Wednesday, May 7, 2014

ෂික්, මේ හෙල්ත් කෙයා එක නම් හරිම අන්තිමයි

මා දැන් වයසට ගොස්‌ ඇත. ඉස්සර වගේ හැමවෙලේම හිතට එන හැමදේම කියන්නට දැන් බැරිය, වයසට යනවත් එක්ක, දැනුම් තේරුම් වැඩි වෙනවත් එක්ක, ඕනෙම වෙලාවට විතරක් කට අරින එක පුරුදු විය යුතුය. පහුගිය කාලෙම කියන්න තරං දෙයක් නැති වුණේ ඒ නිසාය. ඒත් මේ දවස් වල සිද්ද වුන දේවල් නිසා මටද කට පොඩ්ඩක් ඇරියොත් හොඳයි කියා සිතුනි. 

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පහුගිය ටිකේ මහා අවුල් ගොඩකය. එකක් ඇපොතිකරි අය MBBS ඉල්ලීමය, තවෙකක් සහෝදර සම සෞඛ්‍ය සිසුන්ගේ '3+1' අවුලය, අනික පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හා හෙද හෙදියන් අතර ඇති 'සූතිකාගාර පුහුණු' අවුලය. මම දන්නා හැටියට නම් ඕවා අද ඊයේ පටන් ගත් ඒවා නම් නොවේය, නමුත් ඕවාගෙන් වෙන්න පුළුවන් හොඳම එක පහුගිය දවසක කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් පටන් ගත්තේය. අන්තිමට රට පුරා ඉස්පිරිතාල 650කටද වැඩේ පැතිරුනේය. ඒ නිසා මුලින් 'සූතිකාගාර  පුහුණුවෙන්' පටන් ගනිමි. මේ කියන්නට යන්නේ මට තේරෙන විදියටය, මේවා කියවා කවුරුවත් මට ගහන්නට එන්නට නම් එපාය. කියන්න තියෙන ඒවා කොමෙන්ටු වලින් කියා නතර වුණොත් කාට කාටත් හොඳය.  



සූතිකාගාර පුහුණුව ප්‍රශ්ණය ඇත්තේ  පවුල් සෞඛ්‍ය සේවිකාවන් හා හෙද හෙදියන් අතරය, නමුත් මෙහි කොනකට වෛද්‍යවරු ද ගෑවී ඇත. මේ ඔක්කොම කුණුහරපය තේරුම්ගන්නට මට සැහෙන්න දේවල් කියවන්නට විය, ඒත් තාම හරිහැටි තේරුමක් ආවේද නැත. තේරුන හැටියට වෛද්‍යවරුන් හැර සූතිකාගාර පුහුණුව ලබන කොටස් දෙකකි. වින්නඹු අම්මලා සහ තෝරාගත් හෙදියන් කොටසක් ඒ අයය. සූතිකාගාර පුහුණුව ලබා දෙන්නේ ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අධීක්ෂණය යටතේය. ලංකාවේ වෛද්‍ය ආඥා පනතේ 94 වැනි වගන්තියට අනුව දරුවක්ව මෙළොවට ගන්න උදව් කරන්න පුළුවන් වෙන්නේ වෛද්‍යවරයකුට හැර වින්නඹු මාතාවන්ට පමණයිලු. ඒ නිසා සූතිකාගාර පුහුණුව ලැබූ හෙදියකටත් ළමයෙක් ඩිලිවර් කරන්නට බැරිය, ඔවුනට ඒ පුහුණුව දෙන්නේ ළමයෙක් හම්බවෙනකොට ඇති වන සංකුලතා හඳුනාගෙන ඒවාට සුදුස්සක් කිරීමටය. ඉස්පිරිතාල වල ලේබර් රූම් වල ඉන්නේ ඔන්න ඔය ජාතියේ හෙදියන්ය. හෙද හෙදියන් ගොඩාරියක් අවුරුද්දකට එලියට ආවාට ලේබර් රූම් වල වැඩ කරන්නේ ඔය ටික දෙනා විතරය. එහෙනම් ඔක්කෝටම සූතිකාගාර පුහුණුව දෙන්න කියන්නේ මොන එහෙකටද? 


