Monday, September 24, 2012
මම ගියා දුර දිග වැඩී
කෙසෙල් වනයක අරටු සෙව්වෙමි
මෙතෙක් දුර ආ මග නිතී
රුදුරු කතරක සිසිල පැතුවෙමි
මිරිඟුවට දිය යයි සිතී
නියඟලා මල් කැකුල තුල ඇති
සොඳුරු බව අල තුල නැතී
මේ සියලු දෙය පසක් වන විට
මම ගියා දුර දිග වැඩී
Saturday, September 22, 2012
හැඩය වෙනස් කරන්න කලින් ටිකක් හිතල බලන්න.
සමහර වෙලාවට බ්ලොග් පෝස්ට් එකක් ලියනවා කියන්නේ හරිම අමාරු වැඩක් කියල තේරෙන්නෙ මේක කරන්න පටන් ගත්තාමයි. නිකං ඉන්න වෙලාවට හිතට ගලාගෙන එන දහසකුත් සිතුවිලි ඕනෙ වෙලාවට ඕනෙ විදියට ලියාගන්න බැරි වෙන එකත්, එක්තරා විදියකට නොහැකියාවක්. ඒ කොහොම වුනත් නිකං ඔහේ ලියන වචන සියගානකට වඩා වැඩක් ඇතුව ලියන වචන කීපයකින් ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. මේ ඔයාලට පුංචි පණිවිඩයක්.
අපේ ජිවිත නිකං මේ අල්ලක් වගේ.
අපේ වටේ ඉන්න අපේ ආදරණියයෝ අපේ යාලුවෝ,
නිකන් හරියට ඒ අල්ල උඩ රැඳිලා තියෙන වතුර ටිකක් වගේ.
එත්,
අපි අපේ ජීවිතේට නීති දාන්න දාන්න,
අපේ ජිවිත වල හැඩය වෙනස් කරන්න කරන්න
ඒක හරියට අපේ අල්ල අකුලනවා වගේ.
ඒ හැමදේම ඉවර වෙලා
අපි ආයෙත් වට පිට බලද්දී
අපේ ජිවිත වල සමීපයෝ කවුරුවත් අපිත් එක්ක නැහැ,
හරියට අල්ල දිග ඇරලා බලද්දී
වතුර ටික ගලාගෙන අහකට ගියා වගේ.
ඒ නිසා නීති දාගන්න කලින්,
ජිවිත වල හැඩය වෙනස් කරන්න කලින්
ටිකක් හිතල බලන්න.
Sunday, September 16, 2012
වරද - නිවරද - පසුතැවිල්ල
ටික දවසකින් පොස්ට් එකක් දැම්මෙත් නැති නිසා අපහු ලියන්නත් කම්මැලියි වගේ. ඒ නිසා draft ඒකෙ තිබ්බ එකක් ඔහේ පොස්ට් කරන්න හිතුව. මේක මං ඕනෙවට එපාවට ලියපු එකක්, ඇත්තටම මිට අවුරුදු ම්ම්ම්ම් 3 කට විතර කලින්, මම උසස් පෙල කරද්දි සාමාන්‍ය පොදු පරීක්ෂණය පේපර් එක වෙලාවේ ලියපු පොඩි බහුභුතයක්. ඒ කාලේ ඉතින් හරි ගොන් නේ. කෝම උනත් ඒ ලියපු කොලේ මං විභාගෙ මතක් වෙන්නත් එක්ක ලඟ තියාගත්තා.
Read more »
Wednesday, September 12, 2012
සුදු නෙළුම් මල
මඩෙහි ඉපිද
මඩ තලපව
අනුභව කර
කරවටක් කැත කුණු
දිය රෙද්දෙන් වසාගෙන
සිනා සපිරි
මුව මඩල විතරක්
ලෝකයටම පෙන්වන
"සුදු නෙළුම් මල"
Monday, September 10, 2012
ගැහැණු නොදත් පිරිමි පුරුදු
මේ කථාවේ හිමිකාරයා මං නෙවී, ඒ කවුද කියල මං දන්නෙත් නෑ. ඒත් මේක බ්ලොග් කරන්න හිතුවේ කවුරු හරි කෙනෙක් මේක දැක්කොත් එයාට ජිව්තෙට පාඩමක් වේවි කියල. බලන්න කෙනෙක්ට සිද්ධ වෙන පුංචි සිදුවීමක් එයාගේ ජිවිතේ වෙනස් කරන්න කොයි තරම් හේතු වෙනවද කියලා. අපි හැමෝගෙම ජිවිත වල මේ වගේ පුංචි කථා තියෙනවා. මේ ඒ දේවල් ආයෙ මතක් කරන්න කියන පුංචි එක නිමිත්තක්.
