Thursday, August 30, 2012

පැනයට පිළිතුර

දින ක් ඉරු දිනක්
මගේ පෙම පටන් ගත්
ය මගෙන් සුවාය පැනයක්
ඔබ මට කැමති වූයේ යි ?
කෙලෙස පිළිතුරු දෙම්ද ?
කුමක් පිළිතුරු ලෙස දෙම්ද ?
අසරණ වුණෙමි මම

ඇතොත් පැනයක්
විය යුතුය පිළිතුරක්
නමුදු පැනයට
පිළිතුර සොයාගත නොහී
මුනිවත ‍රැකිමි
මා ගොලු වුනෙමි

ඇය අභිමුවෙහි

එදින නිවසට අවුත්
නා - කා - බී දහවලට
ගියෙමි කාමරයට
වැදුනේ යහනට
සොයනු වස් පිළිතුර
ඇගේ පැනයට...!
වෙනදාට හඬ නඟන
දිය පාරත් නිහයි අද
යත් සොයනවා වගෙයි පිළිතුර

ගත්තෙමි පෑන - පොත අතට
ගලපන්නට වීමි පදවැල් මෙලෙස

යි මා යට කැමති ?
ඉරු දින පාසලේ
සිටියද කොතෙකුත් ගැහැණු ළමුන්
යි මගේ සිත
නතර වූය ම ?

අන් කිසිවකුටත් වඩා
නොපැකිලී, සමීපව
ය මා හා කථාකරයි
නිසාද මා යට කැමති ?
මිහිරි හවල්
සුන ද කොතෙකුත්
ඇගේ ස්වරය තරම්
මහද දැවටුණු
අන් ස්වරයක් නම් නැත
නිසාද මා යට කැමති ?

ඇගේ සිහින් වත
සිහින් උල් වූ නිකට
ප්‍රකට කරවයි
නැණවත් බවෙහි ලකුණු
නිසාද මා යට කැමති ?

සිහින් දෙතොල් ත්තන්ට
මා වඩා ප්‍රිය කරයි
යගේඑසේමයි
නිසාද මා යට කැමති ?

විටෙක ඇගේ මුවෙහි
නැගෙන මද සිනහව
මා මනස
සන්තර්පනය කරයි
නිසාද මා යට කැමති ?

ය පවසනවා
මම ඇය වගේ නොවෙයි ලු
නමුත්
ඇයි ඇය මං වගේ ?
නිසාද මා යට කැමති ?

මේ හැම
දෙයකටම වඩා
මගේ සිත් ගත්තේ
ඇගේ දෑසයි...!

සිහින් වූ නෙත යුගල
වාසනාවේ සංකේතයයි
තියුණු වූ නෙත් යුගල
නැණවත් බවේ සංකේතයයි
මේ ගුණ දෙකම ඇගේ දෑසට හිමියි

ඇය මා හා කථා කරන
හැම විටම
පළමුව මගේ නෙත ගැටෙන්නේ
ඇගේ දෑසයි
ඇය මා හා දොඩන විට
කෙලින්ම මගේ
දෑස දෙස බලයි
ඒ බැල්ම හමුවේ
ඇය මා වසඟ කර ගනී
නිහඬවම
කාටත් හොරෙන්

මා හදේ
පතුලේම ඇති
දෙයක් සොයන්නට
ඈ දරන වෑයම
මට
ඇගේ නෙතින් පෙනේ
එය එතරම්ම විවෘතයි
එ අවංකයි

ය මා දෙස බලන
හැම විටකම
මා අසරණ කරවන්නේ
වෙන කිසිවක් නොව
ඇගේ දෑසයි
යදණ්ඩක් සේ තදව
කා හටවත්
නොනැමෙන්නට සිතාගත්
ඒ අලුත් සිත
උණුව වැගිරෙන්නේ
ඇගේ දෑස
මා
අසරණ කරන නිසයි

මා හඬවන්නට
මා මුවෙහි මදහස නංවන්නට
මා වලකන්නට
මා පොළඹන්නට
මා උමතු කරන්නට
මා සුවකරන්නට
මා මරා දමන්නට
මා හට ජීවය දෙන්නට
ඈ සතු වස්තුව
ඇගේ දෑසයි

ඒ ගැන ගලපන්නට
තිවුනත් හැඟුම් කොතෙකුත්
වචන මදිය
පිටු මදිය
කොතරම් ලීවත් මදිය

මා ලොවේ දැක තිබූ
සුන්දරම දෑස
එය නොවුනත්
එය දෙවෙනි වන්නේ
මගේ මවගේ දෑසට පමණි
එතරම්ම ආදරයක්
ඇගේ දෑසින්
මම දකිමි

එනිසයි මා ඇයට කැමති
එනිසයි මා ඔබට කැමති

6 comments:

  1. Ale fau affa,
    Boot eke sure @the 11th hour..
    Keep up the good work
    So emotional u r..
    :D

    ReplyDelete
  2. 'වෙනදාට හඬ නඟන
    දිය පාරත් නිහඬයි අද
    එයත් සොයනවා වගෙයි පිළිතුර' මේ මම ආසම ටික..

    හරිම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, හොඳට කියවලා තියෙනවා වගෙයි :)

      Delete
  3. ම්ම්ම්.....රසවිඳින්න පුළුවන්.ඒත් පොඩි විවේචනයක් තියෙනවා.මට හිතෙනවා බොලඳ වැඩියි ද කියලත්.මේක ආදරයක් ගැනද ආකර්ශණයක් ගැනද මංදා..

    ReplyDelete
    Replies
    1. බොලඳ වැඩියි නෙවී සහෝ, මේක පට්ටම බොලඳයි. ඉස්කෝලෙ යන පොඩි එකා කලේ ලියපුවනෙ. ඒ කාලේ ඉතින් ම්ම්ම්ම්ම්ම් හෙහෙ කතා කරලා වැඩක් නැනේ. කෝම උනත් එකඟයි ඔබත් සමඟ.

      Delete