Friday, September 7, 2012

ගල් පහර

මේ  කථාවේ හිමිකාරයා මං නෙවී, ඒ කවුද කියල මං දන්නෙත් නෑ. ඒත් මේක බ්ලොග් කරන්න හිතුවේ කවුරු හරි කෙනෙක් මේක දැක්කොත් එයාට ජිව්තෙට පාඩමක් වේවි කියල. බලන්න කෙනෙක්ට සිද්ධ වෙන පුංචි සිදුවීමක් එයාගේ ජිවිතේ වෙනස් කරන්න කොයි තරම් හේතු වෙනවද කියලා. අපි හැමෝගෙම ජිවිත වල මේ වගේ පුංචි කථා තියෙනවා. මේ ඒ දේවල් ආයෙ මතක් කරන්න කියන පුංචි එක නිමිත්තක්.

ජෝශ් කියන්නේ විධායක ශ්‍රේණියේ ඉහලටම ගිය සාර්ථක රාජ්‍ය සේවකයෙක්. මේ සිද්ධිය වුනේ ජෝශ්ගේ තරුණ කාලේදී, අවුරුදු 10 කට කලින්. අද වගේම එදත් ඔහු විධායක නිලධාරියෙක් විදියට හිටියේ. ඔහුට තිබුනේ දිලිසෙන කළු ජගුවර් රියක්. එක අරගෙන මාස 2 ක් විතර ඇති.

නවත්තල තියෙන කාර් අස්සෙන් ළමයි එහා මෙහා දුවනවා. ඒ වගේ පොඩි සලකුණක් තිබුනත්, ජෝශ් කාරෙකේ වේගය අඩු කලා. කිසිම කරදරයක් නැති බව පෙනුණු නිසා ජෝශ් කරය වේගයෙන් පදවන්න වුනා. එකවරටම ගඩොල් කැබැල්ලක් විසිවෙලා ඇවිත් ජෝශ්ගේ කාරෙකේ දිලිසෙන දොරේ වැදුනා.


තිරිංග තද වුනා. කාරෙක නැවැත්වූ ජෝශ් පසුපසට රිය අද්දෙව්වා. ටයර් කැරකුණේ පිස්සුවෙන් වගේ. ගඩොල් කැටේ වැදුන තැනම කාරෙක නැවතුනා. ජෝශ් කාරෙකෙන් බැහැල ගඩොල් කෑල්ල ගහපු කොලුවව අල්ලගෙන නවත්තල තිබුන කාරෙකට හේත්තු කලා.

“උඹ මොකක්ද ඒ කළේ. උඹ හිතන් ඉන්නේ මම කවුරු කියලද?” ජෝශ් කෑගසමින් හිතේ තරහව පිට කලා.
“මේ මගේ අලුත්ම කාරෙක. තමුසේ එවපු ගඩොල් කැටේ හින්ද කාරෙක හීරුනා. තමුසෙට හොඳ ගණක ගෙවන්න වේවි. ඇයි එහෙම ගලෙන් ගැහුවේ..?” ජෝශ් ඇසුවා.

“ අනේ මහත්තයෝ මට සමාවෙන්න. මොනවා කරන්නද කියල දන්නේ නැති නිසා මම එහෙම කළේ. මම ගලෙන් ගැහුවේ කවුරුවත් වහනයක් නතර කරන්නේ නැති හින්දයි” පොඩි කොලුවා බැගෑපත් වෙමින් කියා හිටියා.
කොලුවාගේ ඇස් දෙකෙන් කඳුළු කඩ හැලෙනවා.
“අර ඉන්නේ මගේ මල්ලි. එය රෝද පුටුවෙන් වැටුනා. මට එයාව උස්සල තියන්න තනියම බැහැ.” ළමයා කරය නැවත තිබුන තැනට ඇත දිගුකර පෙන්වමින් කීවා.
“අනේ මට එයාව උස්සල දෙනවද? මට එයාව බර වැඩියයි උස්සන්න.” ළමයා හඬමින් විධායක නිලධාරියාගෙන් ඇහුවා.

තරුණ විධායක නිලධාරියට කතා කරගන්නත් බැහැ. උගුරේ යමක හිර වෙලා වගේ දැනෙනවා. වැටුණු ලමයව උස්සල රෝද පුටුවෙන් තියන්න ජෝශ් ඒ ළමයට උදවු කලා. දෙන්නම එකතු වෙලා තමයි මල්ලිව රෝද පුටුවෙන් තැබුවේ.


එතන ඉඳල දිලිසෙන කළු ජගුවර් රථයට, සිලින්ඩර් දාසයේ ජගුවර් රථයට සෑහෙන්න දුරයි. ඒ දුර ප්‍රමාණය ජෝශ් ඇවිදගෙන අවේ බොහොම හෙමින්. ජෝශ් ඒ කාරෙකේ දොරේ තිබුන සිරීම හදාගත්තේ නැහැ. ජිවිතයේ ද්වේශයෙන් යන්න හොඳ නැහැ. 'කෙනෙකුට අවධානය යොමා ගන්න ඕනෑ වුනොත් ගලක් හරි ගහන්න වෙනවා'. දොරේ සිරීම ජෝශට් හැමවිටම මතක කළේ ඒකයි.

2 comments:

  1. ඇත්ත අවදානය ගන්න මොකක්හරි කරන්නම වෙනවා කියන ඒක..
    කිසි දෙයක් නොකර පැත්තකට වෙලා ඉන්නවා කියන්නේ කිසි කෙනෙක් දන්නේ නෑ එහෙම කෙනෙක් ඉන්නවද කියන එකවත්.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අර පරණ කතාවක් තියෙන්නෙ, සබාවේ කට්ටිය අහගෙන නැතිනම් බැරිම උනොත් පඩික්කම වත් පෙරලන්න කියල.. හෙහෙ

      Delete