ඒකට උත්තරේ මෙහෙමය, ලංකාවෙ හෙදියකගේ පුහුණු කාලය අවුරුදු 3කි, ඔවුන් කරන්නේ ඩිප්ලෝමාවකි. ඔය කියන සූතිකාගාර පුහුණුවත් සමග පුහුණු කාලය අවුරුදු 4ක් වන අතර ඩිප්ලෝමාව උපාධියක් බවට පත්වෙනවාලු (ඒක වෙන්නේ කොහොමද කියා මට තේරුණේ නම් නැත) එතකොට හෙද හෙදියන්ගේ පඩියද වැඩි වන්නේය. දැන් ඔක්කොම පැහැදිලිය, සූතිකාගාර පුහුණුව ඉල්ලන්නේ බබ්බු හම්බෙන අම්මලාගේවත් හම්බෙන බබාලාගේවත් හොඳකට නොවේය. ඕක කෙලින්ම කීවා නම් හොඳය, බබ්බු හම්බෙන අම්මලාගේ පිට දමා ගොඩ යන්න හදන එක නම් ටිකක් අවුල්ය. 
දැන් ප්‍රශ්ණය ඉන්න වින්නඹු අම්මලාට වෙන්නේ මොකක්ද කියලාය. ඔවුන්ගේ රස්සාවට ෂොට් එක හම්බෙයි වගේය. එහෙම වෙනවා නම් එකත් අවුල්ය. ගණන් හිලවු බැලුවොත් මෙහෙමය
හෙදියක් පුහුණු කරන්නට රු. මිලියන 1.8කි 
වින්නඹු මවක් පුහුණු කරන්නට රු. මිලියන 1.1කි 
එතකොට හෙදියක් පුහුණු කර, සූතිකාගාර පුහුණුවත් ලබා දී හෙදිය වින්නඹු මවක් කරන්නට අඩුම ගණනේ රු. මිලියන 2.9ක් වත් යයි. ඔය ගානට තව ටිකක් එකතු කලොත් අලුත් ජාතියේ හෙද-වින්නඹු මවක් හදන මුදලින් පරණ ජාතියේ වින්නඹු අම්මලා 3ක්ම හදන්නට පුළුවන්ය. ගණන් වල හැටියට ලංකාවට තව වින්නඹු අම්මලා හෙන ගානක් ද උවමනාය.


ඔය දෙගොල්ලගේ හුටපටය ඔහොමය. ඔය අතරේ වෛද්‍යවරු ද ඔය ප්‍රශ්නයට හොම්බ දමති. ඔවුන් මෙහම කතාවක් කියති. ලංකාවෙ මාතෘ මරණ හා ළදරු මරණ අනුපාත හෙනම අඩුය (කතාව ඇත්තය) ඔය අලුත් විදියට වෙන අය වෙන අයගේ රස්සා කොරන්නට ගියොත් ඔය අනුපාත වලට කෙල වන්නට ඉඩ ඇතිලු (වෙන්නේ කෝමද කියා මටද පැහැදිලි නැත). කෝම නමුත් මම දන්නා එක දෙයක් ඇත. ඒ නම් ලංකාවෙ වෙද - හෙද හබය අළු යට ගින්දර වගේ හැමදාමත් ඇවිලෙමින් තියෙන එකක් බවය. එක්ගොල්ලකට අනිත්ගොල්ල පෙන්නන්න බැරිය. ඒ හින්දා දොස්තරලා ඕකට උදැල්ල දැමීමේ පුදුමයක්ද නැත. කෝම නමුත් අපේ සර් කෙනෙක් දවසක් වාට්ටුවේ සිස්ටර් ගෙන් හොඳ එකක් ඇසුවේය. "දැන් මෙච්චර කල් ඔයාල නැතුව ළමයි හම්බුණේ නැතිද?" සිස්ටර්ට කට උත්තර නැතිය. පැත්තක අහගෙන හිටි අපිටත් හෙනම ආතල්ය. සර් ඇහුව කතාව නම් ඇත්තය, මෙච්චර කාලයක් නොතිබුන අවශ්‍යතාවක් හදිසියේ මතු වන්නේ මොකද? උත්තරේ පැහැදිලිය, ජීවන වියදම හරිම වැඩිය, හම්බෙන පඩිය මදිය, ඒ නිසා මොකක් හරි කේස් එකක් දමා පඩි වැඩි කරගත්තොත් සරිය. 


