Wednesday, September 5, 2012

ඇය







සැරින් සැරේ හිතට එබෙන පීඩාකාරී සිතුවිලි වල ‍‍තේරුම
මටම පැහැදිලි කරගන්න බැරිව ඉන්න වෙලාවක
ඇයත් සමග කතාකරන්න
ඇගේ දෑස දිහා බලාගෙන ඉන්න තියෙන ඕනෑකම
මට තදින් දැනෙනවා
මගෙන් ගිලිහෙන එකම එක පුංචි දෙයකින්
සියල්ලම ‍තේරුම් අරගෙන
ඒ පීඩාකාරී සිතුවිලි මගෙන් ඈත් කරන්නෙ
ඇය හරියට
නොගැලපෙන තැනක වැඩුණු දිය සෙවෙලයක් ගලවා දමන්නා වගේ පහසුවට
ඇතැම් විට ඇය ඒ දේ කරන්නේ ඇයද නොදැනුවත්වම
එහෙම වෙලාවක
ඔසුවකට භාවනාවකට වඩා
මට ඇගේ ඇසුර වටිනවා
මේ තරම් අපූරුවට මාව කියවන්න ඔබ ඉගෙන ගත්‍‍‍‍තේ
කොහෙන්ද? කොහොමද?

No comments:

Post a Comment