Monday, September 10, 2012

ගැහැණු නොදත් පිරිමි පුරුදු


මේ  කථාවේ හිමිකාරයා මං නෙවී, ඒ කවුද කියල මං දන්නෙත් නෑ. ඒත් මේක බ්ලොග් කරන්න හිතුවේ කවුරු හරි කෙනෙක් මේක දැක්කොත් එයාට ජිව්තෙට පාඩමක් වේවි කියල. බලන්න කෙනෙක්ට සිද්ධ වෙන පුංචි සිදුවීමක් එයාගේ ජිවිතේ වෙනස් කරන්න කොයි තරම් හේතු වෙනවද කියලා. අපි හැමෝගෙම ජිවිත වල මේ වගේ පුංචි කථා තියෙනවා. මේ ඒ දේවල් ආයෙ මතක් කරන්න කියන පුංචි එක නිමිත්තක්.

හැම ගැහැණියක්ම විශ්වාස කරන විදියට, පිරිමියෙක් එක්ක දිගු කල පවතින, ආදරණීය සම්බන්ධයක් පවත්වා ගන්න එක බොහොම පහසු දෙයක්. ඒත් ගෑණුන්ගේ හිත්වල ආදරේ ගැන තියෙන හැඟීම් ඒ අයුරින්ම තේරුම ගන්න මොනම පිරිමියෙකුටවත් බෑ.

අපි පුංචි උදාහරණයක්‌ ගනිමු.

අලුතින් එකිනෙක හා හිතවත්කම් ඇති කරගත් තරුණයෙක් හා තරුණියක් (රොජර් හා එලීනා) චිත්‍රපටයක් නරඹනවා. දවස් කීපයකට පස්සේ ඔවුන් රාත්‍රී භෝජනයකට යනවා. කතාකරමින් තොරතුරු විමසමින් ඔවුන් තම තමන් ගැන වැඩ හොදින් දැන ගන්නවා. ඔවුන් දිනපතාම මුණගැහෙන්න පටන් ගන්නවා. වෙනත් මිතුරු ඇසුරකට වඩා ඔවුනොවුන් සමඟ පමණක් කල් ගත කිරීම ඔවුනට නොදැනුවත්වම සිදුවෙනවා.

එක දවසක සවස් වරුවේ රොජර් එලීනාව ඔහුගේ මෝටර් රථයේ නංවාගෙන යනවා. ඒ සවස් වරුවේ එලීනා රොජර්  ඉහ බලාගෙන හිටියේ කතා කරන්නේ මොනවද කියා තෝරන ගමන් වගේ. අන්තිමේදී ඈ කියන්නට යමක් තෝරාගත්තා.

"ඔයා දන්නවද අපි දෙන්න ආශ්‍රය කරන්න පටන් අරන් හරියටම මාසයක් වෙනවා"

රොජර් උත්තර දෙන්න පමා වෙනවත් එක්කම වාහනේ ඇතුලේ අමුතුම නිශ්ශබ්දතාවයකින් පිරුණා. මේ නිශ්ශබ්දතාවය එලීනාට බොහොම තදින් දැනෙන්නට පටන් ගන්නවා. ඇය ඒ ගැන තමන්ම උත්තර හොයනවා.

"අයියෝ මං මෝඩ ප්‍රශ්නයක් ඇහුවේ. මං ඒක අහපු එකෙන් රොජර්ගේ හිත වෙනස් වුන. එය හිතනවා ඇති මං අපේ මිත්‍රත්වය ප්‍රේම සම්බන්දයක් දක්වා දුර දිග යවන්න හදනවා කියල. මමත් කරපු මෝඩ වැඩක්" එලීනා එහෙම හිතනකොට;

රොජර් මෙහෙම හිතනවා;
"අම්මෝ මස හයක වුනාද?"


එතකොට එලීනා හිතනවා;
" ඇත්තටම මං රෝජර්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මට තම ඒ ගැන පැහැදිලි අවබෝධයක් නෑ. අපි බැන්දොත් හොඳයිද? මගේ දරුවන්ගේ තාත්ත රොජර් වෙන්න ඕනෙද? ජීවිතාන්තය දක්වාම එකට ඉන්න තරම් රොජර් මට ගැලපෙන සහකරුවෙක්ද? ඒත් ඒ තරම් දුර යන්න තරම් අපි අපි ගැන දන්නවද?"

