ඔටුවෝ, sex, පබිලිස් අයියලා, ආදරය, ragging, සිරිපාලලා, හරමානිස්ලා, දේශපානලනය, හන්තාන
මේ වචන set එකත් එක්ක තිබුන දැන්වීම පහුගිය සතියේ කැම්පස් එකේ notice බෝඩ් එකක් ගානේ ගහල තිබුනෙ ලඟදි දවසක එකේ පෙන්නන්න හදන 'හන්තානේ කතාව' චිත්‍රපටිය ගැන හැමෝටම දැනගන්නයි. එත් එක්කම දැන්වීමේ යටින්ම තිබුනෙ හතලිස් වසරකට කලින් පේරාදෙණිය ගැන බලන්න කතාකරන්න දැනගන්න එන්න කියලයි. අන්න ඒ නිසාම ඕකට තියෙන ආසාවට මමත් තව යාළුවො කීප දෙනෙක් එක්ක සරසවි කලාගාරයට වැස්සේම ගොඩ වුනේ මොකද්ද මේ පෙන්නන පේරාදෙණිය කියල බලාගන්නයි. කොහොම උනත් වෙලාවටම චිත්‍රපටිය පටන් ගත්ත. නා කපන වැස්සෙ වුනත් AT එක House Full.
1: කවුද මචං ඒ බඩුව
2: ඒ අර විනයගෙ දුවනෙ මචං
1: කාගේ වුණත් මරු බීට් එක මචං
2: කාපං ඉතිං තවත් සපත්තුවක්
මූත් සක්කරයා වගේනෙ එහෙං රාණියි මෙහෙන් ධම්මිකායි
1: දහසකුත් මල් දකින ඇස දෙකයි අත් දෙකයි ඇඟිලි දහයයි, ඒ ඇඟිලි සනසන්න මල් පිපෙයි
මුළු චිත්‍රපටියෙ කතාවම කෙටියෙන් කියනවනම් මෙහෙමයි.
ගමක ඉදන් අනුර (ටෝනි රණසිංහ) පේරාදෙණියේ කැම්පස් එකට එනවා, ඒකෙදි පොරට කෙල්ලෙක් (දැන් චරිතයේ නමත් මතක නෑ, එත් රඟපෑවේ ස්වර්ණා මල්ලවආරච්චි ඒ නිසා මම ස්වර්ණා කියල කියන්නම්) හම්බ වෙනවා, ස්වර්ණා ප්‍රොක්ටර් ගෙ දුව. ඔය අතරේ ජනප්‍රිය චරිතයක් වුන බන්දු (විජය කුමාරතුංග) ඒ කෙල්ලටම බැල්ම දානවා. ස්වර්ණාගේ හිත ඔය දෙන්නම අතරෙ එහෙට මෙහෙට තල්ලු වේවි යන අතරෙ බොහොම නිහඬ, සාමකාමී චරිතයක් වුන අනුර student council එකට ඡන්දෙ ඉල්ලන්නෙ වටේ ඉන්න යාළුවො වගේම අනිත් අයගෙත් යෝජනා බල කිරීම් වලින්. එක එක යටිකූට්ටු කුමන්ත්‍රණ වලින් ඡන්දෙන් අනුර පරද්දල බන්දු දිනනවා. අනුර - බන්දු වෛර බඳිනවා. ස්වර්ණා බන්දුගේ පැත්තට යනවා, ආයෙ ටික දවසකින් අනුර එක්ක යනවා. අනුර ස්වර්ණාගේ ගෙදර යනවා, දෙමව්පියෝ අඳුනගන්නවා, දෙන්නා යෝජනා වෙනවා. ඔය අතරෙ අනුර බන්දු අතර තිබුන අමනාපකම් නැති වෙනවා. දෙගොල්ලොම හන්තානේ නගිනවා, හන්තානේ උඩදී සිද්දවෙන සමහර සිදුවීම් නිසා ආයෙත් ස්වර්ණාගේ හිත බන්දු දිහාට හැරෙනවා. යාළුවොත් එක්ක විනෝද නොවී පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න අනුර හන්තාන උඩදී දකින බන්දු ගෙයි ස්වර්ණාගෙයි සිපගැනීමේ දර්ශනයෙන් පස්සේ ස්වර්ණාව අතැරලා යාළුවො පිරිස එක්ක නටමින් විනෝද වෙනවත් එක්ක චිත්‍රපටිය ඉවර වෙනවා.