හැම ගැහැණියක්ම විශ්වාස කරන විදියට, පිරිමියෙක් එක්ක දිගු කල පවතින, ආදරණීය සම්බන්ධයක් පවත්වා ගන්න එක බොහොම පහසු දෙයක්. ඒත් ගෑණුන්ගේ හිත්වල ආදරේ ගැන තියෙන හැඟීම් ඒ අයුරින්ම තේරුම ගන්න මොනම පිරිමියෙකුටවත් බෑ.
අපි පුංචි උදාහරණයක් ගනිමු.
Read more »
Saturday, September 8, 2012
මට..... බෑ.....!
මොනව හරි ලියන්න කියල ඉඳගත්ත
මේ දැන් දවස් ගාණක ඉඳල හිතට වද දුන්න කථාවක්
ඒ වුණත් හිතුව තරම් ලේසියෙන් අදහස් ගලාගෙන ආවේ නැහැ
පෑන නලලෙත් තොල වලත් වැදි වැදී කල්පනා කරන්න ගත්ත
ම්.... කොහෙන්ද පටන් ගන්නේ
"කොහොම හරි පටන් ගනින්" ඇතුලෙන් කවුදෝ කීවා
මම එක පාරටම අඳුන ගත්ත ඒ 'මම' කියන විචාරකය කියල
එත් මම හිතුව
හැමදාම මොනව හරි ලියන්න ගන්නකොට කොහේ හරි ඉඳල හොට දාන විචාරකයාට අද නම් ඉඩ දෙන්න නරකයි කියල
ඔව්
විචාරකයාට මතු වෙන්න දීල බෑ
නිර්මාණකරුවයි මතු වෙන්න ඕනේ
විචාරකය පිටිපස්සෙන් ආපුදෙන්
'මම' කියන නිර්මාණකාරය - ඒත් මට හිතුන විචාරකයාමද කියල
Read more »
Friday, September 7, 2012
ගල් පහර
මේ කථාවේ හිමිකාරයා මං නෙවී, ඒ කවුද කියල මං දන්නෙත් නෑ. ඒත් මේක බ්ලොග් කරන්න හිතුවේ කවුරු හරි කෙනෙක් මේක දැක්කොත් එයාට ජිව්තෙට පාඩමක් වේවි කියල. බලන්න කෙනෙක්ට සිද්ධ වෙන පුංචි සිදුවීමක් එයාගේ ජිවිතේ වෙනස් කරන්න කොයි තරම් හේතු වෙනවද කියලා. අපි හැමෝගෙම ජිවිත වල මේ වගේ පුංචි කථා තියෙනවා. මේ ඒ දේවල් ආයෙ මතක් කරන්න කියන පුංචි එක නිමිත්තක්.
ජෝශ් කියන්නේ විධායක ශ්‍රේණියේ ඉහලටම ගිය සාර්ථක රාජ්‍ය සේවකයෙක්. මේ සිද්ධිය වුනේ ජෝශ්ගේ තරුණ කාලේදී, අවුරුදු 10 කට කලින්. අද වගේම එදත් ඔහු විධායක නිලධාරියෙක් විදියට හිටියේ. ඔහුට තිබුනේ දිලිසෙන කළු ජගුවර් රියක්. එක අරගෙන මාස 2 ක් විතර ඇති.
නවත්තල තියෙන කාර් අස්සෙන් ළමයි එහා මෙහා දුවනවා. ඒ වගේ පොඩි සලකුණක් තිබුනත්, ජෝශ් කාරෙකේ වේගය අඩු කලා. කිසිම කරදරයක් නැති බව පෙනුණු නිසා ජෝශ් කරය වේගයෙන් පදවන්න වුනා. එකවරටම ගඩොල් කැබැල්ලක් විසිවෙලා ඇවිත් ජෝශ්ගේ කාරෙකේ දිලිසෙන දොරේ වැදුනා.
