50 දශකයේ ජර්මනිය, වයස අවුරුදු 15ක කොලු ගැටයෙක්, මයිකල් බර්ග් (Michael Berg) පාසැලේ ඉඳල ගෙදරට යන අතරමගදී තදබල විදියට අසනීප වෙනවා. ඒ වෙලාවේදී ඔහුට උපකාර කරන්නෙ හැනා ෂ්මිට් (Hanna Schmitz), 32 හැවිරිදි කාන්තාවක්. ඇය ඔහුව තමන්ගෙ ගෙදරට එක්කගෙන ගිහින් ප්‍රතිකාර කරනව. තමන්ගේ රෝගය සුව වුනාට පස්සෙ මයිකල් හැනා ගෙ නිවසට එන්නෙ මල් පොකුරකුත් අරගෙන එදා ඇය කරපු උපකාරයට ස්තුති කරන්න. ඒ හමුවීමෙන් පස්සෙ එකිනෙකා ගැන ආකර්ෂණය වන ඔවුන්ගෙ සම්බන්ධය ලිංගික සම්බන්ධයක් දක්වා දුරදිග යනවා. වයස අවුරුදු 15ක කොලු ගැටයෙක් වුන මයිකල් මේ අහම්බෙන් තමන්ට ලැබුණු අත්දැකීමේ ආශ්වාදයට ඇබ්බැහි වෙනව. ඔහු ඉන් පස්සෙ හැමදාම පාසැල් ඉවරවෙලා තමන්ගේ ගෙදරට නැතුව, හැනාගේ ගෙදරට දුවගෙන යන්නෙ ඇය සමඟ තමන්ගෙ දිනයෙ ඉතුරු ටික ගතකරන්නයි.
Showing posts with label සිනමා. Show all posts
Showing posts with label සිනමා. Show all posts
Monday, January 7, 2013
Saturday, December 29, 2012
'කර්ම' අපිට කියන දෙයක් (චිත්‍රපටිය වගේම උගත් බුද්ධිමත් වැඩිහිටි ඔබ වෙනුවෙන්)
පියල්, නාට්‍ය කාරයෙක් වෙන එක තමන්ගෙ ජිවිතේ හීනය බවට පත් කරගෙන ඒ හීනය හිතේ ගුලි කරගෙන තමන්ගෙ නවාතැන්පොළ සිහින වේදිකාව කරගත්තු තරුණයෙක්.පියල්ගේ නවාතැනේ බිත්තියෙන් එය පැත්තෙ ජිවත් වුනේ පෙම් යුවලක්. පෙම්වතා නදී,
නදී, නම ගිය සංගීත කාරයෙක්, වෙනස්ම විදියේ සංගීතයක වගේම ජීවිතයක ජිවත් වුන මිනිහෙක්. නදීගේ පෙම්වතිය අමා.
අමා, කාලයක් පිටරටක ඉඳල ලංකාවට ආපු, තමන්ගෙ පෙම්වතා, නදී, එක්ක ගෙවන පැය කීපය තමන්ගෙ ජීවිතය කරගත්තු තරුණියක්.
"තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්.
එක් පසෙක තනිකඩ තරුණයෙක්.
අනෙක් පස වසර ගණනකට පසු හමු වූ පෙම් යුවළක්. ඔවුන්ගේ ජීවන අරගලය කෙසේ නිමා වේවිද?මේ පැනයට පිළිතුරු සොයන චිත්‍රපටය කර්ම නම් වෙයි."
එක් පසෙක තනිකඩ තරුණයෙක්.
අනෙක් පස වසර ගණනකට පසු හමු වූ පෙම් යුවළක්. ඔවුන්ගේ ජීවන අරගලය කෙසේ නිමා වේවිද?මේ පැනයට පිළිතුරු සොයන චිත්‍රපටය කර්ම නම් වෙයි."
Saturday, December 15, 2012
සිනමාව
සත් සමුදුර මැද
පරසතු මල් පිපි
මඩොල් දූවක දී
සරස්වතිය ට
කඩවුනු පොරොන්දුව
ඉටුකර
කැලෑ හඳ ක්
මෝදු කරවන්නට
හෙළ සිනමාවට
තුන්වෙනි ඇහැ
පහළ වේවා
Saturday, November 17, 2012
ලාංකීය සිනමා රසිකත්වය කොයිබටද?