"පොත්වල දී හමුවුණ මේ වගේ සාධු චරිත තියෙන ගෑනු මට නම් කවදාවත් හමුවෙලා නෑ, හමුවෙන්නෙත් නෑ."
ඉතින් චිත්‍රපටිය ඉවරවුනාට පස්සෙ පුරුදු විදියටම ඒ ගැන විචාරයක් සහ සංවාදයක් පැවැත්වුනා. ඒ සඳහා බුද්ධිමය දායකත්වය දුන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම උගත් විද්වත් ආචාර්යවරයෙක්. විචාරය සහ සංවාදයෙන් ඒ චිත්‍රපටය ගැන විවිධ ආකාරයේ මත ඉදිරිපත් වුනා.

සරල ආදර කතාවක් තිබුනාට ඊට පිටුපසින් හැටේ දශකයේ අග භාගයේ විශ්වවිද්‍යාල සංස්කෘතියේ තිබුන විවධ අංග, මහා සංස්කෘතියෙන් විශ්වවිද්‍යාල උප සංස්කෘතියට වෙන බලපෑම, තනි පුද්ගලයෙක් වුනත් තීරණ ගැනීමේදී අනුර වටේ ඉන්න අයගෙන් වෙන බලපෑම, කැම්පස් එකට ආවත් ගෙදරත් එක්ක තියෙන පෙකණිවැල නොකැඩී තියෙන හැටි, අම්මා, හැත්තෑව අසූව දශකයේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා ගොඩනැගුනු සමාජවාදී විප්ලවයට කලින් සමාජවාදය විශ්වවිද්‍යාලයට එන්න කලින් කාලයේ එහි තිබුන පරිසරය සහ ක්‍රියාවන්, නවකවදයේ (ඔවුන් කියන නවක අනුරූපතාව) මුල් අවධිය ආදී තවත් නොකී බොහෝ දේවල් ගැන මෙහෙදී සංවාදයට භාජනය වුනා.
හිමාල වනයෙන් පැමිණි නන්දිතා කැම්පස් හැම තැන වනසන්නා
රඹයුරු සොලවා පියයුරු ගස්සා ඒ අත මේ අත සොලවන්නා
කුමක් ද මේකට කරනා පිළියම - කුරිරු දරුණු මේ සතුරා නැසුමට
කියමුය පබිලිස් අයියට ගොසිනා සතුරා පිට මං කරන ලෙසා
කාටවත් අගෞරව කරනවා නෙවෙයි, චිත්‍රපටය පෙන්නලා කල ක්‍රියාව හැල්ලුවට ලක් කරනවත් නෙවෙයි, නමුත්, චිත්‍රපටය අවසානයේදී මට හිතුන දෙයක් තමයි මේකෙ විචාරය කරන්න දෙයක් තියෙනවද කියල. බැලුවට බැලුව. මම විචාරකයෙක් නෙවෙයි, කවදාවත් එහෙම වෙන්නෙත් නැති වෙයි, ඇත්තටම විචාරයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලවත් අදහසක් මට නම් නැහැ. නමුත් මට හිතෙන විදියට යමක් බලල ඉවර වුනාට පස්සෙ තමන්ගේ හිතට දැනෙන දේට වඩා තවත් හොඳ විචාරයක් තවත් තියෙන්න විදියක් නැහැ. ඕනවට වඩා ඒ නිර්මාණය ගැන කතා කරන්න කරන්න සිද්ද වෙන්නේ අපි අතින් නැති කැටයම් ඒ නිර්මාණයට වැටෙන එක විතරයි. හන්තානේ කතාව ට විචාරයක් එකතු කිරීමෙන් සිද්ද වුනෙත් ඒ වගේ දෙයක් කියලයි මට හිතුනෙ. සමහර විට චිත්‍රපටයේ නිර්මාපකයෝ අර කලින් කීව කිසිම දෙයක් ගැන හිතන්න නැතුව ඇති. මේක තවත් එක කතාවක් විතරයි වෙන්නත් ඇති. හන්තානේ කතාව බැලුවට පස්සෙ ඒ ගැන හිතන්න දෙයක් නෑ, ගෙදර ගිහින් කල්පනා කරන්න දෙයක් නැහැ, හරියට සුජීව ප්‍රසන්නආරච්චිගේ නවකතාවක් කියෙව්වා වගේ තමයි. මට තියෙන ප්‍රශ්නෙ තමයි අනිත් විචාරත් මේ වගේද, විචාරෙකින් කරන්නේ නැති වටිනාකමක් යමකට ලබා දෙන එකද?
