Wednesday, November 7, 2012

පොතක තිබ්බාලු මෙහෙම


"බොහෝ අය පෙම් සබඳතා පවත්වාගෙන යන්නෙ, එම සබඳතාව ගිලිහී ගිය පසු තමා සිතට දැනෙන දුක දරාගන්න අපහසු නිසා. එසේත් නැතිනම් තවත් කෙනෙකුට වූ පොරොන්දුවක් අහේතුකව කඩකරන්න අපහසු නිසා, එසේත් නැති නම් එම සබඳතාව නිසා තමා සිතට දැනෙන සතුටට සුවයට ලොබ බඳින නිසා. එම පෙම් සබඳතාව බිඳී ගිය දාට මේ සියල්ල නැති වේ, යැයි තමා සිතට දැනෙන අනියත බිය නිසා.

එහෙත් මෙවැනි අයෙකු ළඟ ආදරයක් නැත
. සැබෑ ආදරය ගඟක් වැනිය. එය නිරන්තරයෙන් ගලා යයි. එය ඇරඹුණු තැනක මෙන්ම නිමාවන තැනක්ද සෙවිය නොහැක. එය අතිශයින්ම විවෘතය, පවිත්‍රය. ආදරවන්තයන් මිය ගියද, දුරස් වුවද ආදරය සැමදාමත් නොසන්සිඳී පවතියි."


මගේ අදහසක් නොවෙන නිසා වගකීමක් ගන්න බැරි උනත්, මේ තියෙන දේ 100%ක් ම ඇත්ත නොවුනත්, උපුටාගැනීම කලේ අපි අපේ ජිවිත ගැන, අපි කරන දේවල් ගැන කොච්චර හොඳින් දන්නවද, හිතනවද කියල අපිටම ආයෙත් හිතන්න නිමිත්තක් දෙන්නයි.

ඔබම හිතල බලන්න ඔබ සම්බන්දයක් තියාගෙන ඉන්නේ ඔබේ උවමනාවට ම ද? අනිත් කෙනාගේ හිත රිදෙයි කියන හැඟිමටද? නැතිනම් වෙන කරන්න දෙයක් නැති කමටද? 


දෙන්නෙක් අතර තියෙන සම්බන්දය මොන වගේ එකක්ද කියල දේ හරියටම මෙහෙමයි කියල කාටවත් කියන්න බැහැ. ඒ වගේම ආදරය කරද්දී ඒකට හේතු සපයන එකත් ඒ වගේම හරියටම කරන්න බැහැ. නමුත් අපි කෙනෙක්ට ආදරය කරනවානම්, කෙනෙක් එක්ක සම්බන්ද කමක් තියාගෙන ඉන්නවනම් ඒ දේ කරන්නේ ඇත්තටම ඇයි, කා වෙනුවෙන්ද කියල දෙතුන් පාරක් හිතල බලන ඒකෙ වැරද්දක් මම නම් දකින්නේ නෑ. ජය

2 comments: