Tuesday, October 30, 2012

රෑ පිපි මල්


උදෑසන පුබුදුවයි 
මල් 
සවස පරව යයි එ මල් 
හිරුත් සමඟ ම 
සුවඳ බෙදන්නේ 
මිහිර විඳින්නේ 
අගය ලබන්නේ 
දහවල පමණයි
 
රාත්‍රිය පුබුදුවයි 
මල්
නොපරවෙයි එ මල් 
උදෑසන
සඳුත් සම
සුවඳ බෙදන්නේ 
මිහිර විඳින්නේ
අගය ලබන්නේ
ලොවටම හොරෙන් 


පුබුදු මලෙහි 
සුවඳ බෙදන්නට 
මිහිර විඳින්නට 
අගය ලබන්නට 
දහවලට ද ඉඩ තබමින් 
රාත්‍රිය සැඟව යයි
 

රාත්‍රිය මල් විකසිත කර එහි කීර්තිය දහවලටද ලබාගැනීමට ඉඩහරියි
                                                                                                           -තාගෝර්-

1 comment: