Wednesday, August 29, 2012

මගේ සිතුවිලි හුදෙකලා වෙලා නෑ

ළඟ බව හා ළඟ නැති බව, සමීප බව හා දුරස් බව අතර ඇත්තේ කුමන ආකාරයේ මිනුම් දණ්ඩක්ද?
වෙලාවකට දුර යැයි සිතෙන දේ තවත් වෙලාවක මොන තරම් සමීපද?
සමීප බව සහ දුරස් බව භෞතිකව රඳා පවතින්නක් නෙවෙයි.

ඉර, හඳ, තාරකා, අපිට මොන තරම් දුරස් වුනත් සංකල්පීය තලයේදී කවියෙක්ට ඒවා මොන තරම් සමීපද? ලෙන්ගතුද?
ඒ නිසාම ඔහු ඒවාට පෙම් බඳිනවා.
සැබෑ ජීවිතය එයයි. භෞතිකව කොතරම් දුරස් වුනත් අපිට අපේ සිතුවිලි වල සමානතාවයන් මත සමීප වෙන්න පුළුවන්, ආදරය කරන්න පුළුවන්.
ඒ ආදරය සීමා මායිම් නැති එකක්. බැඳීම් වලින් සැබවින්ම එය කොතරම් අපුරුද? සුන්දරද?

ළඟ බව, සමීප බව හුදෙක් දසුනක් විතරයි.
තාරකා වලටත්, අහසටත් ඇති දුර ගැන නොහිතා අහසත් තාරකාත් එක්ව මවන සුන්දරත්වය විඳීමයි අප කල යුත්තේ.
සැබෑ ආදරය ඒ වගේ. ආදරයේ දිග, පළල, ගැඹුර මනින්නේ නැතුව අපට ලැබෙන ආදරය විඳින්ට හුරු වීමෙන්, සියල්ල සැනසේවි.


"ආදරය කියන්නේ බලාගෙන ඉඳල විඳින්න පුළුවන් දෙයක් නෙවෙයි" එහෙමයි ඇය කියන්නේ.
ඉතින් අපි අතර මීටත් වඩා ළඟ බවක්, සමීප බවක්, ආදරණීය බවක් තවත් කොයින්ද?

ඒ නිසයි මට දැනෙන්නේ මගේ සිතුවිලි හුදෙකලා වෙලා නැහැයි කියල.

ඒ නිසයි මම මේක ලියන්නේ
' හුදෙකලා නොවූ සිතුවිලි ' කියල


4 comments:

  1. සුභ පතනවා ඔබේ අලුත් බ්ලොගයට :)
    ජයෙන් ජය හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. බෝම තුති හිමා :)

      Delete
  2. එල.දිගටම ලියන්න ජය වේවා.!

    ReplyDelete
    Replies
    1. අනිවා, ස්තුතියි ඇවිත් බලල යන්න :)

      Delete