Showing posts with label හිත. Show all posts
Showing posts with label හිත. Show all posts

Thursday, August 8, 2013

ප්‍රශ්න ගොඩක් එක උත්තරයක්


අවුරුදු කිහිපයක් වෙනත් රටක ඉඳල පහුගිය දවසක නිවාඩුවකට ලංකාවට ආපු මගෙ මිතුරියක් එක්ක වුනු කතාවකින් මගේ පොස්ට් එක පටන් ගන්න හිතුවා. ලඟදි හම්බවෙලා ආ ගිය තොරතුරු විස්තර කතා කරද්දී ඇය කියනවා ඒ රටවල් වල මිනිස්සුත් එක්ක බලද්දී අපේ රටේ මිනිස්සු මාර හොඳයිලු, ගතිගුණ, සමාජ සම්බන්ධතා එකිනෙකා ගැන හිතන පතන විදිය මේ හැම දේම අතින් ලංකාවෙ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නවලු. ඇත්ත වෙන්න ඇති මං මොනව කියන්නද, මම ඉතිං මේකෙන් එලියට අඩියක් ගහල වත් තියෙයියැ, ඉතිං ඒ මනුස්සය දැකල විඳලා තියෙන දේවල් වල හැටියට ඒ අදහස පිළිගන්න සිද්ධ වෙනව. ඒත් මේකේ ජිවත් වුනු ඔබට මට ඇයි එහෙම හිතෙන්නෙ නැත්තෙ? අපේ සමාජය ගැන කතාකරද්දි මට නම් මේ දේශපාලනික ප්‍රවාහයට අහුවෙලා නන්නත්තාර වෙලා ඉන්න අපිම ගැන හිතෙන්නෙ පිළිකුලක්. මේක මහ කාලකන්නි රටක් කියල නොහිතෙනවා කිවොත් ඒක බොරුවක්. අපේ මිනිස්සුන්ගෙ ගතිගුණ වටිනාකම් පරයල මට මතක් වෙන්නෙ පාට පක්ෂ වලට අපේ උන් ගහ මරාගෙන ලේ හලාගන්න හැටි. 

මෙච්චර කාලයක් මේකේ හිටපු මට අපේ වටිනාකම් නොපෙනී අර සමාජ වාතාවරණය පෙනෙන්නෙ ඇයි? 

අවුරුදු දෙක තුනක් මෙහෙ නොහිටපු ඒ මනුස්සයට මට පෙනෙන සමාජය නොපෙනී අර අපේ වටිනාකම් පෙනෙන්නෙ ඇයි? 

එකම සමාජය ගැන දෙන්නෙක් ට දෙවිදියකට පෙනෙන්නෙ ඇයි? 

Saturday, March 9, 2013

A day for a life time


මාස කීපයක නිහඩ කාලයකට පස්සෙ මොනවා හරි ලියන්න ගත්තත් එක පාරටම ලියන්න දෙයක් හිතට එන්නෙ නෑනෙ.ඉතිං ඒ නිසා අලුතෙන් එකක් ලියනකල්  draft එකේ තිබුන එකක් පොස්ට් කරන්න හිතුවා.මේ මගේහොඳම යාළුවා ගැන, එයාගේ graduation එක දවසෙ මමත් ගියා සෙනට් එක පැත්තේ බලන්න, මොකද ඉතිං convocation එකට ආපු කෙල්ලො ටිකක් එහෙම බලල කැරකිලා එන්න පුලුවන්නෙ. ඒ විතරක්යැ ලේන් එකෙත් නිදහසේ යන්න පුළුවන් එදාට විතරනෙ අපි වගේ උන්ට. එත් දවසෙ අන්තිමට මට හිතුන දේවල් හරිම අමුතුයි. මොකක්දෝ අමාරුවකට එදා ඒවා ලිවෙත් කඩ්ඩෙන්. මීට කලින් කඩ්ඩෙන් මොකුත් ලියලත් නෑ ඕන්. මේක කියවල හිතන්න නම් එපා මුගෙ කඩ්ඩ නම් අන්තිමයි කියල. දන්න විදිහට තමයි ඕන් ලීවේ.

Wednesday, December 26, 2012

වසන්තය එනවා සත්තයි

නොගැයුවත්
විහඟ කැල ගී 
නොපිපුනත් 
ඉතිපුරා සුවඳ මල් 
ඉනුවත් 
නෙත් පුරා කඳුළු වැල් 
නොවැලපෙමි 
ඉකි ගසා 
බිඳුණු පැතුමන් සිතා 
වසන්තය 
ආ ලෙසින්ම 
ගියත් 
මා අතැර 
යලිත් දවසක 
වසන්තය 
එනවා 
සත්තයි

Saturday, September 8, 2012

මට..... බෑ.....!

මොනව හරි ලියන්න කියල ඉඳගත්ත
මේ දැන් දවස් ගාණක ඉඳල හිතට වද දුන්න කථාවක්
ඒ වුණත් හිතුව තරම් ලේසියෙන් අදහස් ගලාගෙන ආවේ නැහැ
පෑන නලලෙත් තොල වලත් වැදි වැදී කල්පනා කරන්න ගත්ත
ම්.... කොහෙන්ද පටන් ගන්නේ
"කොහොම හරි පටන් ගනින්" ඇතුලෙන් කවුදෝ කීවා
 

මම එක පාරටම අඳුන ගත්ත ඒ 'මම' කියන විචාරකය කියල
එත් මම හිතුව
හැමදාම මොනව හරි ලියන්න ගන්නකොට කොහේ හරි ඉඳල හොට දාන විචාරකයාට අද නම් ඉඩ දෙන්න නරකයි කියල
ඔව්
විචාරකයාට මතු වෙන්න දීල බෑ
නිර්මාණකරුවයි මතු වෙන්න ඕනේ
විචාරකය පිටිපස්සෙන් ආපුදෙන්
'මම' කියන නිර්මාණකාරය - ඒත් මට හිතුන විචාරකයාමද කියල

Wednesday, September 5, 2012

ඇය







සැරින් සැරේ හිතට එබෙන පීඩාකාරී සිතුවිලි වල ‍‍තේරුම
මටම පැහැදිලි කරගන්න බැරිව ඉන්න වෙලාවක
ඇයත් සමග කතාකරන්න
ඇගේ දෑස දිහා බලාගෙන ඉන්න තියෙන ඕනෑකම
මට තදින් දැනෙනවා
මගෙන් ගිලිහෙන එකම එක පුංචි දෙයකින්
සියල්ලම ‍තේරුම් අරගෙන
ඒ පීඩාකාරී සිතුවිලි මගෙන් ඈත් කරන්නෙ
ඇය හරියට
නොගැලපෙන තැනක වැඩුණු දිය සෙවෙලයක් ගලවා දමන්නා වගේ පහසුවට
ඇතැම් විට ඇය ඒ දේ කරන්නේ ඇයද නොදැනුවත්වම
එහෙම වෙලාවක
ඔසුවකට භාවනාවකට වඩා
මට ඇගේ ඇසුර වටිනවා
මේ තරම් අපූරුවට මාව කියවන්න ඔබ ඉගෙන ගත්‍‍‍‍තේ
කොහෙන්ද? කොහොමද?