Saturday, October 20, 2012

කටු නැති රෝසමල


මේ  කථාවේ හිමිකාරයා මං නෙවී, ඒ කවුද කියල මං දන්නෙත් නෑ. ඒත් මේක බ්ලොග් කරන්න හිතුවේ කවුරු හරි කෙනෙක් මේක දැක්කොත් එයාට ජිව්තෙට පාඩමක් වේවි කියල. බලන්න කෙනෙක්ට සිද්ධ වෙන පුංචි සිදුවීමක් එයාගේ ජිවිතේ වෙනස් කරන්න කොයි තරම් හේතු වෙනවද කියලා. අපි හැමෝගෙම ජිවිත වල මේ වගේ පුංචි කථා තියෙනවා. මේ ඒ දේවල් ආයෙ මතක් කරන්න කියන පුංචි එක නිමිත්තක්.


ගිටාරයක් අතින් ගත්තු ගැටවරයා බසයට නැග්ග. අසුනක් හිමිවුණ නිසා ඔහු ගිටාරය පසෙකින් සිටුවා අතින් රඳවා ගත්තා. අනතුරුව වටපිට බැලූ ඔහු හිස පහතට හරවා පාද ඉදිරියට පසුපසට අතුල්ලන්නට වුනා.

ඒ දිහා බලන් හිටපු මෙලනි ඔහු කවුරුන්දැයි නොදන්නා නමුත් ඒ මෝඩයෙක් බව හිතුවා. මෙලනිගේ මිතුරිය කැතී,
"එයාව දන්නවද..? ඒ අර පිස්සු කාල්. ඔයාගේ අසල්වැසියා!"
"අසල්වැසියා? ඒ ගෙදර ඉන්නේ බෙල් ජෝඩුව. අපි නිවාඩුවට යන දවසේ තමයි එයාල ඒ ගෙදරට ආවේ."
"ඉතින්, එයාගේ නම කාල් බෙල්"


බස් එකෙන් බැහැපු ගමන් මෙලනි ගෙදර දුවල ගිහින් අම්මගෙන් ඇහුව,
"අම්මා අර පිස්සා ඉන්නේ අල්ලපු ගෙදරද?"

"මෙලනි, කාටවත් පිස්සෙක් කියල ගරහන්න එපා. බෙල් ජෝඩුවට ඉන්නේ අබාධිත පුතෙක් තමයි. අද උදෙත් මම බෙල් නෝනා එක්ක කතා කල. එයට පපුවේ අමාරුවක් තියෙනවා, ස්නායුවල ආබාධයකුත් තියෙනවා. එයාල පුද්ගලික ගුරුවරයෙකුට කියල සංගීත පාඩම් උගන්වන්නේ අනිත් අයත් එක්ක අදහස් හුවමාරු කරගැනීම ලේසි කරන්නයි."

"ඉතින් ඒ කොල්ල දිහා බලන්නකෝ"

"එය ලැජ්ජයි, ඔය කරුණාවන්ත වෙන්න. දැක්කම හලෝ කියන්න. එච්චරයි"

"ඒත් එය ස්කුල් බස එකේ යනවා. ළමයි එයාට හිනා වෙනවා"

"දුව එහෙම කරන්න එපා"

සතියකට පස්සේ ආයෙත් කාල් බස් එකට නැග්ගා. මෙලනිව අදුනගත්ත කියල හිතුන නිසා මෙලනි එයට හලෝ කිව. මේක දැක්ක අනිත් ළමයි විහිලු කරන්න වුනා. කඩදාසි බෝල ඉගිල්ලෙනවා. කඩදාසි බෝලයක් වැදුන කාල් ඇඹරෙනවා. ගිටාර ඒක බිම වැටුනා. කාල්ගෙ ආසනේ පිටිපස්සේ හිටපු ළමයි දෙන්නා කාල්ගෙ කෙස් අවුල් වෙන්න හුලං පිඹිනවා. ඒක එයාලට විහිළුවක්. බහින තැනට අවාම කල ගිටාර් එකත එල්ලගෙන දොර ගාවට ගිය. බහිනකොට චක්‍ නැගිටලා කාල්ව තල්ලු කළා.ගිටාරය කානුව ළඟ පඩියට වැටුනා. කාල් ගිටාර ඒක ගන්න නැවතෙන්නේවත් නැතුව බස එකෙන් බැහැල දුවගෙන ගියා.

"මම නම් ආයෙ මෙතනින් බහින්නේ නෑ" මෙලනි කැතීට කිවා.

කාණුවේ දිග ඇරුණු ගිටාර කවරය තියෙනවා. එයා ඒක පහු කරගෙන ගියා.
"මේ වගේ අසල්වැසියෙක් ලබන්න මම මොන පවක්ද කලේ?" මෙලනි යන ගමන් හිතුවා.

ඒත් ටිකක් දුර යනකොට මෙලනිට මතක වුනේ ගිටාර ඒක කනුව අයිනේ වැටිලා තියෙන හැටි. ඒක කවුරු හරි ඇහිඳගෙන යන්නත් බැරි නැහැ. මෙලනි ආපහු හැරිලා ගිහින් ගිටාර ඒක අහුලා ගත්තා. කේස් ඒක කැඩිලා, පටියත් කැඩිලා.

