Saturday, September 22, 2012

හැඩය වෙනස් කරන්න කලින් ටිකක් හිතල බලන්න.

සමහර  වෙලාවට බ්ලොග් පෝස්ට් එකක් ලියනවා කියන්නේ හරිම අමාරු වැඩක් කියල තේරෙන්නෙ මේක කරන්න පටන් ගත්තාමයි. නිකං ඉන්න වෙලාවට හිතට ගලාගෙන එන දහසකුත් සිතුවිලි ඕනෙ වෙලාවට ඕනෙ විදියට ලියාගන්න බැරි වෙන එකත්, එක්තරා විදියකට නොහැකියාවක්. ඒ කොහොම වුනත් නිකං ඔහේ ලියන වචන සියගානකට වඩා වැඩක් ඇතුව ලියන වචන කීපයකින් ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. මේ ඔයාලට පුංචි පණිවිඩයක්.

අපේ ජිවිත නිකං මේ අල්ලක් වගේ.
අපේ වටේ ඉන්න අපේ ආදරණියයෝ අපේ යාලුවෝ,
නිකන් හරියට ඒ අල්ල උඩ රැඳිලා තියෙන වතුර ටිකක් වගේ.
එත්, 
අපි අපේ ජීවිතේට නීති දාන්න දාන්න, 
අපේ ජිවිත වල හැඩය වෙනස් කරන්න කරන්න 
ඒක හරියට අපේ අල්ල අකුලනවා වගේ. 
ඒ හැමදේම ඉවර වෙලා 
අපි ආයෙත් වට පිට බලද්දී 
අපේ ජිවිත වල සමීපයෝ කවුරුවත් අපිත් එක්ක නැහැ, 
හරියට අල්ල දිග ඇරලා බලද්දී 
වතුර ටික ගලාගෙන අහකට ගියා වගේ. 
ඒ නිසා නීති දාගන්න කලින්, 
ජිවිත වල හැඩය වෙනස් කරන්න කලින් 
ටිකක් හිතල බලන්න.

10 comments:

  1. එකඟයි සියයට සියයක්ම

    ReplyDelete
  2. හ්ම්ම්..ඔබ හරි.

    ReplyDelete
  3. අපේ ජිවිත අපිට විතරක්ම අයිති නැ
    අපි අවට ඉන්න අපේ සමිපතමයන්ටත් එය බලපනවා
    කතාව ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තීරණයක්‌ ගන්න කලින් ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. සතුටුයි ආවට :)

      Delete