Monday, September 24, 2012

මම ගියා දුර දිග වැඩී

කෙසෙල් වනයක අරටු සෙව්වෙමි
මෙතෙක් දුර ආ මග නිතී
රුදුරු කතරක සිසිල පැතුවෙමි
මිරිඟුවට දිය යයි සිතී
නියඟලා මල් කැකුල තුල ඇති

සොඳුරු බව අල තුල නැතී
මේ සියලු දෙය පසක් වන විට
මම ගියා දුර දිග වැඩී

10 comments:

  1. පුංචි උනත් සුපිරි කවියක්....
    අකුරු ටිකක් ලොකු කලොත් නරකද මචං

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් තැන්ක්ස්, මටත් හිතුන බලමුකො නේද?

      Delete
  2. ලස්සන කවිය මචෝ..බොක්කටම වදිනවා... නියමයි...

    ReplyDelete
  3. ම්ම්...
    "මේ සියලු දෙය පසක් වන විට
    මම ගියා දුර දිග වැඩී"
    අර්ථවත් පද හතරක්.. ලොකු කතාවක් හංගලා තියනවා මේ පද ඇතුලේ..
    ජය වේවා..!!

    දුර වැඩි වුනත් හැරෙන්නට යලි
    ඔබට අපමණ කල් ඇති
    වැරදුනි නම් කලින් ගිය මඟ
    නව මඟ යමු සතුටිනි...

    ReplyDelete
    Replies
    1. ආයෙ හැරෙනව නම් බොරු සහෝදරී, අලුත් පාරක යනව මිසක්. ඒ හින්ද "නව මඟ යමු සතුටිනි..."

      Delete
  4. මම ගියා දුර දිග වැඩී

    ReplyDelete