Saturday, December 29, 2012

'කර්ම' අපිට කියන දෙයක් (චිත්‍රපටිය වගේම උගත් බුද්ධිමත් වැඩිහිටි ඔබ වෙනුවෙන්)





පියල්, නාට්‍ය කාරයෙක් වෙන එක තමන්ගෙ ජිවිතේ හීනය බවට පත් කරගෙන ඒ හීනය හිතේ ගුලි කරගෙන තමන්ගෙ නවාතැන්පොළ සිහින වේදිකාව කරගත්තු තරුණයෙක්.

පියල්ගේ නවාතැනේ බිත්තියෙන් එය පැත්තෙ ජිවත් වුනේ පෙම් යුවලක්. පෙම්වතා නදී,
 
නදී, නම ගිය සංගීත කාරයෙක්, වෙනස්ම විදියේ සංගීතයක වගේම ජීවිතයක ජිවත් වුන මිනිහෙක්. නදීගේ පෙම්වතිය අමා.
 

අමා, කාලයක් පිටරටක ඉඳල ලංකාවට ආපු, තමන්ගෙ පෙම්වතා, නදී, එක්ක ගෙවන පැය කීපය තමන්ගෙ ජීවිතය කරගත්තු තරුණියක්. 
 
"තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්.
එක් පසෙක තනිකඩ තරුණයෙක්.
අනෙක් පස වසර ගණනකට පසු හමු වූ පෙම් යුවළක්. ඔවුන්ගේ ජීවන අරගලය කෙසේ නිමා වේවිද?මේ පැනයට පිළිතුරු සොයන චිත්‍රපටය කර්ම නම් වෙයි."

Wednesday, December 26, 2012

වසන්තය එනවා සත්තයි

නොගැයුවත්
විහඟ කැල ගී 
නොපිපුනත් 
ඉතිපුරා සුවඳ මල් 
ඉනුවත් 
නෙත් පුරා කඳුළු වැල් 
නොවැලපෙමි 
ඉකි ගසා 
බිඳුණු පැතුමන් සිතා 
වසන්තය 
ආ ලෙසින්ම 
ගියත් 
මා අතැර 
යලිත් දවසක 
වසන්තය 
එනවා 
සත්තයි

Saturday, December 15, 2012

සිනමාව


සත් සමුදුර මැද
පරසතු මල් පිපි
මඩොල් දූවක දී
සරස්වතිය
කඩවුනු පොරොන්දුව
ඉටුකර
කැලෑ හඳ ක්
මෝදු කරවන්නට
හෙළ සිනමාවට
තුන්වෙනි ඇහැ
පහළ වේවා

Wednesday, December 12, 2012

මේ අලුත් හිත

මේ අලුත් හිත
ඔබ මා හඬවා 
තූ තූ කොට දැමූ පසු 
කැට කැබලිති එක් කොට 
ම විසින්ම තනාගත් 
මේ අලුත් හිත 
යදණ්ඩක් සේ තදව 
ඔබ හට වුවද 
කා හට වුවද 
නොනැමෙන්නට සිතාගත් 
මේ අලුත් හිත 
උණුව යලි වැගිරෙයි 
යලිත් 
ඔබ නෙත 
ගැටුණු විට 
කෙලෙස වලකම්ද
මේ අලුත් හිත 
 
එදා  මා කියූ මෙය, මෙදා ඈ කියන්නේ මෙය ම නොවෙද?