Read more »
Thursday, September 6, 2012
රිදුණ හිත සනසවා ආදරෙන් සිපගන්න
ඔබේ ඔය
නෙතු සඟල
දැකගන්න ආයෙමත්
බලා හිඳිනා නෙතට
නොමැත
ඉස්පාසුවක්
මේ අඳුරු හෝරාව
ගෙවෙන්නට පෙරාතුව
එකම එක වරක් වත්
එනවාද
සුපෙම්වතිය
රිදුණ හිත සනසවා
ආදරෙන් සිපගන්න
Wednesday, September 5, 2012
ඇය
සැරින් සැරේ හිතට එබෙන පීඩාකාරී සිතුවිලි වල තේරුම
මටම පැහැදිලි කරගන්න බැරිව ඉන්න වෙලාවක
ඇයත් සමග කතාකරන්න
ඇගේ දෑස දිහා බලාගෙන ඉන්න තියෙන ඕනෑකම
මට තදින් දැනෙනවා
මගෙන් ගිලිහෙන එකම එක පුංචි දෙයකින්
සියල්ලම තේරුම් අරගෙන
ඒ පීඩාකාරී සිතුවිලි මගෙන් ඈත් කරන්නෙ
ඇය හරියට
නොගැලපෙන තැනක වැඩුණු දිය සෙවෙලයක් ගලවා දමන්නා වගේ පහසුවට
ඇතැම් විට ඇය ඒ දේ කරන්නේ ඇයද නොදැනුවත්වම
එහෙම වෙලාවක
ඔසුවකට භාවනාවකට වඩා
මට ඇගේ ඇසුර වටිනවා
මේ තරම් අපූරුවට මාව කියවන්න ඔබ ඉගෙන ගත්‍තේ
කොහෙන්ද? කොහොමද?
Sunday, September 2, 2012
ඈ ලියූ කව
මේක මම ලියපු එකක් නම් නෙවෙයි. එක්තරා කාලෙකදී මගේ ජීවිතේට ලං වුන කෙනෙක් මං වෙනුවෙන් ලියූ එකක්. මේ ලඟදි පරණ පොතක් පෙරලද්දී හම්බවුනේ. එක එක කාලේදී එක එක අය අපේ ජිවිත වලට ඇවිත් යනවා. ඒවත් එක්ක අපේ ජිවිතත් සමහර තැන් වලදී වෙනස් වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ සුන්දර හෝ අසුන්දර මතකයන් විතරයි. කරන්න දෙයක් නෑ, ජිවිතේ හැටි ඔහොම තමයි. මොනවා උනත් ජිවත් වෙන්න,
තමන් වෙනුවෙන්
.
Read more »
Saturday, September 1, 2012
මට නම් අවුරුදු නෑ කෙල්ලේ
අවුරුදු ඇවිදින් අවුරුදු ඇවිදින්
කොහා කියනවා කොහෝ කියා
ඔබ ළඟ නැති කළ මට නම් පැනයකි
අවුරුදු ඇත්තේ කොහේ කියා
එරබදු ගස්වල රතු මල් පිපිලා
ගස් යට මල් පාවඩ හැදිලා
ඒ මල් පලසේ මල් අහුලනු බෑ
ඔබයි මමයි දෙතැනක රැඳිලා
ගැමි කෙලි සෙල්ලම් කලඑලි බැහැලා
තැන තැන අවුරුදු ඔන්චිල්ලේ
මට ඒ කිසිවක මිහිරක් නොදැනේ
මට නම් අවුරුදු නෑ කෙල්ලේ
එන්න; සැඟවී උන්නා ඇති
රිදුණ හිත ළ
ඟ
පෙම් බැන්ද
රෝස කුමාරී
කොහි ගියේ
ද ?
සුදු වළාපෙලේ
සැ
ඟ
වුනිද ?
තුරු වැල් අතරේ
සැ
ඟ
වුනිද ?
දැන් ඉතින්
එ
න්න
සැ
ඟ
වී උන්නා
ඇ
ති
ම
ඳ
සුළ
ඟේ
දැවටී
එ
න්න
පෙම් පණිවුඩයක් රැ
ගෙන
පෙළගැස්ම
කල්පනා ලො
ව මල් වනේ
මලක් ළඟදී බඹරු හැඬුවා
අම්බරේ දිලි දිලී
සුළං කුරුල්ලන්ගේ
සැනසුම් සුසුමන් පාවී යන
හන්තානේ කඳු මුදුන සිසාරා
දේදුන්නෙන් එන සමනලුනේ
පවනට සැලෙනා
පොකුරු පොකුරු තරු නිවී යන්නට පෙර
එන්න මගේ ප්‍රිය මිතුරෝ
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)