හන්තානේ කතාව බලල විචාරෙත් අහල ආපහු බෝඩිමට එන අතරේ අපිට මතක් වුන පුංචි කතාවක් තිබුන.
පුංචි ළමයෙක් චිත්‍රයක් ඇන්ද, තනි රතු පාටින්. ඒක දැකපු ගුරුවරයා පුදුම වෙලා අනිත් ගුරුවරුත් එක්ක ඒ ගැන කීවා. හැමෝම කතා වුනේ ඒ ළමයාගේ දක්ෂතාවය. චිත්‍රයෙ වර්ණ සංයෝජනයෙන් ඒ ළමයාගේ හිතේ තියෙන දේවල් ප්‍රකාශ වෙනවලු, සමහර විට ළමයාගේ හිතේ ප්‍රචණ්ඩකාරී හැඟීම් තියෙන්න පුළුවන්ලු, ළමයාගේ මානසික තත්ත්වය වගේම සමහර විට නිවසේදී ළමය මුහුණ දෙන ප්‍රශ්න ගැන වුනත් මේ චිත්‍රයෙන් අදහසක් ගන්න පුළුවන්ලු. කතාබහ ඉවර වෙලා අර ගුරුවරයා ළමයත් එක්ක කතා කළා.
ගුරුතුමා: පුතා ඔයා ඇයි මේ චිත්‍රයට රතු පාට විතරක් පාවිච්චි කරන්න තීරණය කලේ?
ළමයා: මගෙ පාට පෙට්ටියෙ ඉතුරු වෙලා තිබුනේ රතු පාට විතරයි ටීච
ළමයා: මගෙ පාට පෙට්ටියෙ ඉතුරු වෙලා තිබුනේ රතු පාට විතරයි ටීච
ප:ලි කාගෙත් ප්‍රයෝජනයට ඔන්න හොයාගන්න පුළුවන් වුන ආසන්න කාලෙදි පේරාදෙණිය සරසවියේ පින්තුර ටිකකුත් පල්ලෙහායින් දැම්ම
Ow ban, rate loke nathi ewa kianawa boruwata discussion eke :P
ReplyDeletehehe eka nam aththa, ekane uba awe naththe neda? :P
Deleteඅදමයි මෙ පැත්තට ආවෙ වටිනා ලිපියක් අකුරු තව ටිකක් ලොකු කරා නම් හොදයි.. අයෙමත් එන්නම් ජයෙන් ජය..
ReplyDeleteයෝජනාවට ස්තුතියි, කීපදෙනෙක්ම කීවා. ස්තුතියි
Deleteහන්තානේ කතාව චිත්‍රපටියක් විදිහට ගත්තොත් මහා ලොකු අගය කිරීම්, විචාර කරන්න තරම් දෙයක් නෑ කියල මමත් විශ්වාස කරනවා.. ඒ උනාට සංවාදය ආරම්භයේදීම ඒ කරුණ අමරකීර්ති සර් මතක් කරා ( අහගෙන හිටියනම් මතක් වෙයි ), සංවාදයට එක්වුනු තවත් සහෝදරයෙකුත් ඒ ගැන කිවුවා.
ReplyDeleteමේ ෆිල්ම් එකේ වැදගත්කම තියෙන්නෙ පේරාදෙණියේ අද්දැකීම් තියෙන ශිෂ්‍ය ප්‍රජාවට, ගුරුවරුන්ට ආදී , ඒ හා සම්බන්ධකම් තියෙන මිනිස්සුන්ටයි. ඉතින් එහෙම සම්බන්ධකමක් තියෙන පුද්ගලයෙක් එදා සංවාදය තේරුමක් නැති දෙයක් කියල කියනවනම්...... අනේ මන්ද... එක්කො ඒ මිනිහා කැම්පස් එකේ ඉන්නවට ඉන්න මිනිහෙක්ද කියලත් හිතෙනව....
( ද්වේශ සහගතව දාපු කමෙන්ට් එකක් කියලනම් හිතන්න එපා)
ඔබේ කමෙන්ටුවට සරලවම උත්තර දෙන්නම්, මම මේ පොස්ටුව ලීවේ හන්තානේ කතාව චිත්‍රපටයක් විදියට අරගෙනයි.
Delete("හන්තානේ කතාව චිත්‍රපටියක් විදිහට ගත්තොත් මහා ලොකු අගය කිරීම්, විචාර කරන්න තරම් දෙයක් නෑ කියල මමත් විශ්වාස කරනවා.") ස්තුතියි.
අනිත් කරුණ මම කියන්න හැදුවෙ "හන්තානේ කතාව" හෝ "පේරාදෙණියේ වැදගත්කම" නෙවෙයි, චිත්‍රපටි විචාරය කියන ක්‍රියාවලිය චිත්‍රපටයේ අන්තර්ගතයෙන් කොයි තරම් බැහැරවීමක් සිදු වෙලාද කියල එක. ඇත්ත, විචාරය පුද්ගලානුබද්ධයි, මම ද පුද්ගලයෙක්මි.
(ඒ ඇරුණු කොට චිත්‍රපටය නරඹද්දී සහ සංවාදයේදී පේරාදෙණියේ අත්දැකීම් ලබබු ඔබට දැනුන හැඟීමම මටත් දැනුනා, සමාවෙන්න මම ඒ ගැන නෙවෙයි කතා කලේ)
පේරාදෙණියෙ විතරක් නෙවෙයි, මුළු විශ්ව විද්‍යාල පද්දතියෙම දේශපාලනික ගමන්මග ගැන හොඳ සාකච්ඡාවක් ඒදා ආරම්භ උනා.. අනිත් කරුණ තමයි, නිකම්ම නිකන් චිත්‍රපටි විචාරයක් කිරීම නෙවෙයිනෙ එදා සංවාදයේ අරමුණ උනේ. කාමර ඇතුලට වෙලා ස්වයංව හිරකාරයෝ වෙලා ඉන්න ශිෂ්‍යයන්ව වඩාත් සංවාදශීලී මනුශ්‍යයෙක් කරන එක තමයි අරමුණ උනේ. ඉතින් ඒකට හොඳ ආරම්භයක් හන්තානේ කතාව ලබාදුන්න.
ReplyDeleteආයෙත් ඔබටත් ඒ පිලිතුරමයි, මම කතා කරන්න හැදුවෙ එදා සංවාදයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාවට ලබාදුන්නා අලුත් ආරම්භය නෙවෙයි. ඔබ මා දන්නවා, ඒ ආරම්භය අපිට අද අවශ්‍යයි, ඒක ලැබුනා, අවිවාධිතයි. නමුත් පෝස්ටුව චිත්‍රපට විචාරය ගැනයි. ස්තුතියි, ආයෙත් එන්න.
Delete