මේ අලුත් හිත
ඔබ මා හඬවා
ඔබ මා හඬවා
තූ තූ කොට දැමූ පසු
කැට කැබලිති එක් කොට
ම විසින්ම තනාගත්
මේ අලුත් හිත
යදණ්ඩක් සේ තදව
ඔබ හට වුවද
කා හට වුවද
නොනැමෙන්නට සිතාගත්
මේ අලුත් හිත
උණුව යලි වැගිරෙයි
යලිත්
ඔබ නෙත
ගැටුණු විට
කෙලෙස වලකම්ද
මේ අලුත් හිත
එදා මා කියූ මෙය, මෙදා ඈ කියන්නේ මෙය ම නොවෙද?
වාව්.....මාත් මේක වගේම දවසක් ලිව්වා....
ReplyDeleteමෙන්න මං ලිව්ව එක....
පෙර දින මා සිත
වෙඬරු පිඩකි..
එහෙත් ටිකෙන් ටික ටිකෙන් ටික
එය වීදුරුවක් විය..
වැරදි දෑතකින්
බිඳ දමන ලද
මා සිතේ
කෑලි අහුලා උණු කර
කළු ගලක් සාදා ගතිමි...
අනේ..
එදා වෙඬරු පිඩ
නුඹ හට පුද දීමට හැකි වුණි නම්....
...2012 sep 13...
ඔක්කොම එක වගේ හෙහෙ
Deleteසුන්දරයි අදහස.
ReplyDeleteතුති
Deleteහ්ම්ම්ම්ම්ම්ම්...............
ReplyDeleteහිත හදා ගන්න පුළුවන් නම්,
හදා ගන්න තිබුණා........ :(
හ්ම්ම්ම් ;) මං හිතන්නේ බැරුව ඇති
Delete