Wednesday, December 12, 2012

මේ අලුත් හිත

මේ අලුත් හිත
ඔබ මා හඬවා 
තූ තූ කොට දැමූ පසු 
කැට කැබලිති එක් කොට 
ම විසින්ම තනාගත් 
මේ අලුත් හිත 
යදණ්ඩක් සේ තදව 
ඔබ හට වුවද 
කා හට වුවද 
නොනැමෙන්නට සිතාගත් 
මේ අලුත් හිත 
උණුව යලි වැගිරෙයි 
යලිත් 
ඔබ නෙත 
ගැටුණු විට 
කෙලෙස වලකම්ද
මේ අලුත් හිත 
 
එදා  මා කියූ මෙය, මෙදා ඈ කියන්නේ මෙය ම නොවෙද?

6 comments:

  1. වාව්.....මාත් මේක වගේම දවසක් ලිව්වා....
    මෙන්න මං ලිව්ව එක....
    පෙර දින මා සිත
    වෙඬරු පිඩකි..
    එහෙත් ටිකෙන් ටික ටිකෙන් ටික
    එය වීදුරුවක් විය..
    වැරදි දෑතකින්
    බිඳ දමන ලද
    මා සිතේ
    කෑලි අහුලා උණු කර
    කළු ගලක් සාදා ගතිමි...
    අනේ..
    එදා වෙඬරු පිඩ
    නුඹ හට පුද දීමට හැකි වුණි නම්....

    ...2012 sep 13...

    ReplyDelete
  2. සුන්දරයි අදහස.

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්...............
    හිත හදා ගන්න පුළුවන් නම්,
    හදා ගන්න තිබුණා........ :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ;) මං හිතන්නේ බැරුව ඇති

      Delete