Saturday, October 6, 2012

දහම් ගඟ

දහම් ගඟ 
පොද වැස්සක් 
මහ වැස්සක් 
ගඟක් සයුරක් 
වෙලා ගලාගෙන යනවා 
ඒත්, 
නැණවත් කුලවත් 
ගුණවත් ධනවත් 
සියලු යස ඉසුරින් සපිරි 
අපිට 
ඒ මහ සයුරින් 
එකම එක 
දිය දෝතක් ගන්න පුලුවන්ද? 
ගත්තත් බලන් 
ඇඟිලි කරු අතරින් 
හැලී ගලායන හැටි

4 comments:

  1. හ්ම්ම්......

    ReplyDelete
  2. අපි කියන කරන හැමදේම ඔහොමම තමයි..ඉතිරි වෙන්නේ සිතුවිල්ල විතරයි...ඇගිලි අතරින් වතුර ගලාගියත් වතුර අතේ තිබ්බ සිතුවිල්ල නැති වෙන්නේ නෑ වගේමයි අපේ ජීවිතයත්.....කරන කියන හැමදේම මරණයෙන් කෙලවර වෙනවා..කරපු දේවල සිතුවිල්ල ඉතිරි වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. :) "ඇගිලි අතරින් වතුර ගලාගියත් වතුර අතේ තිබ්බ සිතුවිල්ල නැති වෙන්නේ නෑ" නියමයි

      Delete