Tuesday, November 12, 2013

මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි නොවැම්බරයයි



එක එක විදියේ කුමන්ත්‍රණ අතරේ නොවැම්බරයත් එළැඹුණි. නොවැම්බරය නම් මාරය. හැම ජාතියකම ඕනෑම දෙයක් නොවැම්බරයේ සිදු විය හැක. අප ජනපති ගෙ උපන්දිනයද අහම්බෙන් වගේ නොවැම්බරයේ ඇත. ඔහු දිනුවේද නොවැම්බරයේය. රටක් හොල්ලන අය වැය ද සමහර දාට එයි. ඔය හැම එකටම වඩා මේ පාර නොවැම්බරය පට්ට වැදගත්ය. ලොවක් හමුවන රටක් ජාතක වන වෙලාව යෙදී ඇත්තේ මේ නොවැම්බරයේය. මේ චෝගම් කාලයයි. දැන් මාස ගණනක සිට මුළු රටම එක සේ මේකට සැරසෙයි. බලන බලන අත පාට පාට කොඩිය, පත්තර, රේඩියෝ, ටීවී පමණක් නොව ෆේස්බුක් එකේද චෝගම් ය. ඒ මදිවාට රට පුරා පාගමන් රථ පෙරහද චෝගම් ගැනය. චෝගම් වෙනුවෙන් ගිනිසිළුවක් රැගෙන නොගියා පමණි. එච්චර අය මෙච්චර ඕක ගැන කියවන්නේ මොකක් හරි ලල් එකක් ඕකේ ඇති නිසාය. මට නම් හැඟුනේ ඔච්චරය. 

Thursday, August 8, 2013

ප්‍රශ්න ගොඩක් එක උත්තරයක්


අවුරුදු කිහිපයක් වෙනත් රටක ඉඳල පහුගිය දවසක නිවාඩුවකට ලංකාවට ආපු මගෙ මිතුරියක් එක්ක වුනු කතාවකින් මගේ පොස්ට් එක පටන් ගන්න හිතුවා. ලඟදි හම්බවෙලා ආ ගිය තොරතුරු විස්තර කතා කරද්දී ඇය කියනවා ඒ රටවල් වල මිනිස්සුත් එක්ක බලද්දී අපේ රටේ මිනිස්සු මාර හොඳයිලු, ගතිගුණ, සමාජ සම්බන්ධතා එකිනෙකා ගැන හිතන පතන විදිය මේ හැම දේම අතින් ලංකාවෙ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නවලු. ඇත්ත වෙන්න ඇති මං මොනව කියන්නද, මම ඉතිං මේකෙන් එලියට අඩියක් ගහල වත් තියෙයියැ, ඉතිං ඒ මනුස්සය දැකල විඳලා තියෙන දේවල් වල හැටියට ඒ අදහස පිළිගන්න සිද්ධ වෙනව. ඒත් මේකේ ජිවත් වුනු ඔබට මට ඇයි එහෙම හිතෙන්නෙ නැත්තෙ? අපේ සමාජය ගැන කතාකරද්දි මට නම් මේ දේශපාලනික ප්‍රවාහයට අහුවෙලා නන්නත්තාර වෙලා ඉන්න අපිම ගැන හිතෙන්නෙ පිළිකුලක්. මේක මහ කාලකන්නි රටක් කියල නොහිතෙනවා කිවොත් ඒක බොරුවක්. අපේ මිනිස්සුන්ගෙ ගතිගුණ වටිනාකම් පරයල මට මතක් වෙන්නෙ පාට පක්ෂ වලට අපේ උන් ගහ මරාගෙන ලේ හලාගන්න හැටි. 

මෙච්චර කාලයක් මේකේ හිටපු මට අපේ වටිනාකම් නොපෙනී අර සමාජ වාතාවරණය පෙනෙන්නෙ ඇයි? 

අවුරුදු දෙක තුනක් මෙහෙ නොහිටපු ඒ මනුස්සයට මට පෙනෙන සමාජය නොපෙනී අර අපේ වටිනාකම් පෙනෙන්නෙ ඇයි? 

එකම සමාජය ගැන දෙන්නෙක් ට දෙවිදියකට පෙනෙන්නෙ ඇයි? 

Thursday, August 1, 2013

මම දැන් වයසයි




සෑහෙන කාලෙකට පස්සෙයි බ්ලොග් එක පැත්තෙ ඇවිත් පෝස්ට් එකක් දාන්නෙ. හිතේ තිබ්බත් කාලෙක ඉඳන් මොනව හරි ලියන්න වෙලාවක් කලාවක් නැති එකත් එක්ක හැමදේම වෙනස් වෙනව. දැන් මෙහෙම නම් තව අවුරුදු 2 3 කට පස්සෙ මොනවා වෙයිද කියල මටම හිතාගන්න බෑ. කාලෙකින් ලියන නිසා එක පාරට මොනවත් ඔලුවට එන්නෙත් නෑ. ඒ නිසා මොනව හරි වැදගත් දෙයක් මතක් වෙනකල් ඊයේ පෙරේදා වුන පොඩි සිදුවීමක් ගැන කියන්නම්.


