Saturday, March 9, 2013

A day for a life time


මාස කීපයක නිහඩ කාලයකට පස්සෙ මොනවා හරි ලියන්න ගත්තත් එක පාරටම ලියන්න දෙයක් හිතට එන්නෙ නෑනෙ.ඉතිං ඒ නිසා අලුතෙන් එකක් ලියනකල්  draft එකේ තිබුන එකක් පොස්ට් කරන්න හිතුවා.මේ මගේහොඳම යාළුවා ගැන, එයාගේ graduation එක දවසෙ මමත් ගියා සෙනට් එක පැත්තේ බලන්න, මොකද ඉතිං convocation එකට ආපු කෙල්ලො ටිකක් එහෙම බලල කැරකිලා එන්න පුලුවන්නෙ. ඒ විතරක්යැ ලේන් එකෙත් නිදහසේ යන්න පුළුවන් එදාට විතරනෙ අපි වගේ උන්ට. එත් දවසෙ අන්තිමට මට හිතුන දේවල් හරිම අමුතුයි. මොකක්දෝ අමාරුවකට එදා ඒවා ලිවෙත් කඩ්ඩෙන්. මීට කලින් කඩ්ඩෙන් මොකුත් ලියලත් නෑ ඕන්. මේක කියවල හිතන්න නම් එපා මුගෙ කඩ්ඩ නම් අන්තිමයි කියල. දන්න විදිහට තමයි ඕන් ලීවේ.

Monday, January 7, 2013

කියවන්නා (The Reader)


50 දශකයේ ජර්මනිය, වයස අවුරුදු 15ක කොලු ගැටයෙක්, මයිකල් බර්ග් (Michael Berg) පාසැලේ ඉඳල ගෙදරට යන අතරමගදී තදබල විදියට අසනීප වෙනවා. ඒ වෙලාවේදී ඔහුට උපකාර කරන්නෙ හැනා ෂ්මිට් (Hanna Schmitz), 32 හැවිරිදි කාන්තාවක්. ඇය ඔහුව තමන්ගෙ ගෙදරට එක්කගෙන ගිහින් ප්‍රතිකාර කරනව. තමන්ගේ රෝගය සුව වුනාට පස්සෙ මයිකල් හැනා ගෙ නිවසට එන්නෙ මල් පොකුරකුත් අරගෙන එදා ඇය කරපු උපකාරයට ස්තුති කරන්න. ඒ හමුවීමෙන් පස්සෙ එකිනෙකා ගැන ආකර්ෂණය වන ඔවුන්ගෙ සම්බන්ධය ලිංගික සම්බන්ධයක් දක්වා දුරදිග යනවා. වයස අවුරුදු 15ක කොලු ගැටයෙක් වුන මයිකල් මේ අහම්බෙන් තමන්ට ලැබුණු අත්දැකීමේ ආශ්වාදයට ඇබ්බැහි වෙනව. ඔහු ඉන් පස්සෙ හැමදාම පාසැල් ඉවරවෙලා තමන්ගේ ගෙදරට නැතුව, හැනාගේ ගෙදරට දුවගෙන යන්නෙ ඇය සමඟ තමන්ගෙ දිනයෙ ඉතුරු ටික ගතකරන්නයි.

Wednesday, January 2, 2013

මම - ඔබ

ඔබ දනී මට වඩා ඔබ ගැන
මම දනී ඔබට වඩා මා ගැන
නොහිතුනත් මට වඩා මා ගැන
හිතෙනවා මට වඩා ඔබ ගැන
නොසඟවා සිතුවත් ඔබ ගැන
සඟවන්නේ මා බියෙන් මා ගැන

Saturday, December 29, 2012

'කර්ම' අපිට කියන දෙයක් (චිත්‍රපටිය වගේම උගත් බුද්ධිමත් වැඩිහිටි ඔබ වෙනුවෙන්)





පියල්, නාට්‍ය කාරයෙක් වෙන එක තමන්ගෙ ජිවිතේ හීනය බවට පත් කරගෙන ඒ හීනය හිතේ ගුලි කරගෙන තමන්ගෙ නවාතැන්පොළ සිහින වේදිකාව කරගත්තු තරුණයෙක්.

පියල්ගේ නවාතැනේ බිත්තියෙන් එය පැත්තෙ ජිවත් වුනේ පෙම් යුවලක්. පෙම්වතා නදී,
 
නදී, නම ගිය සංගීත කාරයෙක්, වෙනස්ම විදියේ සංගීතයක වගේම ජීවිතයක ජිවත් වුන මිනිහෙක්. නදීගේ පෙම්වතිය අමා.
 

අමා, කාලයක් පිටරටක ඉඳල ලංකාවට ආපු, තමන්ගෙ පෙම්වතා, නදී, එක්ක ගෙවන පැය කීපය තමන්ගෙ ජීවිතය කරගත්තු තරුණියක්. 
 
"තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්.
එක් පසෙක තනිකඩ තරුණයෙක්.
අනෙක් පස වසර ගණනකට පසු හමු වූ පෙම් යුවළක්. ඔවුන්ගේ ජීවන අරගලය කෙසේ නිමා වේවිද?මේ පැනයට පිළිතුරු සොයන චිත්‍රපටය කර්ම නම් වෙයි."

Wednesday, December 26, 2012

වසන්තය එනවා සත්තයි

නොගැයුවත්
විහඟ කැල ගී 
නොපිපුනත් 
ඉතිපුරා සුවඳ මල් 
ඉනුවත් 
නෙත් පුරා කඳුළු වැල් 
නොවැලපෙමි 
ඉකි ගසා 
බිඳුණු පැතුමන් සිතා 
වසන්තය 
ආ ලෙසින්ම 
ගියත් 
මා අතැර 
යලිත් දවසක 
වසන්තය 
එනවා 
සත්තයි