Saturday, November 17, 2012

ලාංකීය සිනමා රසිකත්වය කොයිබටද?


පහුගිය දවසක පේරෙ පුරාම දූසමාන ආරංචියක් පැතිරුණා AT එකේ කර්ම පෙන්නනවයි කියල. ඔය අතරෙ පෝස්ටර් පාරකුත් ගියා ඔය වගේ කතාවකුත් එක්ක, හැබැයි එකේ තිබ්බෙ කර්ම පෙන්නනවා කියල නම් නෙවෙයි, සංකාරා බලන්න - කර්ම කතාකරන්න කියල. ආයෙ ඉතින් ප්‍රසන්න ජයකොඩිට පිස්සුවක් ඇතැයි තාමත් චිත්‍රපටි හෝල් වල දුවන කර්ම පිනට කැම්පස් එකේ උන්ට පෙන්නන්න. පෙන්නනවනම් මමත් එක පයින් යන්න තමයි හිටියෙ. දැන් ඉතිං කර්ම ගැන මොනාද කතා කරන්න තියෙන්නෙ? තවත් විචාරයක්ද? හෙහෙ මතක වෙද්දිත් කලින් දවසක හන්තානේ කතාව බලල කාපු පරිප්පුව මතක වුණා. එත් ඉතිං හැම එකම එක වගේ නෑනේ. ඒ හින්ද මේකටත් යන්න හිතාගත්ත. එත් ඉතිං ඔය එන මනුස්සයො කියන ඒවා තේරෙයිද අඩුගානේ කර්ම trailer එකක්වත් බලල නැති මට. චිත්‍රපටියක් බලල ඉන්න එපැයි ඒකෙ විචාරය තේරුම් ගන්න. ඔන්න ඒ හින්දම ඔය විචාරයට කලින් දවසක ගියා කර්ම බලන්න. හුටා හෝල් එක ලගට ගියාමයි දැක්කෙ මේක වැඩිහිටියන්ට පමණයි කියල. "උගත් බුද්ධිමත් වැඩිහිටි ඔබ වෙනුවෙන්" කියල කලින් පෝස්ටර් වල දැකල තිබ්බට මොකාටද තේරෙන්නෙ වැඩිහිටියන්ට පමණයි කියල. දැන් ඉතිං මොනා කරන්නද, අයෙ හැරිල එන්නැයි, විචාරෙ අහන්නත් එපැයි. ඒ හින්දම හිත හදාගෙන ජිවිතේ පළවෙනි වතාවට වැඩිහිටියන්ට පමණයි ලේබල් එකක් බලන්න හෝල් එකකට ගොඩවුනා. ODC ටිකට් එකකුත් අරං ගිහිං පිටිපස්සෙ ඉදන් පේලියක් දෙකක් ඇරලා වාඩිවුණා. ටිකකින් කර්ම පටන් ගත්ත. 


හරි දැන් ඔයාල හිතයි මං මේ කර්ම චිත්‍රපටියෙ කතාව කියල දායි කියල. නෑ මං කියන්න හදන්නෙ අපේ රටේ සිනමා රසිකත්වය යන්නෙ කොහාටද කියන්නයි. චිත්‍රපටිය දුවන අතර තුර වටේට කලුවරේම රබර් බකුසු ඇහැ දාපු මට පෙනුන චායාවල් වලින් තව තව චිත්‍රපටි පෙන්න පටන් ගත්ත. අපරාදෙ ඉස්සරහින් ඉඳගත්තෙ, පිටිපස්සෙම හිටියනම් වැඩි මහන්සියක් නැතුව ඔක්කොම බලාගන්න තිබ්බා. මට පෙනුන දේවල් මොනවද කියල කියන්න දෙයක් නෑනේ, දැන් කාලේ ඉන්න පොඩි එකෙක් උනත් දන්නවා. නිරුවත් වෙන එක විතරයි මයෙ හිතේ උන් නොකරන්නෙ. සිප ගැනීම්, වැලඳ ගැනීම් ගොඩයි. ODC එකේ ඔහොම නම් බැල්කනි එකේ කොහොම ඇත්ද? බැල්කනි එකේ එහෙමනම් අර box වල කොහොමට ඇත්ද?



ඔන්න ඔතනයි අපේ රටේ තරුණ පරපුරේ සිනමා රසිකත්වය තියෙන්නෙ. චිත්‍රපටය - චිත්‍රපට ශාලාව වර්තමානයේ තරුණ පරපුරට කම්සැප විදින්නට පහසුකම් සලසන තැනක් බවට පත් වෙලා. බොහෝ තරුණ තරුණියන්ගේ, කුමර - කුමරි බඹසර බිඳෙන තැනක් බවට පත් වෙලා. සෙනසුරාදා ඉරිදා හෝල් එකක් ලගට වෙලා බලන හිටියොත් වයස අවුරුදු 14-19 ජෝඩු පෝලිම් ගැහිල චිත්‍රපටි බලන්න යන හැටි දැකගන්න පුළුවන්, එයින් සමහරු හෝල් එක වටේ තියෙන ගස් - ගල් - පඳුරු වලට මුවා වෙලා වෙලාව එනකල් බලං ඉන්නෙ දහසක් ඇස් වලින් බේරෙන්න. ඔය තරුණ කෙල්ලො කොල්ලෝ යන්නේ චිත්‍රපටිය බලන්නද? චිත්‍රපටිය කොයි තරම් දෙකයි පනහේ එකක් වුනත්, සම්මාන ලබපු එකක් වුනත් අපේ තරුණ පරපුරට කමක් නැහැ. ඒ තරම් ආසයි චිත්‍රපටි බලන්න. එත් අන්තිමට බලපු චිත්‍රපටියක් නෑ, වෙන වෙන චිත්‍ර - පටි තමයි මතක.
 

චිත්‍රපට ශාලා අයිතිකරයොන්ටත් මොකද ඉතිං, ගාන හම්බෙනවනම් ඊට වඩා දෙයක් තියෙනවද? උනුත් කරන්නේ බිස්නස් එකක්නෙ. සමහර හෝල් දුවන්නෙම ඔය පහසුකම් සලසන්න විතරයි. කවුරුවත් නොබලන, බාල ෆිල්ම් එකක් පාඩු පිට දුවවනවට වඩා කීයක් හරි හම්බෙනවනම් ආයෙ ඊටත් වඩා දෙයක් තියෙනවද. සමහර හෝල් එක්කම යාබදව කාමර පහසුකම් ලබාදෙන තැන් තියෙන්නෙ හෝල් ඇතුලෙ ඉදං කරන්න බැරි වුන ටික කරලා ඉවර කරලම අත පිහදගෙන ජෝඩු වලට එන්න වෙන්න ඇති.
 
ඔන්න ඔතනයි අපේ රටේ සිනමා රසිකත්වය තියෙන්නෙ. ඔන්න ඔතනටයි අපේ රටේ සිනමා රසිකත්වය අරගෙන යන්නෙ.
 


කර්ම බලන්න ගිය මට බලන්න උනේ වෙන කරුමයක්. කර්ම ගැන ඔයාලට කියන්න ගිය මට කියන්න උනේ වෙන කරුමයක් ගැන. ඒ නිසා කර්ම ගැන වෙනත් ලිපියකින් කියන්නම්. මං කීව කිසිම දෙයක් අපි නොදන්න අලුත් දේවල් නෙවෙයි. නමුත් මේවා ගැන නිතර නිතර මතක් කරන එක කාටත් හොඳයි.

ප.ලි : කරුණු කාරණා කෙසේ වුනත් ලංකාවෙ තාමත් සිනමාව අගේ කරන, සිනමාවේ අගේ දන්න ඒ සිනමාව නිසි ලෙස රසවිඳින ජනතාවක් ඉන්නවා. ඒ අයට තුති.

7 comments:

  1. මේ ඉසව්වට ආවේ අදමයි ....දැන් දිගටම එන්නම්
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න
    කර්ම ගැන මගේ අදහස කියවන්න මෙතැනින්

    ReplyDelete
  2. mama kiwwa karma adults only kiala, ko ahuwe nane :P

    ReplyDelete
  3. ඇත්ත නේන්නං... සිනමා කර්මාන්තය කෙසේවෙතත් සිනමා ශාලා පවත්වගෙන යන්නෙ ඔය අඩුවයසෙ කපල් නිසා කියන එකනම් පිළිගන්න වෙනව. නියම පෝස්ට් එකක් අයියා.. මතක ඇතිව යාන්ත්‍රික සිතිවිල්ල කියවන්න ඕන හරී..

    ReplyDelete