Thursday, August 30, 2012

පැනයට පිළිතුර

දින ක් ඉරු දිනක්
මගේ පෙම පටන් ගත්
ය මගෙන් සුවාය පැනයක්
ඔබ මට කැමති වූයේ යි ?
කෙලෙස පිළිතුරු දෙම්ද ?
කුමක් පිළිතුරු ලෙස දෙම්ද ?
අසරණ වුණෙමි මම

ඇතොත් පැනයක්
විය යුතුය පිළිතුරක්
නමුදු පැනයට
පිළිතුර සොයාගත නොහී
මුනිවත ‍රැකිමි
මා ගොලු වුනෙමි

ඇය අභිමුවෙහි

‘අකමැතියි’

අකමැතියි
ගේ පැනයට
පිළිතුර වුවද
යිද මට හැඟෙන්නේ
නුහුරු නුපුරුදු බවක්
ඇගේ නෙත ගැටෙන
සෑම විටකම
පවසන්නේ එය
ඇය මට කැමති බවයි
එසේ නම්
ඇයිද ඇයට
නොහැකි ගලපන්නට
ඇගේ සිත
වචනයත් සමග?

Wednesday, August 29, 2012

ඇගේ නෙතේ දුටු මගේ රුව

ඔබෙ නෙතට
බී බලන විට
පෙනෙයි මට මගෙ රුව
එනමුදු
ඔබෙ හද තුල
මා හට
ඉඩක් නැති සැටි
පුදුමයකි
අදින් අප
වෙන් වේවි
නැවත කවදා හමු වේදෝ
නොදැන
මා සමු ගතිමි
ඒත් ඔබ නිහඬයි
අදත්
පුදුමයකි

මගේ සිතුවිලි හුදෙකලා වෙලා නෑ

ළඟ බව හා ළඟ නැති බව, සමීප බව හා දුරස් බව අතර ඇත්තේ කුමන ආකාරයේ මිනුම් දණ්ඩක්ද?
වෙලාවකට දුර යැයි සිතෙන දේ තවත් වෙලාවක මොන තරම් සමීපද?
සමීප බව සහ දුරස් බව භෞතිකව රඳා පවතින්නක් නෙවෙයි.

ඉර, හඳ, තාරකා, අපිට මොන තරම් දුරස් වුනත් සංකල්පීය තලයේදී කවියෙක්ට ඒවා මොන තරම් සමීපද? ලෙන්ගතුද?
ඒ නිසාම ඔහු ඒවාට පෙම් බඳිනවා.
සැබෑ ජීවිතය එයයි. භෞතිකව කොතරම් දුරස් වුනත් අපිට අපේ සිතුවිලි වල සමානතාවයන් මත සමීප වෙන්න පුළුවන්, ආදරය කරන්න පුළුවන්.
ඒ ආදරය සීමා මායිම් නැති එකක්. බැඳීම් වලින් සැබවින්ම එය කොතරම් අපුරුද? සුන්දරද?

ළඟ බව, සමීප බව හුදෙක් දසුනක් විතරයි.
තාරකා වලටත්, අහසටත් ඇති දුර ගැන නොහිතා අහසත් තාරකාත් එක්ව මවන සුන්දරත්වය විඳීමයි අප කල යුත්තේ.
සැබෑ ආදරය ඒ වගේ. ආදරයේ දිග, පළල, ගැඹුර මනින්නේ නැතුව අපට ලැබෙන ආදරය විඳින්ට හුරු වීමෙන්, සියල්ල සැනසේවි.


"ආදරය කියන්නේ බලාගෙන ඉඳල විඳින්න පුළුවන් දෙයක් නෙවෙයි" එහෙමයි ඇය කියන්නේ.
ඉතින් අපි අතර මීටත් වඩා ළඟ බවක්, සමීප බවක්, ආදරණීය බවක් තවත් කොයින්ද?

ඒ නිසයි මට දැනෙන්නේ මගේ සිතුවිලි හුදෙකලා වෙලා නැහැයි කියල.

ඒ නිසයි මම මේක ලියන්නේ
' හුදෙකලා නොවූ සිතුවිලි ' කියල