Saturday, September 1, 2012

මට නම් අවුරුදු නෑ ‍කෙල්ලේ

අවුරුදු ඇවිදින් අවුරුදු ඇවිදින්
කොහා කියනවා කොහෝ කියා
ඔබ ළඟ නැති කළ මට නම් පැනයකි
අවුරුදු ඇත්තේ කොහේ කියා

එරබදු ගස්වල රතු මල් පිපිලා
ගස් යට මල් පාවඩ හැදිලා
ඒ මල් පලසේ මල් අහුලනු බෑ
ඔබයි මමයි දෙතැනක රැ‍‍ඳිලා

ගැමි කෙලි සෙල්ලම් කලඑලි බැහැලා
තැන තැන අවුරුදු ඔන්චිල්ලේ
මට ඒ කිසිවක මිහිරක් නොදැනේ
මට නම් අවුරුදු නෑ ‍කෙල්ලේ

No comments:

Post a Comment