලද්දි මං ගොඩක් වයසට ගිහිං. අද ජිවිතේ පළවෙනි වතාවට මට හිතුන මං තවදුරටත් මං හිතං ඉන්න තරම් තරුණ නැහැයි කියල, මං වයසට ගිහින් කියල. එක සැරයක් ආයෙත් ඉස්කෝලෙට ගිහිං බලන්න ඔයාටත් එහෙම දැනෙයි.
(y)
ReplyDelete(Y)
Deleteමේක කියවනකොට මට අමුතු හැගිමක් දැනුනා... අද අපෙත් පාසල් ජීවිතේ අවසාන දවස... අපි මේ සැරේ ඒ ලෙවල් ලියන්නේ..
ReplyDelete.
පාසැල් ජිවිතේ ගැන මතක් කරන හැම වෙලේම අපි කාටවත් අමිහිරි දෙයක් හිතට එන්නෙ බොහොම කලාතුරකින්. ඉතිං ඔයාගෙ පාසැල් කලෙත් එහෙම වෙන්න ඇති. විභාගේ හොඳට ලියන්න සුබපතනවා මම. ජය...!
Deleteෂැගියාටත් හිතෙනවා මේක කියෙවුවහමම නම් මාත් වයසට ගිහින් කියලා... ඇත්තටම පාසල් කාලය තමයි අපේ ජිවිත වල සුන්දරම කාලය...
ReplyDeleteඒකනෙ ඒකනෙ :) ආයෙත් එන්න ෂැගියෝ (Y)
Deleteමාත් දැන් වයසයි...
ReplyDeletehehe (Y)
Deleteඅද ආවේ පස්සේ එන්නම් ආයේ............
ReplyDeleteහෙහෙ හොදයි හොඳයි
Delete