Tuesday, October 23, 2012

නිරුවත සහ අඩනිරුවත (වැඩිහිටියන්ට පමණක් නොවේ)



බොහෝ දෙනා කථාකරන, බොහෝ දෙනා පිළිකුලෙන් බැහැර කරන මාතෘකාවක්. ගැටළු මතුවන්නේ කාන්තාවගේ නිරුවත හා අඩනිරුවත ගැනයි. පුරුෂයා සම්බන්ධව ඉහත මාතෘකාව වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ තවමත් නොවැදගත්. කිසිවකු ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් ස්ත්‍රියගේ..,
වඩා භයානක නිරුවතද? අඩනිරුවතද? සමාජ සම්මතයට අනුව නම් නිරුවතයි. නමුත් මෙන්න මගේ අදහස, විවේචනයට ඉඩක්.


යම් කිසිදෙයක් ආකර්ශනීය වෙන්නේ එය මිනිසා තුල යම් කුතුහලයක්, බලාපොරොත්තුවක් ඇතිකරන විටයි. නිරුවත ආකර්ශනීය වන්නේ, නැතිනම් කුතුහලයක් ඇතිකරවන්නේ එය පළමුවර දකින තෙක් පමණයි. එතැනින් එහාට එහි ඇති දෙයක් නැහැ, හැමදාම දකින කුකුලගේ කරමල වගේ වන්නටද බැරි නැත. එක වරක් නිරුවත දකින පුද්ගලයා තුල එය නැවත නැවත දැකීමෙන් අලුත් ආකර්ශනීය බවක් ජනිත නොකරන්නේ ඒ නිසයි. නමුත් අඩනිරුවත,

අඩනිරුවත පුද්ගලයට සිතන්නට දෙයක් ඉතිරි කරනව. ඔහු තුල බලාපොරොත්තුවක් ඇතිකරනව. අඩනිරුවත් ස්ත්‍රී රුවක් දෙස කෙලෙස් ප්‍රහීන නොකළ ඕනෑම පුද්ගලයෙකු බලන විට, "අනේ ඉතිරි ටිකත් පෙනුණා නම්" යන සිතිවිල්ල කොහේ හෝ කොනක මතු වෙනවා. ඒ සිතුවිල්ල යටපත් කරගැනීමේ හැකියාව මත මිනිසුන් කොටස් වෙනවා, ඒ ගැන පස්සෙ කථා කරන්න ඉඩ තියමු. ඉතින් අර සිතුවිල්ල නිසා අඩනිරුවත වඩා ආකර්ශනීය බවක් ගන්නවා. සමහරුන් තමන් දකින අඩනිරුවත් රුවෙහි ඉතිරිව ඇති ඇඳුම් සිතින් අපේක්ෂිත නිරුවත් රුව මවාගන්න උත්සහ කරනවා. මෙය එක්තරා ආකාරයක මානසික රෝගයක්. අනුන්ට මෙන්ම තමන්ටද අනතුරුදායක මානසික රෝගයක්.

එනිසා වඩා භයානක අඩනිරුවත නොවේද?

සමාජ ආකල්පය

නිරුවත හා අඩනිරුවත ගැන සමාජ මතය පිලිබඳ අදහස් දැක්වීමද මෙහිදී වටී. එහි කොටස් දෙකකි
  •     නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප කරන
  •     නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප නොකරන
නමුත් නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප නොකිරීම යන්නෙන් නිරුවත/අඩනිරුවත පිලිගන්නවා යැයි කියන්න බැහැ. එවිට එහිට කොටස් දෙකක් දක්වන්න පුළුවන්
  •     නිරුවත/අඩනිරුවත ඉතා හොඳයි, එහි වරදක් නැහැ
  •     නිරුවත/අඩනිරුවත තිබුනත් එකයි, නැතත් එකයි
නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප කිරීම, ඔවුන් කරන්නේ ඇයි? මම දකින විදිහට එය ප්‍රතික්ෂේප කරන්නන් ගෙන් බහුතරය එසේ කරන්නේ සමාජ සම්මතයේ රැඳී සිටීම සඳහා පමණයි. තම සිහිනෙන් වත් නිරුවත ගැන නොපතන කෙනෙකු ලෙස සමාජයට පෙන්වනවා. නිරුවත පිළිගැනීමෙන් තමා 'වල්' පුද්ගලයෙකු ලෙස සමාජයේ හංවඩු ගැසෙවි යැයි බිය වෙනවා. එසේම නිරුවත ප්‍රතික්ෂේප  නොකරන්නවුන්ව වල්  අය ලෙස ලේබල් කරනවා. මේ සියල්ලම වෙන අතරතුර ඔහුත් නිරුවත/අඩනිරුවත දෙස ඕනෑම මිනිසෙකු බලන බැල්මෙන්, අදහසෙන් බලනවා, එය සන්ගවනවා, තමන්ටම වංචා කරගන්නවා.