"ඇයි මම මෙහෙම කරන්නේ? හැම දෙනෙක්ම කාල්ට හිනා වෙනකොට එයට දුක හිතෙන්න ඇති" මෙලනි හිතුව.

දොරට තට්ටු කරන්න කලින් බෙල් නෝනා දොර ඇරිය.

"මොකද වුනේ. කාල් හිතේ අමාරුවෙන් එයාගේ කාමරේට ගියේ. ඔයා දකින එකත් සතුටක් මෙලනි"
එයා ගිටාර ඒක අරන් පුටුවක් උඩින් තිබ්බා.

"පුංචි කරදරයක් වුනා. කල ගිටාර ඒක දල ආ නිසා මම ගෙනත් දෙන්න හිතුවා"

කාල් ඊට පස්සේ බස එකේ අවේ නැහැ. ජීවිතය හොදින් ගෙවී යන්න ඉඩ තිබුන. ඒත් ළමයි එයට තවමත් විහිලු කරනවා. උයන ළඟ ඉඳගෙන ඒක ඒක දේ විසිකරමින් එයාල කාල්ට විහිලු කරනවා.

"පිස්සු කාල්, බැන්ජෝ රජා, සංගිතෙත් ඉගෙන ගන්නවා එ වුනාට කිසිම දෙයක් බැහැ"

මෙලනි කාල්ට කරුණාවන්ත වෙන ඒක ගැන ළමයි මෙලනිට විහිලු කළා. දවසක් කළු ලෑල්ලේ ලියල 'මෙලනි පිස්සු කාල්ට ආදරෙයි'

මෙලනි ගෙදර ගිය ගමන් අඬන්න ගත්තා. "මම කිවනේ අම්මේ අල්ලපු ගෙදර පිස්සෙක් ඉන්න හින්ද අපිට කරදර වේවි කියල" පාසලේදී වුන දේ එය අම්මට විස්තර කළා.

"කිසිම වරදක් නොකර යාලුවෝ අහක බලනකොට දුක හිතෙනවා. කාල් කොයි තරම් අඬන්න ඇද්ද?" මෙලනි මෙතෙක් කල්පනා නොකළ දෙයක් ගැන හිතුවා.
"ඒක නම් ඇත්ත" අම්ම එකට එකඟ උනා.

පාසලේ අවසාන දිනයේදී මෙලනි ගෙදර ආවේ වේලාසනින්. කාල් රෝස පාත්තියේ හිටිය. මෙලනි එනවා දැක්ක කාල් රෝස මලක් නටුවෙන් කපලා ගේට්ටුව ගාවට ගිහින් බලාගෙන හිටිය. මෙලනි හැමදාමත් වගේ හලෝ කිව. කාල් රෝස මල දික් කළා. මෙලනි රෝස මලට අත දිගු කරනකොට කල එයාව අතින් නවත්තල පමා කළා. ඊට පස්සේ නටුවේ තිබුන කටු ඔක්කොම ගැලෙව්වා. එයාගේ ඇඟිල්ලක රෝස කටුවක් ඇනිලා ලේ ආව. කාල ඒ දිහා බලල කමිස අතින් ඇඟිල්ලේ ලේ පිහ දැම්ම. ඊට පස්සේ අයෙමත් කටු ගැලෙව්වා.

මෙලනිට යන්නත් හදිස්සියි. ඒත් එයා බලාගෙන හිටියා.

කාල් එයාට රෝස මල දුන්නා.

"ස්තුතියි කාල්. දැන් මගේ ඇඟිලි තුවාල වෙන්නේ නැහැ" කාල්ගේ සිතුවිලි හඳුනා ගන්න උත්සහ කරමින් මෙලනි කීවා. පිංචි ළමයෙක වගේ කාල් හිනා වෙනවා. කම්මුලට තට්ටු කරලා අයෙමත් ස්තුති කරලා මෙලනි මලත් අරගෙන ගෙදර ගියා. දොර ලඟදි මෙලනි අයෙමත් හැරිලා බැලුව. කාල් අත කම්මුලේ තියාගෙන බලා ඉන්නවා. එය අත තියාගෙන ඉන්නේ මෙලනි තට්ටු කල තැනටයි.

සතියකට පස්සේ කාල් පපුවේ අමාරුවකින් මිය ගියා. අවමඟුලෙන් පස්සේ බෙල් යුවල ටික කාලයකට යන්න ගීයා.

ඒක දවසක් බෙල් නෝනා වෙතින් ලියුමක් ආවා. ඒ ලියුමේ මෙලනිටත් විශේෂ ලිපියක් තිබුනා.

ආදරණිය මෙලනි,

මම හිතනවා කාල්ගේ දින පොතේ අන්තිම පිටුව දකින්න ඔයා කැමති වෙයි කියල. ඒක වාක්‍යයක්වත් දවසකට ලියන්න කියා අපි එයාව උනන්දු කළා. බොහෝ දවස්වල ලියා තිබුනේ හොඳ සිදුවීමක් නෙවෙයි.
බෙල් මහතා

මම ඔයාට ස්තුති කරනවා එයාගේ යාලුවෙක් වුනාට. එකම තරුණ යාළුවා හැටියට එයාට හිටියේ ඔයා විතරයි.
අපේ ආදරය සමඟින්,
කාර්ලා බෙල්

කාල්ගේ අන්තිම වාක්‍යය

"මෙලනි, කටු නැති රෝස මලක්"



10 comments: