Saturday, December 29, 2012

'කර්ම' අපිට කියන දෙයක් (චිත්‍රපටිය වගේම උගත් බුද්ධිමත් වැඩිහිටි ඔබ වෙනුවෙන්)





පියල්, නාට්‍ය කාරයෙක් වෙන එක තමන්ගෙ ජිවිතේ හීනය බවට පත් කරගෙන ඒ හීනය හිතේ ගුලි කරගෙන තමන්ගෙ නවාතැන්පොළ සිහින වේදිකාව කරගත්තු තරුණයෙක්.

පියල්ගේ නවාතැනේ බිත්තියෙන් එය පැත්තෙ ජිවත් වුනේ පෙම් යුවලක්. පෙම්වතා නදී,
 
නදී, නම ගිය සංගීත කාරයෙක්, වෙනස්ම විදියේ සංගීතයක වගේම ජීවිතයක ජිවත් වුන මිනිහෙක්. නදීගේ පෙම්වතිය අමා.
 

අමා, කාලයක් පිටරටක ඉඳල ලංකාවට ආපු, තමන්ගෙ පෙම්වතා, නදී, එක්ක ගෙවන පැය කීපය තමන්ගෙ ජීවිතය කරගත්තු තරුණියක්. 
 
"තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්.
එක් පසෙක තනිකඩ තරුණයෙක්.
අනෙක් පස වසර ගණනකට පසු හමු වූ පෙම් යුවළක්. ඔවුන්ගේ ජීවන අරගලය කෙසේ නිමා වේවිද?මේ පැනයට පිළිතුරු සොයන චිත්‍රපටය කර්ම නම් වෙයි."


 
කර්ම චිත්‍රපටිය කරුමයක් වෙන තරමටම මේ බ්ලොග් අවකාශයේ බ්ලොග් පෝස්ටු ලියවිලා ඇති. ඉතිං මමත් තවත් කරුමයක් වෙනවට වඩා කර්ම චිත්‍රපටියේ කියවුන පුංචි දෙබසක් පාදක කරගෙන මිනිස්සු අතරේ වැඩිය කතා නොවෙන පැත්තක ගැන පෝස්ටුවක් ලියන්න හිතුව. ඒත් කර්ම ගැන මට හිතෙන දේ ඔය කාගේත් දැන ගැනීමට එක වාක්‍යයකින් කියන්නම්.
 
"ලංකාවෙ සංගීත මාර්කට් එකේ හොදටම මාර්කට් වෙන චරිතයක් වුනු නදීක ගුරුගේ කියන නම විකුණල ප්‍රසන්න ජයකොඩි චිත්‍රපටියක් කලා"
 

බිත්තියෙන් එහා ජීවිතවලට එබී බලන තනිකඩයා, පියල් ගේ චරිතය පැත්තකින් තියලා මං අපේ පෙම් යුවල ගැනයි කතාව පටන් ගන්නෙ.  
නදී කියන්නෙ මුළු කතාව පුරාවටම, ස්ත්‍රියක් තමන්ගෙ පිරිමියා වෙනුවෙන් පුදන්නට ලෑස්තිවෙලා තියෙන දේවල් සීමාවක් නැතුව විඳින, ආවේශ වෙච්ච සල්ලාලයෙක් ගණිකාවක් එක්ක ලිංගික සහවාසයේ යෙදෙනවා වගේ ඇයගේ තියෙන සෑම රසයක්ම භුක්ති විඳලා රමණයෙන් පස්සෙ හැම ආදරණිය හැඟීමක්ම ධාතුත් එක්කම පිට කරලා තමන්ගෙ වාහනේට නැගල ඉගිල්ලිලා යන මනුස්සයෙක්.
 

අමා කියන්නෙ කාලයක් පිටරටක ඉඳල තමන්ගෙ රටට ආවත්, ඉන් පස්සෙ කලින් තිබුන කිසිම සමාජ සම්බන්ධතාවයක් අලුත් නො කරගෙන, පොදු සමාජය තුල හුදෙකලා වුන, පිරිමියෙක් සමග හිටියත් තමන්ගෙ ජිවිතේ අවිනිශ්චිත බව නිසාම අවසන් මොහොතෙදි වුනත් ඔහු ඉදිරියේ නිරුවත් වෙන, මුලදී බොරුවක් ලෙස වසන් කරගෙන සිටියත් කොයි මොහොතක හෝ ඇත්ත හෙළිවන බව දැන සිටින පියයුරු පිලිකාවකින් පෙලෙන ගැහැණියක්. 
 
 චිත්‍රපටයේ දෙදෙනා ලිංගිකව එකතු වෙන තැනෙක අමා කියනව "අනේ නදී, මම කොන්ඩම් යූස් කරනවට කැමති නෑ"
 

කොන්ඩම්, ලිංගික ක්‍රියාවලි ගැන කතා කරද්දී හැම වෙලේම ඇහෙන වචනයක්. මුලින්ම කොන්ඩමයක් භාවිත කල බවට වාර්තා ලැබෙන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය පැත්තෙන්. එදා ඉඳල අද වර්තමානය දක්වා කොන්ඩමයේ ඉතිහාසය සලකා බැලුවොත්, අද කොන්ඩමය ඊජිප්තු කොන්ඩමයට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා, එත් තවමත් වෙන්නේ එකම වැඩේමයි. 

ඩෙස්මන්ඩ් මොරිස් තමන්ගේ නිරුවත් වානරයා පොතේ මෙහෙම කියනවා
 
"පරීක්ෂණාගාර වල වෙනත් සත්ව වර්ගයන්හි ජනගහනය අධික ලෙස වැඩි කිරීමේ පරීක්ෂණ වලින් පෙනී යන්නේ, එය එක්තරා අවස්ථාවකදී සම්පුර්ණ සමාජ ව්‍යූහයම කඩ බිඳ දමන බවයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජනගහනය අඩු මට්ටමකට නැවත ගෙන ඒමයි... එවැනි තත්වයක් ආරම්භයේදීම, ප්‍රජනක වේගය අඩු කරන ක්‍රමයක් යොදාගත හැකි නම්, මෙම විපත්තිය වලක්වා ගත හැකි වේ.... මෙයට පැහැදිලි විසඳුම වන්නේ ගුණාත්මක වර්ධනය නොවලක්වා ප්‍රමාත්මක වර්ධනය වැලැක්වීමයි. උපත් පාලන ක්‍රම අවශ්‍ය නමුත්, මුලික පවුල් ඒකකය විනාශ කිරීමට ඒවාට ඉඩ නොදිය යුතුය."
 
කොන්ඩමය උපත් පාලන ක්‍රමයක්. එහෙනම් කොන්ඩම් පාවිච්චිය හින්ද පවුල කැඩෙන්නත් පුලුවන්ද?
 

උපත් පාලන ක්‍රමයක සාර්ථකත්වය රඳවා පවතින්නේ එය පාවිච්චි කරනකොට දෙපාර්ශවයම එයට දක්වන ආකල්පය මත. එක්කෙනක් උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරද්දි අනිත් එක්කෙනා ඒකට සහයෝගයක් නොදක්වද්දී මුළු ලිංගික ක්‍රියාවලියම අසාර්ථක වෙන්න පුළුවන්. එහෙනම් 'කර්ම' තුලින් මතුවන ප්‍රශ්නය, පිරිමියා කොන්ඩම් පාවිච්චි කරනවට ගැහැණිය කැමතිද?
 
අපි හිතමු ගැහැණිය 'කැමතියි' කියල. පිරිමියත් 'කැමති' නම් ප්‍රශ්නයක් නෑ.
ගැහැණිය 'අකමැතියි', පිරිමියත් 'අකමැතියි'. ඒත් ප්‍රශ්නයක් නෑ
ගැහැණිය කැමතියි, පිරිමියා 'අකමැතියි', ප්‍රශ්නයක්.
ගැහැණිය 'අකමැතියි', පිරිමියා 'කැමතියි', ප්‍රශ්නයක්. දෙන්නගෙන් එක්කෙනෙක් හරි අකමැති උනොත් එතන ප්‍රශ්නයක්.
 
ඇයි අමා කොන්ඩම් පාවිච්චි කරනවට අකමැති වෙන්නෙ? 

අමා කැමති ඇති දරු සුරතල් බලන්න. වෙන්න පුළුවන්නේ. තමන්ගේ පිළිකාවත් එක්ක නුදුරු අනාගතේදී තමන් මැරිල යනවා කියල දැන දැනම පුංචි පැටියෙක්ගෙ හුරතල් බලන ආසාවක් ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. නදී ගැන තියෙන විශ්වාසයත් එක්ක ඇය තනි නොවෙයි කියන බලාපොරොත්තුව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇය ගත කරන නවීන පන්නයේ ජිවන රටාවත් එක්ක ප්‍රෙග්නන්ට් වෙනවා කියන එක මහා ලොකු දෙයක් නොවෙන්න පුළුවන් ඇයට. බඩ උනොත් බඩ හෝදලා දානවා වගේ අදහසක් වෙන්න පුළුවන්.
 

එහෙමත් නැතිනම් වඩාම වැදගත් කාරණේ, ඇය තමන්ගේ මුළු ජීවිතේම කියල හිතාගෙන ඉන්න, නදී එක්ක අර කාමරේ ගත කරන පැය කීපයේ ඇය ලබන ආශ්වාදය, ලිංගික ක්‍රියාවලියෙදි පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයේ ගැටීමෙන්, ස්පර්ශයෙන් ඇය ලබන රසයට, සැපයට කොන්ඩමයක් හරස් වෙයි කියන බය. ඒක හරියට නිකං වැස්සෙ තෙමෙන්න ආස කෙනෙක් රේන් කෝට් එකක් දාගෙන තෙමෙනව වගේ වැඩක්නෙ.
 
 ඩෙස්මන්ඩ් මොරිස් තමන්ගේ නිරුවත් වානරයා පොතේ තවත් තැනෙක මෙහෙම කියනවා
 
 "වඳුරන්ගේ හා වානරයන්ගේ ගැහැණු සතා ලිංගික වශයෙන් ග්‍රාහකත්වය දක්වන කාලය සීමාසහිත වේ. මෙය සාමාන්‍යයෙන් ඔවුන්ගේ මාසික චක්‍රයේ, සතියක් පමණ කාලයක් තුල පවතියි. ලිංගික ග්‍රාහකත්වය ඩිම්බ මෝචනය කරන අවස්ථාවට පමණක් සිමා වී ඇති පහත ක්ෂීරපායීන් සමඟ සසඳන විට, අපේ වර්ගයාගේ පරිණාමයේදී මෙහි අවසාන සිමාව දක්වා දියුණු වීමෙන් අපේ ස්ත්‍රීහු සෑම අවස්ථාවකදීම ග්‍රාහක බවක් දක්වති. වඳුරන් හා වානරයන්ගේ ගැහැණු සත්තු ගැබ්ගත් විට හෝ කිරිදෙන කාලයේ හෝ ලිංගික වශයෙන් ක්‍රියාකාරී නොවෙති. අපේ වර්ගය මෙම කාලවලදීද ලිංගික ක්‍රියාවන්හි යෙදෙන අතර ඒවා සිදු නොවන්නේ ප්‍රසුතියට පෙර හා පසුව ඉතා කෙටි කාලයක් තුල පමණි. ජිවත් වන අග්‍රේශයන් අතුරින් ඉතාම කාමුක සතා නිරුවත් වානරයා බව මෙයින් පැහැදිලිය."
 
ඉතිං ඒ කාමුකම සතා, තමන්ගේ ලිංගික තෘප්තියට හරස් වෙන කිසිම දෙකට අකමැති වෙන එක පුදුමයක් නෙවෙයි. මේ ලිපිය ලියන්න උවමනා නිසාම මම කීප දෙනෙක්ගෙන් අහල බැලුව කෙල්ලෝ කොන්ඩම් පාවිච්චි කරනවට කැමතිද බං කියල, හැමෝගෙම උත්තරේ උනේ නැහැ කොන්ඩම් දැම්මාම ගතිය නැතිලු. ඉතිං කොන්ඩම් එකක් හින්ද තමගේ ජිවිතේ එකම සතුට වුනු නදී එක්ක ගෙවන පැය කීපයේ තියෙන රසය හරි හැටි ලබාගන්න තියෙන අවස්ථාව නැති කරගන්න, ඒකෙ තියෙන ගතිය නැති කරගන්න අමා නෙවී, ඒ තත්ත්වයේ ඉන්න කිසිම කෙනෙක් කැමති නැති වෙන්න පුළුවන්.


අමා 'කර්ම' තුල නිරුපනය කරන්නේ අපේ සමාජයේ ඉන්න දෙනෝදාහක් ගැහැණුන්ගේ චරිතය. එත් අන්තිමට අමා ප්‍රෙග්නන්ට් වෙනවා, කොන්ඩමයේ තියෙන විස්වාසනීය බව එතැනින් බිඳ වැටෙනවා. 'කර්ම' සමස්තයක් විදියට ගත්තාම නොහිතෙන දේවල් කොටසින් කොටස සැලකුවොත් අපිට හිතෙන්න පුළුවන්. අමා එතැනින් (
"අනේ නදී, මම කොන්ඩම් යූස් කරනවට කැමති නෑ") කියන්න හදන්නේ මොන වගේ දෙයක් කියල ඔයත් හිතල බලන්න. 

මට ඕනේ උනේ කර්ම ගැන කතා කරන්න නෙවයි, එත් මගේ මාතෘකාවට හොඳ ආරම්භයක් ඒ දෙබසෙන් ලැබෙවි කියල හිතුන නිසා පොඩ්ඩක් කිවේ.  ඉතිං මීට පස්සෙවත් කොන්ඩම් හින්ද වලි දාගන්නේ නැතුව ඉන්න බලන්න, ජය...!

10 comments:

  1. උත්සහය අගේ කරනවා
    එත් අවසානය දක්වා ඔබේ අරමුණ ග්‍රහණය කරගත නොහැකි වු අතර අවසානයේ ග්‍රහණය වු අරමුණනම් ඔබේ උත්සහයට‍ ප්‍රමාණවත් මදි වගේ තමයි මට දැනුනේ

    ReplyDelete
    Replies
    1. අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නත් මේ පොස්ට් එක ගැන ඒ දේම තමයි.
      බලමු තව කි දෙනෙක් ඒ ඇත්ත කියයිද කියල නේද?
      ස්තුතියි සහෝදරී :)

      Delete
  2. "මිනිස්සු අතරේ වැඩිය කතා නොවෙන" (horata horata kathwena) පැත්තක ගැන පෝස්ටුවක්ම තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් වැඩිය කතා නොකරන දේවල් කතා කරන්න කාලය තමා මේ

      Delete
  3. ඔබේ දෙබස නම් විවාදිතයි. ඒත් කරම ගැන මා දරන මතය සමකය වටේ බ්ලොගයේ මා කර්ම තිරිගත කළ දාම ලියා තිබෙනවා.මෙතැනින් බලන්න කර්ම ගැන මගේ ආකල්පය
    මෙතැන තවත් ලිපි කිපයක් ම ඇති. මාරයා ගේ හෝරාවේ ත් හොඳ විචාරයක් ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබේ පොස්ටුව මම කලින් කියවා තිබෙනවා, ඒ වගේම අනිත් මේ සම්බන්ද ලිපිත්. බ්ලොග් අවකාශයේ ඕනේ තරම් කර්ම ගැන. අන්න ඒ නිසයි තව දුරටත් 'කර්ම' විචාරය කරන එක වෙනුවට ටිකක් වෙනස් ආරක අදහසක් කියන්න හිතුවේ. එහි සාර්ථක අසාර්ථක බව කියවන ඔබේ අතේ.
      ස්තුතියි සහෝදරයා :)

      Delete
  4. කර්ම තුළ නදී කොන්ඩමයක් භාවිත කරන්නට උත්සාහ කරන්නේ පසු කලෙක ඔහුට අමා හා බැඳීමක් (දරුවෙක්) ඇතිවේවි යන ආකල්පය මතයි.ඇය කොන්ඩමය ප්‍රතික්ෂේප කරන්නේ ඒ බැඳීම ඇති කරගන්නයි. එහෙත් අවසන කොන්ඩම් භාවිත වන්නේ නෑ. අමා ජය ගන්නවා. ඇයට දරු ගැබක් පිහිටනවා. පසුව නදී එය ගබ්සා කරවනවන්න උත්සාහ ගන්නවා.
    මෙතැන දී මට හැගෙන්නේ ලාංකීය කාන්තාව ගනිකාවක වුව තමා හා යහන් ගතවන පිරිමියා හා සිත් බැඳීමක් ඇතිවුව හොත් ඇය උත්සාහ කරන්නේ එය සාර්ථක බැඳීමක් දක්වා වර්ධනය කරගන්නයි. එහෙත් පිරිමියා උත්සාහ කරන්නේ ඇන්නා පැන්නා මුලධර්මයයි.

    ReplyDelete
    Replies
    1. හැමදේම විනාස කළ හැක්කේත්
      සියල්ල නැවත ගොඩ නැගිය හැක්කෙත්
      ගැහැණියකටම පමණි

      Delete
  5. හොඳ ප්‍රවේශයක්!!!

    ReplyDelete