පහුගිය දවසක පේරෙ පුරාම දූසමාන ආරංචියක් පැතිරුණා AT එකේ කර්ම පෙන්නනවයි කියල. ඔය අතරෙ පෝස්ටර් පාරකුත් ගියා ඔය වගේ කතාවකුත් එක්ක, හැබැයි එකේ තිබ්බෙ කර්ම පෙන්නනවා කියල නම් නෙවෙයි, සංකාරා බලන්න - කර්ම කතාකරන්න කියල. ආයෙ ඉතින් ප්‍රසන්න ජයකොඩිට පිස්සුවක් ඇතැයි තාමත් චිත්‍රපටි හෝල් වල දුවන කර්ම පිනට කැම්පස් එකේ උන්ට පෙන්නන්න. පෙන්නනවනම් මමත් එක පයින් යන්න තමයි හිටියෙ. දැන් ඉතිං කර්ම ගැන මොනාද කතා කරන්න තියෙන්නෙ? තවත් විචාරයක්ද? හෙහෙ මතක වෙද්දිත් කලින් දවසක හන්තානේ කතාව බලල කාපු පරිප්පුව මතක වුණා. එත් ඉතිං හැම එකම එක වගේ නෑනේ. ඒ හින්ද මේකටත් යන්න හිතාගත්ත. එත් ඉතිං ඔය එන මනුස්සයො කියන ඒවා තේරෙයිද අඩුගානේ කර්ම trailer එකක්වත් බලල නැති මට. චිත්‍රපටියක් බලල ඉන්න එපැයි ඒකෙ විචාරය තේරුම් ගන්න. ඔන්න ඒ හින්දම ඔය විචාරයට කලින් දවසක ගියා කර්ම බලන්න. හුටා හෝල් එක ලගට ගියාමයි දැක්කෙ මේක වැඩිහිටියන්ට පමණයි කියල. "උගත් බුද්ධිමත් වැඩිහිටි ඔබ වෙනුවෙන්" කියල කලින් පෝස්ටර් වල දැකල තිබ්බට මොකාටද තේරෙන්නෙ වැඩිහිටියන්ට පමණයි කියල. දැන් ඉතිං මොනා කරන්නද, අයෙ හැරිල එන්නැයි, විචාරෙ අහන්නත් එපැයි. ඒ හින්දම හිත හදාගෙන ජිවිතේ පළවෙනි වතාවට වැඩිහිටියන්ට පමණයි ලේබල් එකක් බලන්න හෝල් එකකට ගොඩවුනා. ODC ටිකට් එකකුත් අරං ගිහිං පිටිපස්සෙ ඉදන් පේලියක් දෙකක් ඇරලා වාඩිවුණා. ටිකකින් කර්ම පටන් ගත්ත.
Tuesday, November 13, 2012
හන්තානේ කතාව
ඔටුවෝ, sex, පබිලිස් අයියලා, ආදරය, ragging, සිරිපාලලා, හරමානිස්ලා, දේශපානලනය, හන්තාන
මේ වචන set එකත් එක්ක තිබුන දැන්වීම පහුගිය සතියේ කැම්පස් එකේ notice බෝඩ් එකක් ගානේ ගහල තිබුනෙ ලඟදි දවසක එකේ පෙන්නන්න හදන 'හන්තානේ කතාව' චිත්‍රපටිය ගැන හැමෝටම දැනගන්නයි. එත් එක්කම දැන්වීමේ යටින්ම තිබුනෙ හතලිස් වසරකට කලින් පේරාදෙණිය ගැන බලන්න කතාකරන්න දැනගන්න එන්න කියලයි. අන්න ඒ නිසාම ඕකට තියෙන ආසාවට මමත් තව යාළුවො කීප දෙනෙක් එක්ක සරසවි කලාගාරයට වැස්සේම ගොඩ වුනේ මොකද්ද මේ පෙන්නන පේරාදෙණිය කියල බලාගන්නයි. කොහොම උනත් වෙලාවටම චිත්‍රපටිය පටන් ගත්ත. නා කපන වැස්සෙ වුනත් AT එක House Full.
1: කවුද මචං ඒ බඩුව
2: ඒ අර විනයගෙ දුවනෙ මචං
1: කාගේ වුණත් මරු බීට් එක මචං
2: කාපං ඉතිං තවත් සපත්තුවක්
මූත් සක්කරයා වගේනෙ එහෙං රාණියි මෙහෙන් ධම්මිකායි
1: දහසකුත් මල් දකින ඇස දෙකයි අත් දෙකයි ඇඟිලි දහයයි, ඒ ඇඟිලි සනසන්න මල් පිපෙයි
1: කවුද මචං ඒ බඩුව
2: ඒ අර විනයගෙ දුවනෙ මචං
1: කාගේ වුණත් මරු බීට් එක මචං
2: කාපං ඉතිං තවත් සපත්තුවක්
මූත් සක්කරයා වගේනෙ එහෙං රාණියි මෙහෙන් ධම්මිකායි
1: දහසකුත් මල් දකින ඇස දෙකයි අත් දෙකයි ඇඟිලි දහයයි, ඒ ඇඟිලි සනසන්න මල් පිපෙයි
Subscribe to:
Posts (Atom)