එතකොට රොජර් හිතනවා;
"ම්.. මාස හයක් කියන්නේ.. හරි මං කාර් ඒක සර්විස් කරපු දවස්වල.. ෂිහ් ආයෙත් සර්විස් එකක් ඇති ළඟ නේද. තෙල් මාරු කරන්නත් ඕන. දැනටමත් හොදටම පහු වෙලා. එලීනාව බස්සලා සර්විස් ස්ටේෂන් එකට ගියොත්, හොදටම වෙලා යයි"

මේ අතරට එලීනා හිතනවා,
"මං කියපු දේ අහපු එකෙන් රොජර් හොඳටම අප්සට් ගියා. ඒක මුනෙම් පේනවා. මං රොජර් ගැන වැරදියට හිතනවද දන්නෙත් නෑ. එයට තව ආදරේ ඕන ඇති. මං එයා වෙනුවෙන් කිසිම කැප කිරීමක් කරලා නෑ. ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්. මං එයට තවත් සමීප වෙන්න ඕන. එයා හිතනවා ඇති මං එයට සමීප නෑ කියල."

රොජර් හිතනවා,
"දැන් සර්විස් ස්ටේෂන් එකේ කට්ටිය මීටරේ බලලා මට කෑ ගහයි, වෙලාවට සර්විස් කලේ නෑ කියල. ඒත් දැන් අදත් යන්න වෙන්නේ නැති වෙයි. හවස කෑම කන්නයයි, චිත්‍රපටි බලන්නයි කීයක් වියදම් උනාද. ඩොනල්ඩ් ගෙන වත් කීයක් හරි ඉල්ලගෙන මේක ඉවරයක්‌ කරන්න ඕනේ. නැත්නම් මේ වාහනේ තවත් සවුත්තු වෙන එකයි වෙන්නේ. වාහන නඩත්තුවත් ලේසි නෑ. වෙලාවට හැමදේම කරන්න ඕනේ"

එලීනා හිතනවා,
"රෝජර්ට තරහ ගිහින්. එයාගේ පැත්තෙන් එයා හරි. මං වුනත් ඔය ප්‍රශ්නෙදි තරහ ගන්න තිබුන. මං හරි වැරදි වඩක් කලේ. මං තමි රෝජර්ව මේ මෝඩ ප්‍රශ්නෙට ඇදල දැම්මේ. ඒත් ඉතින් මං හිතේ තියෙන දේ ඇහුවනේ, මට විශ්වාසයක් නෑ. හිටපු ගමන් රොජර් යන්න ගියොත්, මට මොකද වෙන්නේ?"

රොජර් හිතනවා,
"ඔව් අද කොහොම හරි සර්විස් ඒක කරගන්නවා.."

එලීනා හිතනවා,
"සුදු අශ්වයෙක් පිට නැඟුණ කුමාරයෙක් මව බලන්න එයිද? රොජර් ඒ අතින් කොච්චර හොඳ කෙනෙක්ද. මමත් ඉස්කෝලේ ළමයෙක් වගේ මෝඩ කතාවක් කියල රෝජර්ව නැති කරගත්තද කියල මට හිතෙනවා."

රොජර් හිතනවා,
"වාහනේ ගැන අනවශ්‍ය ප්‍රශ්න අහන්න සර්විස් සෙන්ටර් එකේ අයට අයිතියක නැනේ. එතැනදී මොනවා හරි කරගන්නවා."


"රොජර්.." එලීන තරමක් ශබ්දයෙන් කියනවා.
"ඇයි..?" රොජර්ගේ මුඋනේ ප්‍රශ්නාර්ථයක්.
"මං මහා මෝඩියෙක්.. මං දන්නවා සුදු අශ්වයෙක් පිට කුමාරයෙක් මාව බලන්න එන්නේ නෑ.."
"සුදු අශ්වයෙක්? කුමාරයෙක්?"
"ඔය හිතන්නේ මං මෝඩියෙක් කියල නේද?"
"නෑ.."
"මං කිවේ මට ටිකක් කල් දෙන්න"

මිනිත්තුවකට විතර පස්සේ එලීනා ගේ හිත හැදෙන උත්තරයක්‌ රෝජර්ගේ කටින් පිට වෙනවා..
"ඔව් මට තේරෙනවා.."
එලීනා බොහොම සතුටට පත් වෙලා රොජර් ඉන්න පැත්ත හැරෙනවා
"ඇත්තමද ඔය..?"
"ඔව්.."
"මට සන්තෝෂයි ගොඩක්"
"සතුටින් ඉන්න"

ඒ රැ පුරාම එලීනා හිතුවේ රොජර් ගැන. ඔහුත් සමඟ අනාගත ලෝකය ගැන හීන මැව්වා.

වාහනය සර්විස් කරගත් රොජර් ගෙදර ආ හැටියේම නින්දට වැටුනේ රැ බෝවී හෝ වැඩය නිම කරගැනීමට හැකිවීම ගැන සතුටින්.







පහුවදා උදේම එලීනා තමන්ගේ හොඳම මිතුරියට දුරකථන ඇමතුමක් දුන්න. රොජර් ගැන හිතේ තියෙන හැම දෙයක්ම කීවා. තම මිතුරියට සිය සිතුම් පැතුම් පැවසීමෙන් ඈ රොජර් ගැන කතා කිරීමේ සතුට වගේම සිතිවිලි නිදහස්‌ කර ගැනීමේ සතුටද එකසේ අත්වින්දා.

පහුවෙනි දවස රෝජර්ට එලීනා ගැන විශේෂ මතකයක් ඇති වෙන්නේ නෑ. ප්‍රේමය, පෙම්වතිය හෝ බිරිඳ ඔහුට එක්  මාතෘකාවක් පමණයි.

ගැහැණුන් හා පිරිමින් වෙනස් වෙන්නේ සිතුම් පැතුම් වලින් පමණක් නොවෙයි. ඔවුන් හැසිරෙන ආකාරය සම්පුර්ණයෙන්ම වෙනස්. ඔවුන්ගේ සිතුම් පැතුම්, අවශ්‍යතා වෙනස්. සමාජ සංවේදන සහ ලිංගික අවශ්‍යතා පවා පිරිමින්ට දැනෙන්නේ වෙනස්ම විදිහකට.
පිරිමින් ප්‍රශ්න වලට පිළිතුරු සොයයි. ගැහැනුන්ට අවශ්‍ය වන්නේ ආදරය හා ආරක්ෂාව වැනි දෙවල් යොදාගෙන ප්‍රශ්නවලිනේ ගැලවිමටයි. පිරිමින් තොරතුරු හා දත්ත මත ගැටළු නිරාකරණය කරද්දී, ගැහැණු බොහෝවිට උපකල්පනය කරයි. තමාම මවාගත් ආකාරයකට පිළිතුරු සොයන්නට උත්සහ දරයි.

ගැහැණුන් බොහෝ විට ඇත්තට මුහුණ දෙන්නට බිය වෙයි. ගැහැණන් සිතන්නේ තමන්ගේ පෙම්වතා, සැමියා හෝ සහකරුවා තමන්ගේ සම්බන්දතාවය ගැන සිතීමට අමතර කාලයක් වෙන් කළ යුතු බවයි. පිරිමින් සිය සහකාරිය ගැන සිතනමුත් එ බව නිතර කතා නොකරයි. නමුත් ගැහැණිය පිරිමියා තම ගැන අඩුවෙන් සිතන බව සිත දුක වෙයි. ඔහු තම පිළිබඳව අඩු සැලකිල්ලක් දක්වන බව උපකල්පනය කරමින් තැවෙයි.

 
මෙතැනදී කාන්තාවන්ට හොඳ පාඩමක් ඉගෙනගන්නට තිබෙනවා. ඔබ පිරිමියෙකුට
ප්‍රේම කරනවා නම්, පිරිමියෙකු ගැන උනන්දුවෙන් පසු වෙනවනම් එ බව ඔහුට පැවසීමෙන් වලකින්න. එ බව ඔහුගේ මොලයේ සංවේදන වලට දැනෙන්න හරින්න. ඔහුට සමීප වන්න, උදවු කරන්න, කැපවීම් කරන්න, ඔබගේ ආදරය ඔහුට දැනෙන්න හරින්න, ඔහුගේ කරදර ප්‍රශ්න වලදී ඔහුගේ පැත්ත ගන්න, ඔහුව නිර්ලෝභීව අගය කරන්න. නමුත් ප්‍රේමය ප්‍රකාශ කිරීමත් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීම හා එ ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමත් ඔවුනට තරමක වදයක්. පිරිමින් නිදහස, සැහැල්ලු බව, වගකීම් වලින් තොර ජීවිතය ප්‍රිය කරනවා.



"ඔයා දන්නවද, අපි අවුරුදු පනස් තුනක් එකට ජිවත් වුනා."

තල්ලු කිරීමක්, පිඩනයකින් තොරව ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැනීමට පිරිමින් විශේෂ කැමැත්තක් දක්වනවා. තමන් බන්දන බැමි හා වගකීම් වෙත තල්ලු කරන කාන්තාවන්ට වඩා තමන්ව නිදහසේ ඇසුරු කරමින්, තමන්ට රිසි පරිදි, රිසි යමක කරන්නට ඉඩ සලසන කාන්තාවට ඔවුන් ප්‍රිය කරනවා. නීති රීති දමමින් තමාව සිර කරන්නට හදන කාන්තාවකට වඩා තමන්ට නිදහස දෙන කාන්තාවක් ඉදිරියේ පිරිමින් බොහෝ සේ විවෘත වෙනවා. ඇඟට පතට නොදැනී සම්බන්ධය ගලා යාම ඔවුනට සතුටක්. එවැනි සම්බන්ධතාවලට ඔවුන් ප්‍රිය කරනවා.

ඉතින්; ඔබේ පෙම්වතාට, සැමියාට රිසි සේ නිදහස භුක්ති විඳින්නට දෙන්න. ඔහුගේ විශේෂතා අගයමින් ඔහු සමඟ රැඳෙන්න. ඔවුන්ගේ මොලය තුලට කතා කරන්න. හැඟීම්වලට නිතැතින් ඉපදෙන්නට හරින්න. ඔහුගේ සීතේ ඔබ වෙනුවෙන් විශේෂ ඉඩක් වෙන් වේවි. ඔහු මිතුරන් සමඟ ඔබ ගැන කියාවි. ඔබත් සමඟ ජිවත් වීම, ඔබත් සමඟ ජීවිතය බෙදා ගැනීම ඔහුට සතුටක් වේවි. ඔබ නැතුව බැරි වේවි.


13 comments:

  1. අගය කරනවා. හොඳ ලියමනක් මේ :)

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියාට බෝම තුති, ඒත් අගය මට නම් නොවේ මේ ලිපියේ නියම හිමිකරුට. මං කලේ ටයිප් කල එක විතරයිනේ

      Delete
  2. හොඳ ලිපියක්!! ජය

    ReplyDelete
  3. Mekanm daapu 1 watinawa mchn...
    Siraa kataawak....

    ReplyDelete
  4. මම කැමතියි මේ ලිපියට.
    :)
    ජය!

    ReplyDelete
    Replies
    1. හෙ හෙ මේවා හොඳට හිතන්න වෙයි ඉස්සරහට. තැන්ක්ස් හිමා

      Delete
  5. hmm......honda lipiyak.kollo maha puduma jaathiyakne....dan hithenawa maath kellek nowee kollek unaa nm kiyala....

    ReplyDelete
    Replies
    1. ලේසි නෑ, වෙලාම බලන්ට.. ලොල්

      Delete
    2. meeke kiyana widiyata kollonta kisima hithak papuawk nethi gaanata inna puluwan.eekai ehema qwe.

      Delete