Wednesday, December 26, 2012

වසන්තය එනවා සත්තයි

නොගැයුවත්
විහඟ කැල ගී 
නොපිපුනත් 
ඉතිපුරා සුවඳ මල් 
ඉනුවත් 
නෙත් පුරා කඳුළු වැල් 
නොවැලපෙමි 
ඉකි ගසා 
බිඳුණු පැතුමන් සිතා 
වසන්තය 
ආ ලෙසින්ම 
ගියත් 
මා අතැර 
යලිත් දවසක 
වසන්තය 
එනවා 
සත්තයි

19 comments:

  1. වසන්තය එවිද? sure?

    ReplyDelete
  2. අනිවා වසන්තය එනවා සිකුරුයි.

    ReplyDelete
  3. වසන්තය ආවහම නැවතත්
    දැනෙයි සිසිලක් පෙරටත් වැඞියෙන්
    මන්ද
    ගිම්හානයේ කටුක පිඞාවන්
    විද ඇත අපට හොද හොද පාඞම්

    ඉවසන්න බක බක ගගා වසන්තය එයි ඉක්මනට :p

    ReplyDelete
    Replies
    1. මඩ වුනු තැන් දුටුවම වැස්සට
      හිතෙන්නේ ම කාට හරි ගහන්නට
      නේ....?

      Delete
    2. බයවෙන්න ඒපා
      වැස්සටම ඒ මඩ හෙදෙවි

      Delete
  4. maath balan inne aaye langadima wasanthe enakam thamai.ikmanta eewi needa?

    ReplyDelete
    Replies
    1. ikamanata nam manda, eth "වසන්තය එනවා සත්තයි"

      Delete
  5. oka enakam tamai balan inne..
    Ko thawama nane anee..
    Kawada eewidha eya...

    ReplyDelete
  6. සමනලුන්
    අයෙමත් රන්චු පිටින් ඇවිත් ගී ගයාවි.. වසන්තයෙ අරාදනාවත් අරගෙන අසැනි වරුශාව මහ පොලොව සිප ගන්නකන්
    මහා පොලොව බලන් ඉන්නවා.. සිතුවිලි යටපත් කරන් හිටපු හැම පොදු සාදකයක්ම එ වරුශාවෙ දිය වෙලා
    යාවී.. ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා...
    අලුත් මල් සුවදක් අරන් අලුත් දිය දොතක් එක්ක නැවුම් සුලගක වසන්තයෙ පෙර මං සනිටුවහන් වෙවි...



    වහින තුරු අසැනි වරුශාව ඉඩොරයට ඉඩ හසර ලබා දෙමින් වසන්තය නිමා වෙනවා..
    ඒත් ලගදිම ඉඩොරය නිමා වෙලා වසන්තය උදා වෙනවා සත්තයි... ගි ගයා නටන්නට සමනලුනට අරාදනාවක්
    මල් සුවද එක්ක එවනවා සත්තයි............

    ReplyDelete
    Replies
    1. "ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා"
      හිතට දැනෙනවා නියමෙට සහෝදරයා.
      ස්තුතියි ආවට, ආයෙත් එන්න

      Delete
  7. සුවඳ මල් ඉතිරෙනා
    නව වසන්තයක මැද
    නිමා වූ වසන්තය
    මතකයක් වී පැමිණ
    පාරවයි ඔබේ සිත,,
    කොතෙක් මල් පීදුනද
    සුවඳින් රුවින් පිරි
    වසන්තයෙ පරවු මල
    යලි නොපිපෙනා නිසා....

    ReplyDelete
    Replies
    1. "වසන්තයෙ පරවු මල
      යලි නොපිපෙනා නිසා"
      ඒත්
      "සසර පුරාවට හදවත සනසන මල් පිබිදෙන්නේ එකම එකයි"

      Delete
    2. ඒක ඇත්ත..ඒත් ඒ පිබිදුනු එකම එක මල මොකක් හරි හේතුවක් නිසා පරවෙලා ගියෝතින්????
      ආයෙ කොයි තරම් වසන්තයන් ආවත් ඒව වසන්තයක් කියල පිලිගන්න පුළුවන් වේවිද????

      Delete
    3. ඔන්න ඔහෙ තව එකක් පිපෙනකල් ඉන්නවා. හදිස්සියක් නෑනේ

      Delete
  8. ඔව් ඇත්තටම වසන්තය ඒවි,
    පෙරටත් වඩා සුන්දර වෙලා ....

    ReplyDelete