Saturday, September 1, 2012

පෙළගැස්ම


කල්පනා ලොව මල් වනේ
මලක් ළඟදී බඹරු හැඬුවා
අම්බරේ දිලි දිලී
සුළං කුරුල්ලන්ගේ
සැනසුම් සුසුමන් පාවී යන
හන්තානේ කඳු මුදුන සිසාරා
දේදුන්නෙන් එන සමනලුනේ
පවනට සැලෙනා
පොකුරු පොකුරු තරු නිවී යන්නට පෙර
එන්න මගේ ප්‍රිය මිතුරෝ

උදුම්බරා - ලඳුනේ
ඔබද මා විය
එනමුදු,
ඔබ ඔබමයි
මා ඔබ නොව - ඔබ මා නොව
දුහුවිල්ලෙන් සැදුනු ලියේ
කෙදිනක හෝ
හඳුනාගත්තොත් ඔබ මා


මානසවිල කලඹවා
අන්ගාරා ගඟෙන් උපන්
මා ප්‍රාර්ථනා ආශාවෝ
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ
සැපත සොයා
වසන්තයේ දවසක
අරුණලු උදයේ - දිලිසෙන පිණි මත
පියමං කරමින්
ඉරා අඳුරු පට - පෙරදිග අහසේ
අහස් ගව්වටයි ලං වන්නේ
ඉතින් දැන්වත්
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න


මිනිසා, මරණ තුනක් ඇති,
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
සංසාර ගමනේ
අඳුරු කුටිය තුල දොරගුලු ලාගෙන
තණ්හා ආශා
ඔලොගු කදේ ලා
කවදා
පිරිණිවන් මංගල්‍යය දකින්නද?


සිංහල සංගීතයේ සොඳුරු ගාන්ධර්වයා, කලා කීර්ති ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අතින් නිමවුණු සුවහසක් නිර්මාණ අතරින් අතලොස්සක සොඳුරු අර්ථාන්විත පෙළගැස්මකි.

2 comments: