Sunday, September 2, 2012

ඈ ලියූ කව



මේක  මම ලියපු එකක් නම් නෙවෙයි. එක්තරා කාලෙකදී මගේ ජීවිතේට ලං වුන කෙනෙක් මං වෙනුවෙන් ලියූ එකක්. මේ ලඟදි පරණ පොතක් පෙරලද්දී හම්බවුනේ. එක එක කාලේදී එක එක අය අපේ ජිවිත වලට ඇවිත් යනවා. ඒවත් එක්ක අපේ ජිවිතත් සමහර තැන් වලදී වෙනස් වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ සුන්දර හෝ අසුන්දර මතකයන් විතරයි. කරන්න දෙයක් නෑ, ජිවිතේ හැටි ඔහොම තමයි. මොනවා උනත් ජිවත් වෙන්න, තමන් වෙනුවෙන්.

අඳුර අඬා මා පසුපස වෙන්කර එළියෙන්
කතර මැදක පඳුරක් ලෙස තනිව මා ලොවෙන්
නහර පුරා දිවයද්දි දුක මා දවමින්
ප්‍රියේ ඔබ ලදිමි මා පෙර කල පිනෙන්

පෙමක තරම මනිනු කෙලස ඔබේ නමින් උපන්
ඔබත් මෙමට එතරම් යැයි දනිමි මම හොඳින්
අතැර ගියත් රැගෙන අරුත් ඔබ වැරදි ලෙසින
ඔබට පමණි විවර හදේ දොර කවුලු පියන්

නෙතු පෙඟවෙන කඳුලු කොපුල්  සිප ඇත දහසින්
රිදුණු සිතක තැවුලක දුක විඳ ඇතිමි හොඳින්
ඔබ රිදවනු සිතා සිතා කවදා කෙලෙසින්
කඳුලු තැවුල් ඔබට නොදෙමි දිවුරමි දෙනෙතින්


රිදුම් කුමන ලදත් මොනම විලසින් ඔබගෙන්
හැඬුම් එනතරම්ම වුවත් තියුණු වදනකින්
උතුම් පෙමක හැඩතල මෙ පෙමටද මුහුකරන්
දරමි සදා නොදැනෙන්නට ඔබට කිසි ලෙසින්

අපේ පෙමට අහිතක් විය හැකි කුමන ලෙසින්
ඔබේ සිත රිදෙන බැඳුමන් අතැර ගත සිතින්
ඔබත් මා සිනා නොවුනත් තරහ නැති සිතින්
සදා පෙම් කරමි හිතවත මම එකම සිතින්

ජීවිතයම ඔබේ නමට ලියුවෙමි තුටින්
සැනසෙන්නෙමි දිවිතුරාම ඔබේ ආදරෙන්
ඔබත් ආදරෙයි නම් රත්තරනේ පණමෙන්
මියෙන තුරා ජීවත් වෙමි මම ඔබේ නමින්

15 comments:

  1. Touching...
    Sinks deep in to the heart

    ReplyDelete
    Replies
    1. yh thanks reji, btw told ya, i did only the typing part :P credit goes to her, who wrote dis ;)

      Delete
  2. අන්න ඒකනේ මං කවුරුත් ලං කර ගත්තේ නැත්තේ තාම.. ලංකර ගන්න ආසයි ඒත් ලේනවානේ මේවා කියවලුවහම බෑ..............

    ReplyDelete
    Replies
    1. හෙහෙ එකනම් ඇත්ත සහෝදරයා, තනිකම සැපයි, වගකීමෙන් කියන්නේ.

      Delete
  3. ආ.... කියන්න බැරි උනා නියම කවි ටික.ජය !

    ReplyDelete
  4. ලස්සනයි කවි ටික සහෝ..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ආ.. බෝම තුති සහෝදරිය.. ආයෙත් වෙලාවක ඇවිත් යන්න:)

      Delete
  5. ඇන්තිමට අපිට ඉතුරු වෙන්නෙ අපි විතරයි මල්ලියේ :(

    ReplyDelete
    Replies
    1. අපිට අපිවත් නැති වෙන වෙලාවලුත් තියෙනවා නේ?

      Delete
  6. ay oyaa meyaawa ath eriye.......???lassana kawi tika.

    ReplyDelete
    Replies
    1. හා හා ඒවා රහස්, ඒවා කියන්නෑ :P

      Delete
    2. pau a unaata.
      අතැර ගියත් රැගෙන අරුත් ඔබ වැරදි ලෙසින
      ඔබට පමණි විවර හදේ දොර කවුලු පියන්

      රිදුම් කුමන ලදත් මොනම විලසින් ඔබගෙන්
      හැඬුම් එනතරම්ම වුවත් තියුණු වදනකින්
      උතුම් පෙමක හැඩතල මෙ පෙමටද මුහුකරන්
      දරමි සදා නොදැනෙන්නට ඔබට කිසි ලෙසින්
      mee tikata mn maara aasayi.mage love 1 maawa daala gihin aurudu 2i maasa2i dawas4k wenawa.eeth mn a newathuna thena thaamath ehemamai....... :-(
      kollo medicine giyaama wenas wenawa.

      Delete