තුන්වෙනි වසරේ දෙවෙනි සමාසික විභාගය ඉවරවෙලා සති දෙක හමාරක විතර පොඩි නිවාඩුවක් හම්බවුනේ research එකේ data collection එකට. අපේ research එක ඉස්කෝලෙ යන පොඩි උන් ගැන. පොඩි කීවට ඉතිං 9, 10, 11 වසර වල ඉන්න උන් ගැන තමයි කරන්නෙ. ඉස්කෝල ගානෙ ගිහිං පොඩි උන්ගෙ ඇස් බලන්න තමයි තියෙන්නෙ. අපේ කරුමෙටම සෙට් වුනේ ඉස්කෝල වලත් නිවාඩු කාලෙටමයි. මොනා කරන්නද, නිවාඩු දෙන්න කලින් ඉස්කෝල 2ක් වත් කරලා ඉවරකලොත් හොදයි කියල හිතුන නිසා අපිත් වැඩේට බැස්ස. 

Sunday, March 24, 2013

වලේදී 'පුත්‍ර සමාගම' බැලුවෙමි


අවුරුද්දකට ආසන්න දීර්ඝ නිහඬ කාලයකට පස්සෙ පේරාදෙණියෙ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය (කවුරුත් දන්න වල) පහුගිය සතියෙ ආයෙත් එහි හඬ අවදි කළා. වල දවස් දෙකක් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. ඒ විදියට ආයෙත් වල එලිය කලේ, වසරක් පාසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සංහිඳ පාමුල ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් රඟ දක්වන නාට්‍ය දෙකක්. ඩී. කුමාරගේ රචනය කරනලද ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කරපු 'රූකඩ රාජ්ජේ' සහ ජයලත් මනෝරත්නයන්ගේ 'පුත්‍ර සමාගම' ඒ නාට්‍ය දෙකයි.

Saturday, March 9, 2013

A day for a life time


මාස කීපයක නිහඩ කාලයකට පස්සෙ මොනවා හරි ලියන්න ගත්තත් එක පාරටම ලියන්න දෙයක් හිතට එන්නෙ නෑනෙ.ඉතිං ඒ නිසා අලුතෙන් එකක් ලියනකල්  draft එකේ තිබුන එකක් පොස්ට් කරන්න හිතුවා.මේ මගේහොඳම යාළුවා ගැන, එයාගේ graduation එක දවසෙ මමත් ගියා සෙනට් එක පැත්තේ බලන්න, මොකද ඉතිං convocation එකට ආපු කෙල්ලො ටිකක් එහෙම බලල කැරකිලා එන්න පුලුවන්නෙ. ඒ විතරක්යැ ලේන් එකෙත් නිදහසේ යන්න පුළුවන් එදාට විතරනෙ අපි වගේ උන්ට. එත් දවසෙ අන්තිමට මට හිතුන දේවල් හරිම අමුතුයි. මොකක්දෝ අමාරුවකට එදා ඒවා ලිවෙත් කඩ්ඩෙන්. මීට කලින් කඩ්ඩෙන් මොකුත් ලියලත් නෑ ඕන්. මේක කියවල හිතන්න නම් එපා මුගෙ කඩ්ඩ නම් අන්තිමයි කියල. දන්න විදිහට තමයි ඕන් ලීවේ.

Monday, January 7, 2013

කියවන්නා (The Reader)


50 දශකයේ ජර්මනිය, වයස අවුරුදු 15ක කොලු ගැටයෙක්, මයිකල් බර්ග් (Michael Berg) පාසැලේ ඉඳල ගෙදරට යන අතරමගදී තදබල විදියට අසනීප වෙනවා. ඒ වෙලාවේදී ඔහුට උපකාර කරන්නෙ හැනා ෂ්මිට් (Hanna Schmitz), 32 හැවිරිදි කාන්තාවක්. ඇය ඔහුව තමන්ගෙ ගෙදරට එක්කගෙන ගිහින් ප්‍රතිකාර කරනව. තමන්ගේ රෝගය සුව වුනාට පස්සෙ මයිකල් හැනා ගෙ නිවසට එන්නෙ මල් පොකුරකුත් අරගෙන එදා ඇය කරපු උපකාරයට ස්තුති කරන්න. ඒ හමුවීමෙන් පස්සෙ එකිනෙකා ගැන ආකර්ෂණය වන ඔවුන්ගෙ සම්බන්ධය ලිංගික සම්බන්ධයක් දක්වා දුරදිග යනවා. වයස අවුරුදු 15ක කොලු ගැටයෙක් වුන මයිකල් මේ අහම්බෙන් තමන්ට ලැබුණු අත්දැකීමේ ආශ්වාදයට ඇබ්බැහි වෙනව. ඔහු ඉන් පස්සෙ හැමදාම පාසැල් ඉවරවෙලා තමන්ගේ ගෙදරට නැතුව, හැනාගේ ගෙදරට දුවගෙන යන්නෙ ඇය සමඟ තමන්ගෙ දිනයෙ ඉතුරු ටික ගතකරන්නයි.

Wednesday, January 2, 2013

මම - ඔබ

ඔබ දනී මට වඩා ඔබ ගැන
දනී ඔබට වඩා මා ගැන
නොහිතුනත් මට වඩා මා ගැන
හිතෙනවා මට වඩා ඔබ ගැන
නොසඟවා සිතුවත් ඔබ ගැන
සඟවන්නේ මා බියෙන් මා ගැන