ඔය අතර දෙයියනේ කියා අපිට විභාගෙට පාඩම් කරන්න නිවාඩු ලැබුනේය. මේක මහා කරුමයකි නිවාඩු ලැබුනත් ගෙදර යන්න ලැබුනේ නැත. ඉල්ලීම් වලට උත්තර ලැබෙන පාටක් නැති තැන හෙද හෙදියන් වැඩේට බැහැලාය. කරන්න පුළුවන් හොඳම එක කළේය. සෙනසුරාදා ස්ට්‍රයික් එක පටන් ගත්තේය. මේක ලියන අද දවසේ ස්ට්‍රයික් එක නම් නවත්තලාය. දවස් 3ක් ස්ට්‍රයික් කලෝය. හැබැයි කරපු විදිය නම් හරි නැත. අපිට නවතින්නට උනේ වාට්ටු වල හෙදියන්ගේ වැඩ ටික කරන්නටය. හෙද හෙදියන් ලෙඩ්ඩු අත ඇරියාට අපිට එහෙම කරන්නට බැරිය. අපි ඉගෙන ගන්නෙ ඔය ඉස්පිරිතාලේ ඉන්න ලෙඩ්ඩු නිසාය. ඒ නිසා ඔවුන් අසරණ වෙලාවේදී පිහිට වන එක අපේ යුතුකමය. විභාගය පැත්තක තියා දවස් 3ක් ඕකට කැප කලේ ඒ කැක්කුම නිසාය. ආරංචියේ හැටියට ලංකාවේම වෛද්‍ය සිසුන් එහෙම කරලාය. ඒත් වාට්ටු වලට ගොස්‌ බලනකොට හෙදියන්ගේ අම්මලා මතක් වුනි. මුන් ගොස්‌ ඇත්තේ බෙහෙත් කබඩ් ලොක් කොරලාය. ඕනෙ කරන බඩු භාහිරාදිය හංගලාය, අම්මප සමහර වාට්ටු වල ග්ලුකොමීටරේ පවා හොයාගන්න නැත. 


ඔය ඔක්කොම අස්සේ අපි බඩුද සොයගත්තෙමු (ඇත්තටම පරිපාලනය විසින් බඩු සැපයීම තමයි කලේ). වැඩේට බැස්සේය, හිතුව තරං අමාරුවක් නැත. කිසිම අවුලකින් තොරව වැඩ ටික ගානට සිදුවුණිය. කල්පනා කර බලනකොට හෙදියන් කරන්නේ මහා ලොකු වැඩක්ද කියාත් සිතේ. ඔවුන් අවුරුදු 3ක් තිස්සේ පුරුදු වෙන වැඩ ටික අපේ උන් එක දවසෙන් අල්ලා ගත්හ. වාට්ටුවේ ඉඳන් කරන්නේ පොඩි වැඩ ටිකකි. ලේ ගන්න එකත්, තුවාල වල dressing මාරු කරන එකත්, බෙහෙත් බෙදන එකත් එක්ක තව පොඩි පොඩි ලියන කරන වැඩ ටිකකුත්ය. හොඳම වැඩේ, පහුවෙනිදා උදේ ඉස්පිරිතාලෙට ආපු අපේ දෙවන වසරෙ ඉන්න clinical ගැන මෙලෝ හසරක් නොදන්න පොඩි උනුත් ඕව එක දවසින් අල්ල ගත්තු එකය. මේ පොර ටෝක් දීමක් නම් නොවේය. කියන්නට හදන්නේ හෙදියන් නැති වුවත් එදා වාට්ටු වල අගේට වැඩ වුන බවය. නමුත් ඔවුන් නැතිව ශල්‍යාගාර වැඩ වෙන්නේ නැත. දොස්තරලා කරන්නේ ඇවිත් ඔපරේට් කර යන එකය. ඔක්කොම බඩු ගැන දන්නේ හෙදියන්ය. පහුගිය ටිකේ ඒවා වැඩ නැත. ක්ලිනික් වලද ලියන කියන වැඩ කරන්නේ හෙදියන් නිසා ඒවාද පැවත්වී නැත (මට ඇති ප්‍රශ්නය ලිපිකාර රස්සාව කරන්නට මොකට හෙදියන් සිටිනවාද කියාය)


සැබෑය, හෙද හෙදියන් නැතිව වාට්ටු වල ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නට කෙනෙක් නැත. ඔවුන්ගේ වැඩේද හෙදකමය. කතාවට කියන්නේද වෙදකමට වඩා හෙදකම උතුම් කියාය. ඒක නැතිව බැරි 
බව හැමෝම දනී, එය අමුතුවෙන් ඔප්පු කරන්නට දෙයක් නැත. හරි, ස්ට්‍රයික් කොරාට කම් නැත, වෙන කවුරු හෝ ඇවිත් හෙදකම කරාවි, ඒත් ඒ එන උන්ටත් හෙද කම කරන්නට බැරි වෙන්න බඩු හංගන එක නම් හෙනම බලු වැඩක්ය. 

ඔය අතරේ බුකියේ දැක්ක සමහර එවුන් කියන ඒවාට කියන්නට හොඳ දේවල් කටට එයි. හොඳම වැඩේ ඒවා කියන්නේ පොඩි උණක් හැදුනාමත් specialist කෙනෙක් ගාවට දුවන් යන, ආත්මෙකට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහිං බෙහෙත් නොගන්න අපේ සමහරක් පොෂ් අයියලාය. උන්ව එක්කං ඇවිත් පහුගිය දවසක පැයක් දෙකක් වාට්ටුවක තියාගත්තා නම් ඔහොම කියන්නේ නැත. චාටර් පුද්ගලයන් ඕනෙම තැනක ඇතිය. දොස්තරලා අතරද එසේමය. 


සඳුදා(05) උදේ අපේ වාට්ටුවට ලස්සනට ඇඳපු, කොන්ඩේ හැඩ කරපු අක්කෙක් ආවාය, ඇය ඇවිත් තිබුණේ කොහෙන්දෝ වැටී මොකද්දෝ වද්දගෙන වරුවක් ඇඩ්මිට් වෙලා හිටපු එකකට මෙඩිකල් එකක් අරං යන්ටය. වාට්ටුවේ වෙනදාට විමසීම් කටයුතු කරන හෙදියන් එදා නැත. වාට්ටුවේ හිටි එකම දොස්තර අයියාද හිටියේ ලෙඩ්ඩුන්ගේ උදේ බෙහෙත් පංගුව ලබාදෙමිනි. සුළු සේවකයෙක් මහත්තයා එනකල් ටිකක් ඉන්න කියූ නිසා ඇයද ටිකක් බලා සිටියාය. විනාඩි 5ක් පමණ සිටි ඇය "ෂික්, මේ හෙල්ත් කෙයා එක නම් හරිම අන්තිමයි" කියා රවා දමා ගියාය. අපේ රටේ ගොඩක් මිනිස්සු ඉන්නෙ ඕනෙ වෙලාවක දොස්තරලාට බනින්න බලාගේනමය. නමුත් පහුගිය ටිකේ තත්වය අවබෝධ කරගත්, ඉවසීමෙන් කටයුතු කරපු අය ඕනෙ තරම් වාට්ටුවල සිටියෝය. අහිංසක ඔවුන් ලොකුවට ඇඳ පැලඳ හිටියෙ නැති වුනාට, ඉංගිරීසි දන්නෙ නැති උනාට ඔවුන්ගේ හිත හොඳය. පුරුදු නැති අපි කැනියුලා එකක් ගහද්දි පොඩ්ඩක් එහා මෙහා වෙලා එයාලට හොඳටම රිදුණා කියලා අපි දනිද්දීත් "නෑ මහත්තය රිදුණේ නෑ" කියල හිනාවෙලා කියන්න තරම් ඔවුන් ඉවසිලිවන්තය. 
තුති ප්‍රණාම ඔවුන්ටය...!

30 comments:

  1. නියම ලිපිය සහෝ

    ReplyDelete
  2. කුරුණෑගල රෝහලේ Labour room එකේ වුන scene එකේ ඇත්ත කතාව ඒ අම්ම මවුබිමට කියල තිබ්බ. එතෙන්දි nursesල හැසිරුන ආකාරය හා ඊට පස්සෙ සමන් රත්නප්‍රිය පුවත විකෘති කරල දොස්තරලා හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට වරද පටවන්න හදපු එකට ඒ අම්ම හොද කනේ පාරක් ගහල තිබ්බ.
    කාලෙකින් post එකක් නොදාපු මටත් FB එකේ එක එක පක්කලි විස්තර නොදැන කෑ ගහද්දි මේවගේ ලිපියක් ලියන්න තදින්ම වුවමනාව තිබුන. උඹ සිරාවටම ලියල තියෙනව. ආයෙ මට ලියන්න දෙයක් නෑ.
    අසාර්ථක වර්ජනයක ඉච්ඡාභංගත්වය සමන් රත්නප්‍රියට ඉතුරු කරන්න කැපවුන උඹල ගැන ආඩම්බරයි. මොකද්ද මචං faculty එක?

    ReplyDelete
    Replies
    1. ලියන්න දෙයක් නැත්තෙ නෑ බං. ඕව ගැන ඕනෙ තරං දේවල් ලිවහැකි බං. මේ පැත්තට ආවෙ පළවෙනි පාරට නේ? ආයෙත් එන්ට.. ස්තූතියි කීවා ඕන්. facultyය පේරාදෙණිය තමයි බං ;-)

      Delete
  3. ඔයාගේ කතාවත් ඇත්තය. එහෙනම් ලංකාවේ හෙද සේවය අයින් කරලා දාන්න ඕනේ. ඔව් එදාට අපිටත් ඔය පිට රටකට ගිහින් හොදට හම්බ කරගන්න පුළුවන් වෙයි. කොච්චර දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. සහෝදරයා හොඳින් කියවා නැතුවා වගේය.
      "සැබෑය, හෙද හෙදියන් නැතිව වාට්ටු වල ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නට කෙනෙක් නැත. ඔවුන්ගේ වැඩේද හෙදකමය. කතාවට කියන්නේද වෙදකමට වඩා හෙදකම උතුම් කියාය. ඒක නැතිව බැරි බව හැමෝම දනී, එය අමුතුවෙන් ඔප්පු කරන්නට දෙයක් නැත."
      මා ඔහොම කිවේ සිරාවටමය.
      රට යෑම ගැන නම් අවුලක් නැත. ඒක කොරන්නට හෙද සේවය ලංකාවෙන්ම අයින් කරන්නටම උවමනා නැත. රට යන්නටම ඕනෑ නම් රස්සාවෙන් අස් වී අගේට පිට රටකට ගිහින් හොදට හම්බ කරගන්න පුළුවන්ය. ඔව් නේ, කොච්චර දෙයක්ද?

      Delete
  4. sawkya amathyanshaye thanathuru purawagena dushana wancha karana, chanal minisunge salli higakana, minissunge shareera kotas vikunan kana,(padeniyage wakugadu jawarama) ledek amarui kiwwata wattuwata enne nathi, boruwata nurslage strik dawasata vitharak wadakaranawa kiyala media sandarshana vitharak pennana,ratema dushithayan wechcha dostharalata kade giyapu eka kawda me.....?

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට සෑහෙන්නම තද වී වගේය. ඔබ තුමාගේ කතාවෙන් පෙනෙන්නේ එක්කෝ ඔබද ඕකෙන් රිදෙන කට්ටිගෙන් කෙනෙක් බවය, නැත්නම් ටී.වී එකේ සමන් රත්නප්‍රිය මහත්තයා කියන කථා ටික කට පාඩම් කරගෙනම කියන බවය. මට අහන්නට තියෙන්නේ මෙච්චරය
      ඔබතුමා සමන් රත්නප්‍රිය මහත්තයාට කඩේ යනවානම් මමතුමා දොස්තරලාට කඩේ ගියාට මොකද?
      තවද, කවුද කියා අසන්නට උවමනාවක් නැත, බ්ලොගය ලියන්නේ කවුද කියා පින්තුරයක්ද සමග සිංහලෙන් දමා ඇත.
      ස්තුතියි, නැවත එන්න!

      Delete
  5. leddunta oyadakwana karunawa dayawa campus out unamath thiyenawanam monatharam aganeda wenda dosthara mahaththayo neda.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නේ, අවුට් උනාමත් තිබුනොත් සෑහෙන්නම අගනේය. අවුට් උනාම බලමු නේද?

      Delete
  6. oya mahaththaya attatama monatharam aththada kiyanne me rate godak aya thamange kunugodawal wahaganna uthsaha karanne anunge kunugodawal adalami ekata thama behethak hoyagena nane machanla neda.ehema unanam nayata sini kirana eka monatharam durata aduwenawada hodi itin lankawa hindama. Ledunta bokenma awankawa hithe sardawen leddunge yahapatha sadahama kapawi sitina e sadahama rayak dawalak nathuwa kapawi sitina pararthakami lankawe widyawaru anith wurthikainge adyapanaya talala podikarala pagala danta taram nihathamani una eka kochchara watinawada .ewan widyawaru labanta tharam wasana wantha rataka ipadimama monatharam bagyakda deviyani. Sadu sadu sadu...

    ReplyDelete
    Replies
    1. තමන්ට රිදෙනකොට කාට කාටත් අන්තිමට දෙවියන් මතක් වෙනවා වගේය. හැබැයි මේකත් කියන්නට ඕනෑය, ඔක්කොම දොස්තරලා සුදුද නැත, ඔක්කොම දොස්තරලා කළුද නැත. ඉල්ලන එක කෙලින්ම ඉල්ලුවා නම් අගනේය. අපේ පඩි වැඩි කර දෙන්න, අපිටත් වාහන පර්මිට් එක දෙන්න, අපිටත් රෝහල් පරිපාලනය කරන්න දෙන්න. ඔය ටික කෙලින්ම පත්තරේට ටී.වී එකට කීවා නම් හොඳය. මහජනතාවට ඇත්ත හංගා ඕවා ඉල්ලන්නට යාම නරකය. මං කියන්නට හැදුවේ ඕකය.
      ඔබ කියන්නට හදන සමහර දේවලට මටද එකඟ වන්නට ඕනෑය. දොස්තරලාට ද ඕනෙ නැති රෙද්දක් නැත. මටත් ඇති ප්‍රශ්නය ඔය වරප්‍රසාද ටික ගන්නට ඉඩ දෙන්නේ නැත්තේ මොකටද කියාය. උත්තරය නම් එත් පැහැදිලිය. පැහැදිලි ඉරිසියාවය. නමුත් ඔබට ඇත්තේද ඔය පැහැදිලි ඉරිසියාවමය.
      ස්තුතියි...! ආයෙත් එන්න
      ජය

      Delete
  7. Oya vage ati utum dostara mahattayek (honda sihiya tiyena)embiliptiye ledekuta gahala.oya ekat agaya karala article ekak danna.

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ චුට්ටක් විතර වැඩ වැඩිය, මොනා උනත් අදහසට ස්තුතිය. පංකාදු පහය

      Delete
  8. ........................


    ReplyDelete
  9. oba kiyana irisiyawal deke wenasa pahadili kala hakida?.

    ReplyDelete
    Replies
    1. ඔය පැහැදිලි ඉරිසියාවල් දෙකේ වෙනසද හොඳටම පැහැදිලිය. අනිත් අයට දොස්තරලා කෙරේ ඇති ඉරිසියාව පොඩි කාලේ ඉඳන් එන එකකි. ඒ ලෙවෙල් වලින් මෙඩිකල් ෆැකල්ටි එන්නට බැරිවුනු සමහරක් උදවිය එහෙම ආපු අය කෙරේ බඳින ඉරිසියාව අන්තිමට ඉස්පිරිතාලේ ඇතුලටද අරගෙන ඇවිල්ලාය. ඔබට ඇත්තේද ඔය ජාතියේ ඉරිසියාවය. අනිත් අතට දොස්තරලාටද ඉරිසියාවක් ඇත්තේය, ඒ අර කියූ ඉස්පිරිතාලේ ඉන්න අනිත් අය කෙරේය. ඒ ඉරිසියාවට හේතුව ඒ ලෙවෙල් වලට උඩ දාගෙන පාඩම් කර මෙඩිකල් ෆැකල්ටි ගොස්‌, ලංකාවේ විශ්වවිද්‍යාලයක ඇති අමාරුම උපාධිය අවුරුදු 5 6ක්ම හෙනම කට්ට කා පාස් වී, තව consultant කෙනෙක් වෙන්නට ආසා නම් එකටද තවත් අවුරුදු 10ක් විතර මැරීගෙන ගෙන වැඩ කොරාට පස්සේ ඒ වැඩ වලින් බාගයක් වත් නොකරපු කොහෙවත් ඉන්න උන් ඇවිත් සද්ද දමා සම තැන ඉල්ලා ඔලුවට අත හෝදන්නට හැදීම නිසාය.
      ඉරිසියාවල් දෙකේ වෙනස ඕකය...!

      Delete
  10. ad api silwathun kiyana oya dosthara deviwarun ounge illim dina gaththe da boho awasthawala strik karalaya . Ounge strik waladi ounta wiruddawa kisidu urthiya samitiyak kriyakara natha.daruwek adyapanaya labanne awasanaye giwath wimata rakiyawak laba ganima sadahaya .ounge rakiyawa thiranaya wanne pudgalayage dakshathawaya kapawima ha kamaththa mathaya.ek ek kalayata pasal wala wishaya nirdeshayada wenaswei .enam e hoda adyapanayak laba dimataya. Urthiya adyapanayada esemaya waidya adyapanayeda ese nowannedai obama sitha balanna .mata ekdeyak nothere enam heda adyapanaya ha athuru widya wurthikainga adyapanaya whdya adyapanayata abiyogayak wanne keseda kiyaya .eya pahadili karannenam watinneya .

    ReplyDelete