සෑම පුද්ගලයෙකුම පොදුවූ සිතුම් පැතුම්, ආශාවන් ගොන්නක් උපතේදී රැගෙන එනවා. නමුත් පසුකාලීනව විවධ ආවරණ වලින් වස ගැනෙනවා. ඒත් ඒ ආශාවන් නිරතුරුවම එලියට පනින්නට වෙරදරනවා. වෙනසකට තියෙන්නේ ඒවා එලියට එන කාලයේ වෙනස විතරයි.


ඔය කරුණු කාරණා කොහොම වුනත් මේ සමාජය ඇතුලේ ජීවත් වෙන්න අපි සමාජ ක්‍රමයට, සමාජ සම්මතයන්ට අනුකුල වෙන්න ඕනෙ. (මං මේ කතා කරන්නේ අනුගත වීමක් ගැන නෙවෙයි) නිරුවත/අඩනිරුවත ප්‍රතික්ෂේප කලත් නොකලත්, ඇඟපත වැහෙන්න, පෙනිය යුතු තැන් විතරක් පෙනෙන්නවට අඳින කාන්තාවට කිසිවෙකු දොස් කියන්නේ නැහැ. එහෙම අඳින විටදීයි සබැ ස්ත්‍රී සුන්දරත්වය ඕනෑම කාන්තාවකගෙන් ඉස්මතු වෙලා පෙනෙන්නේ.  ගැහැනියක් අඳින්න ඕනෙ තමන්ගේ ලස්සන ලෝකෙටම පෙන්න නෙවයි, සැබෑ ස්ත්‍රීත්වය කියන්නේ තමන්ගේ ලස්සන පෙන්විය යුතු පුද්ගලයාට විතරක් පෙන්වන එකයි. තමන්ගේ ලස්සන, අඟපසඟ ලෝකෙටම පෙන්නන්න යන බොහොමයක් කාන්තාවන්ගේ කතාව බාහිර පෙනුම තරම් ලස්සන නම් නැහැ.

එක එක අය එක එක කතා කියනවා,
    "ඒ එයාගේ ස්ටයිල් එකනේ"
    "එය හැදුන පරිසරේ ඒකනෙ"
    "එක එයාගේ නිදහසනෙ"

ඔය කතා මොනවා වුනත් කාගෙන්වත් බැණුම් නො අසා තමන්ගේ ලස්සන පෙන්නන්න ඕනෑතරම් ශිෂ්ට ක්‍රම තියෙද්දී ඇයි අශිෂ්ට අසම්මතයන් කර ගිහින් අමාරුවේ වැටෙන්නෙ?

ලෝකය කියන්නේ ඒ වගේ, කළු-සුදු, හොඳ-නරක, හරි-වැරදි විදියට ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා. ලෝකය පවතින්න ඔය දෙකම තියෙන්න ඕනෙ. මතක තියාගන්න සුදු අය සුදුවට පෙන්නේ එයාල ඇත්තටම සුදු නිසාම නෙවෙයි, කළු අයත් ඉන්න නිසයි.කවුරුත් කැමතියි සුදුවට ඉන්න. සුදු පාටට හැමෝම ආදරෙයි. ඒත් ඒ සුදු පාටට ආදරෙන් අපි කළු උනොත්?


4 comments:

  1. වටිනා මාතෘකාවක්...ඇත්තටම අඩ නිරුවත කැමති මිනිස්සු බලන්න විතරයි...ඒත් හිමිකරගන්න කැමති හොදට වැහුණු ඇදුම අදින කාන්තාවන් කියලයි මම හිතන්නේ....මොකද කොහොම ඇදුමක් ඇන්දත් කෙනෙක් ආදරෙන් බඳුනම හරි කසාද බැන්දම තමන්ගේ ස්වාමියා හෝ පෙම්වතා කැමති නැහැ නේද අඩ නිරුවත ලෝකෙට පෙන්නනවට....

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඉතින් මොටද අඩ නිරුවතට ලොබ? තුති :)

      Delete
  2. අපොයි ඔව්.මේ සමහර කෙල්ලො,ගෑණු 1/2ට ඇදන් එනකොට උන්ට වඩා මට ලැජ්ජයි.අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් අනිත්‍ හැමෝටමත් ඔහොම හිතුනා නම් හරිනේ

      Delete